Showing posts with label මගේ ආදර කතාව. Show all posts
Showing posts with label මගේ ආදර කතාව. Show all posts

Saturday, October 6, 2012

නුඹයි මගේ ආදරය හැමදාම මම පතන


නුඹයි මගේ ආදරය හැමදාම මම පතන.......
 
 මෙහෙම කියුවට මම වැරදි නැහැ....මොකද මේක තමයි ඇත්ත... ඔනේම කෙල්ලෙක්ගේ හිතේ අහිංසක බලාපොරොත්තුවක් තියනවා....එක ආදරය සම්බන්ඳයෙන් වෙන්න පුළුවන් නැත්තම් වෙන මොකක් හරි දෙයක් සම්බන්ඳයෙන් වෙන්න පුළුවන්......
හැමදාම මම බලාපොරොත්තු වුන ආදරයක් මගේ හිතේ තිබ්බා.....එත් අපි හිතන දෙවල් අපිට ලැබෙලවා අඩුයි....නැත්තම් ලැබුනත් ඒ හුඟ කාලයක් ජිවිතේ එක එක සරදම් වලට ලක් වෙලා....එක එක අත්දැකිම් වලට මුහුණ දිලා ඉවර වෙලා...නමුත් පරක්කු වෙලා හරි තමන් හොයන දේ ලැබුනානම්...ඒ තරම් සතුටක් තවත් නැහැ....
හරියට මගේ ආදර කතාව වගේ......


 ඔය අත් දෙකින් අල්ලන් මං මාවත් වල ඇවිදන් යන්න...
හයියෙන් හිනා වෙලා හැම දේම බෙදා ගන්න....
 ඔයාගේ පපුවට තුරුල් වෙලා ලොකෙම තියන හැමදේම .....තත්පර ගානකට හරි අමතක කරා හිනාවෙලා ඉන්න..සතුටින් ඉන්න...
මුළු ජිවිත කාලය පුරාවට ඔය හිතට තුරුල් වෙලා සතුටින් ඉන්න
කොටින්ම කිය්වොත් හැමදාම හිනාවෙලා ඉන්න....
මං හුඟක් ආසයි.......හුඟක් ආසයි...
ඔය අතින් මං අල්ල ගත්තේ...ඔය හිතට මං පෙම් කරන්නේ.....ජිවිතේ අතර මඟදි දාලායන්න නම් නෙමයි.....
අදුරු වළාවන් රජ කරපු මගේ හිතට ඉරයි ...සඳුයි දෙකම ගෙනාවේ ඔයා... ඔය හිතට මං හුඟක් ආදරෙයි.....හුඟක්....

ඔය උර මඩලේ හිස සඟවාගෙන
ඉන්නට ඇතිනම් තව මොහොතක්
ලොවම නැති වුනත් මට තනියක් නැහැ
ඔය සනෙහස මට මහොගයක්








හිතුවාට වැඩියෙන් -හරි ලස්සනට ලියැවුන
නුඹේ සිත කවියක්ය- ආදරෙන් ඉතිරුන
හැමදාම ළඟ ඉඳින්- හිත ලඟම තනිරකින
ආදරේ සොඳුරුයි- නුඹේ නමට මම පුදන

පද අකුරු එකිනෙකට - කැල්මකින් ලියැවිච්ච
සුන්දරම හැඟුමක්ය - නුඹේ හිතේ තෙරපිච්ච
නෙතුලඟින් හැමරෑම - මම ඔහේ හිනැහිච්ච
ආදරේ සොඳුරුයි - ඔය හිතේ ගුලිවෙච්ච

හද පුරුදු රුව වරුණ -හිත් කොනක නුඹ මවන
නෙතු සොයන රූ දසුන - හද මලම කලඹවන
සිහිනෙකින් හෝ - ලඟ ඉන්න පින්කරන
නුඹයි මගේ ආදරය - හැමදාම මම පතන
.
.
.
.
.
.
.
.
.
...............................

මේ ඇස් දිහා බලන් දැන් වත් කියන්න මගේ රත්තන්....

ඔබ මගේ ද?


__________________________________________සෂි_.