Sunday, August 19, 2012

නොකියු පෙම නුඹ

රෝස මල් පෙති මත ඉහිරුන
සුමුදු සුසිනිඳු සුවඳ
තවම සිත කිතිකවනවා ලඟ....

නොලියමින් ලතැවෙන දහක් පදවැල් අතර
හිතට ඉඟිබිගිපාන
දහසකුත් සිතුවිලි
තවම දඟ කරනවා ලඟ......

දිනෙන් දින ලං වෙමින්
නුඹට මට අතපාන සෙනෙහස...
තවම කිතිකවනවා මගේ සියොලඟම
පවසනා තෙක් සිත‘රැදි සෙනෙහෙස

ආදරෙයි නොකියුවත්
පෙම් වදන් නොදෙඩුවත්
දිනෙන් දින ලං වෙන අපේ පෙම් සිත්තරය
තවම මඟ සොයනවා හිත ලඟ

ඒත් අසරණයි මම

ඒ හිත අසලින්ම.......

Thursday, August 16, 2012

සදාකාලික නොවු ලෝකේ සදාකාලික බැඳිමක්.....

ජිවිතේ ගෙවෙන ගෙවන හැම මොහොතක්ම හැම දිනයක්ම අලුත් පරිච්ඡේදයක්........
තත්පරෙන් තත්පරය ජිවිතය ගෙවෙනවා
තත්පරෙන් තත්පරයට ජිවිතය අප්ඩේට් වෙනවා.. අලුත් දත්ත එකතු වෙනවා
සමහර දේවල් සංශෝධනය වෙනවා..
තවත් වෙලාවකට අනවශ්‍ය දේවල් අයිවෙනවා... එහෙමත් නැත්තම් අයින් කරන්න වෙනවා..
ඒ මොනවා වුනත් ජිවිතේ ගෙවෙනවා
හැම මොහොතකම අලුත් දෙයක් අලුත් සිතුවිල්ලක්
අලුත් පැවැත්මක්....
හැම දෙයක්ම අපේ ජිවිත වලට අලුත් පාරක් පෙන්නනවා ගෙවෙන ගෙවෙන හැම මොහොතෙම මොකක් හරි අලුත් බැඳීමක් එනවා
සමහරවිට ඒ එකතු වෙන බැඳිම් අපේ ජිවිතේ හැරුම් ලක්ෂ්‍යයන් වෙනවා...
ඒත් අපි අපිටම කියලා මුඵ ජිවිත කාලයටම තියාගන්නවා කියලා පටන් ගන්න හුඟක් බැඳිම් හරිම තාවකාලිකයි....
ඔව් තාවකාලිකයි ...
මොකද අපි ස්ථිරයටම තියාගන්න හදන්නේ අපේ ජිවිතේට අහම්බෙන් එකතු වෙන බැඳිම්.....
නමුත් ඇත්ත හරි විදියට දැකලා බැඳීමක් වුනත් බැඳිමකින් තොරව තියාගන්න පුළුවන් වුණා නම් ඒක තමයි අහම්බෙන් වුනත් අපේ ජිවිතේට අපි ලඟා කරගන්න සැබෑම හැරුම් ලක්ෂ්‍යය....