Thursday, November 22, 2012

මම මගේ ලොව හැමදා තනිවෙනවා

නුඹ නිසා වැටෙනා කඳුලැලි පසා
හදවත තවමත් රිදවනවා
ඔය නෙතු තුල මා දැහැනේ වැදිලා
හිත නිතරතුරු තව විමසනවා

සිල් සුවඳ හමනා මුදු පෙම් සිහිලේ
මම තාමත් සැඟවි නැලවෙනවා
ඔය නෙතු අමතක වෙනතෙක් හදවත  

නිතරුවම තව විමසනවා
නොපිරු පෙරුමන් නොපැතු පැතුමන්
තවමත් මතකය දළුලනවා
ඒ සිනා ලඟ නුඹ හිනැහෙයිනම්
මම මගේ ලොව හැමදා තනිවෙනවා

අපි හමුවුවත් යලි වෙන්වුවත්




හිතුවිලි සිරවි නෙත් දෙක බොඳවි හදවත වැලපෙනවා
ඇසිපිය නොහෙලා දෙවසන් සිරකර සිතුවම් බොඳ වෙනවා
අදහගන්නත් නොහැකිය තව මට හදවත රිදවෙනවා
පෙම් කල හදකින් දුක් උහුලන විට මැරි මරි ඉපැදෙනවා

පෙම්බර වදනින් මා සිපගත් හැටි තව තව මතකේ ඇතේ

මල් හසරැල්ලෙන් රැදි සැනසිල්ලෙන් තව පෙම් සිසිල දැනේ
හිත ගොළු වුවත් හද හැඩවුවත් නුඹ තව දුරස් නොවේ
මා පෙම් කෙරුවත් නුඹ පෙම් කෙරුවත් නුඹ මට අයිති නොවේ


සමුගනු කෙලෙසද පෙම් කරතරමට මට මං අයිති නැතේ

ගොළුවනු කෙලෙසද දොඩමළු වුවෙන් දෙසවනේ රැඳි නැතේ
මගේ පෙම නොවුවත් අන්සතු වුවත් ඔය නෙතු මතකේ ඇතේ
අපි හමුවුවත් යලි වෙන්වුවත් පෙම් හිත මට අයිති නැතේ