Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

Sunday, February 24, 2013

මගේ නඩුව ඉවරයි

වේලාව හවස 2.45ටත් කිට්ටුයි....
උසාවියෙන් මම එලියට ආවේ ....
නැ නැ ආවේ නැ..එත් එන්න සිද්ද වුනා
මගේ හීත කියුවෙම තව එක පාරක ඔයාගේ මණ බලලා එන්ට කියලා.එත් මට එය මුණ දිහා බලන්න බැ මම දන්නවා ඔය මුණ එක වතාවක් හරි බැලුවොත් මම ගලක් කරගත්ත මගේ හිත උණුවෙලා යයි මට එ දෙ කරන්න බැ හිතලා හිතලා හරිම අමාරුවෙන් ම ගත්ත මේ තිරණය වෙනස් කරන්න බැ


අද මගේ නඩුවේ අන්තිම දවස

අද දවසේම  වුන දේවල් විතරක් නෙමෙයි පහුගිය මාස කිහිපය පුරාවටම මගේ ජිවිතේ සිද්ද වුන දෙවලුත් එක්ක මම මුහුණ දුන්න දෙවලුත් එක්ක මට හිතාගන්න බැ...මේ තරම් හයිය හිතක් මේ තරම් දුක් වින්ද හිතක්... මේ තරම් ආදරය කරපු හිතක් කොහොමද ගලක් කරගත්තේ කියලා
මම තමත් හිතන්නේ මගේ හීත ගැනයි...

මම අම්මයි තාත්තයි එක්ක වහනය නවත්තලා තිබ්බ තැනට හෙමින් ඇවිදන් ගියා
හෙමිහිට වැන් එකට ගොඩ වෙලා කෙලවරේම තිබ්බ සිට් එකක ජනෙල අයිනෙන් මම වාඩි වුනේ මටත් නොදැනිමයි. හෙමිහිට ජනේලට ඔළුව හේත්තු කරන ගමන්ම ඇස් පිය වුනා
හෙමින් හෙමින් එකින් එක අවුරුදු 5ක අතිතය මගේ ඔළුවට ලාගාගෙන ආවේ හරියට අද ඊයේ වුන දෙවල් මතක් වෙනවා වගෙයි
කොච්චර උත්තසහා කලත් මගේ ජිවිතේ අමතක කරන්න බැරි එක පරිචේඡ් දයක් තියනවාන් ඒ ඔයාගෙයි මගෙයි කතාව විතරයි

ආදරය කරන්න ගත්ත දවසේ ඉඳන් අපි දෙන්නා එක වහක් යටට වෙනකම් මවපු හීන
වින්ද දුක් කන්දරාව
කොයි තරම් බාධා මැදින්ද අපි අපේ හීනය ඉෂ්ට කරගත්තේ....
එත් අන්තිමට අපි අපේම වුනා
සතුටුත් එක ගනැයි
මට දුකත් එක ගැනයි

දවසින් දවස
අපි අපේ ලොකය හින මැව්ව විදියට ලස්සන කරගන්න කොයිතරම් උත්සහා කලාද
එත් අපි හිතන තරම් හැම ජිවිතයක්ම සුන්දර නැ
හැම ජිවිතයක්ම ලස්සන නැ
ආදරේ කරන්න ගන්න ඔනෙම පෙමවතුන් ජොඩුවකගේ ඊළග බලාපොරොත්තුව එක වහලයක් යටට දෙමාපියන්ගේ ආශිර්වාදය මැදින් එන එක...

දෙමාපිය ආශිර්වාදය නොතිබුනත් මමයි ඔයයි ලස්සන පුංචි කුඩවක නතර වුනේ අපි දැක්ක හීනය ලස්සන කරගන්න
දවසන් දවස හැම දේම වෙනස් වුනා
එක වහලකට ආවමයි හැම දෙයක්ම තෙරෙන්නේ
ඔයා කෙයිවගේ කෙනෙක්ද මම කොයිවගේ කෙනෙක්ද අපි හිතපු ජිවිතේ මොනවගෙද...
 අපි දැන් කොතනද..

ඔයගේ කටින් එ දවස්වල කොච්චරක් නම් ආදරය පිරිච්ච වචන පිට වෙන්න ඇතිද
එත් අද ඔය කටින්ම මට කොයිතරම්නම් මට නරක විදියට බනින්න ඇතිද
ඔය හිතින් කොයි තරම් නම් මට ආදරය දෙන්න ඇතිද
එත් අද ඔය හිතින්ම කොයි තරම් මට වෛර කරනවා ඇතිද
ආදරය කරපු ඔය හිතින් කොයිතරම් මට ගහන්න ඇතිද බනින්න ඇතිද
තාමත් එකක් දෙකක් නොමැකිච්ච ආදරයේ සලකුනු මගේ ලඟ නැතුවාම නෙවෙමයි
මම දුක් වින්දා මම සතුටු වුනා
වින්ද දුක් හැදේම අද වෙනස් වෙයි හෙට වෙනස් වෙයි කවදා හරි සතුටින් ඉඳියි...
එත් දවසින් දවස හැමදේම වෙනස් වෙනවා වෙනවුට සිද්ද වුනේ ආපේ ආදරය ඉරිතලපු එකයි

හම්ම්
කමක් නැ
හැමදේම වෙන්නේ හොඳටයි
හැම අත්දැකිමක්ම ජිවිතේටයි
වැටෙන්න වැටෙන්න නැගිටින්න පුළුවන් වෙන්නේ අත්දැකිම් නිසයි


ජිවිතේ අපි හිතන තරම් සුන්දර නැ
අපි පතන තරම් සැප ලැබෙන්නේ නැ
අවුරුදු 4ක පෙම් කතාව
මාස 9ක කසාඳ ජිවිතය

දෙදරා ගිය ආදරයක ආත්මිය ආදරේ වෙන්විම...

දික්කසාද සහතිකය මගේ අතේ....
ඔය විදියටම තමයි එදාත් මම අපේ කසාද සහතිකේ අරන් ගෙදර ආවේ...
එදා මම හීනෙකින් වතු නොහිතපු දෙයක් මෙ විදියට මට ඔයාගෙන් වෙන්වෙන්න වෙයි කියලා....
මට තාමත් හිනයක් වගේ
හමුවුන දවසේ ඉඳන්ම ආදරය කරපු ඔයයි මමයි
එක වහලයක් යටට ආපු දවසේ ඉදන්ම ජිවිතේ හොයන්න පටන් ගත්ත ඔයායි මමයි
අද වෙන්වෙලා යන විදිය
මට තාමත් හීනයක් වගෙයි

අපේ ආදරයට තිත්නුදවක් දෙන දවස
අවුරුදු 4ක ආදරය
මාස 9ක කසාද ජිවිතය
අද මගේ දික්කසාද තින්දුව ලැබුන දවස
..
මට තාමත් හීනයක් වගෙයි
ඔය හිතට ආදරය කරලා  ඔය හිත මගේම කරගෙන
අන්තිමට වෙන්වුනේ... හිතන්නෙවත් නැති විදියකින්

එදා මගේ ජිවිතේ මම  වැඩියෙන්ම සතුටුවුන දවස..
අද මම ඊටත් වඩා සතුටුයි
වෙන මුකත් නිසා නෙමෙයි
දුක් වින්ද කටුක මාස 9ක තනිවෙච්ච පන දිනන ආදරයක් වෙනුවට අද දෙදරා ගිය කසාද ජිවිතේන් මම වින්ද දුක් කන්දට තිත තියන ගමන්  මගේම ලොකය ලස්සන කරගන්න අනාගතය එක අඩියක් ඉස්සරහින් තියන එකට...

ජිවිතය කියන විභාගයෙන් කසාදය කියන පරිච්ඡේදය මම අසමත්
නමුත්...
කසාඳයම නොවෙයි ජිවිතේ මට වැටිච්ච තැනින් නැගිටින්න තවම පුළුවන්... මගේ හිත එ තරමටම හයියයි
මට මගේ ගැන සතුටුත් එකමයි...


Friday, February 1, 2013

නොහික්මුණු මගේ (අ)සංවර හිත



වැහි සුළං එන්න එන්නම වේගය වැඩි කරනවා
මම ජනෙල් කවුලුව ලඟට ගොස් බාගෙට ඇර දමා තිබු ජනේල් පියන් පත් වැහුවේ හිරිකඩ කාමරය ඇතුලට එන නිසා
දැල් විතිබු දුල් ආලෝකය නිවා දමා මම පොත් ටිකත් අරන් මැද සාලෙට ආවා
උසස් පෙලට තව හරියටම සති 3යි තියෙන්නේ
වැහි සුළං  එක්ක ඇඟ කිලිපොලා යන සීතල පහව ගියේ මිනොලි විභාගෙට තව තියෙන්නේ සති තුනයි
කියද්දිමයි....

මිනොලි යනු මගේ හොඳම මිතුරියයි
ඇය මගේ ජිවිතේට මට හම්බවුනේ මම ස්කොලේ 6 පන්තියෙදි
නුවර ඉපැදුනු ඇය 5 පන්තිය වෙනකම්ම ගියේ මහනුවර උසස් කාන්තා පාසලකට
පහේ පන්තියේ ශිෂවත්ව විභගේ පාස් වෙලා ඇය අපේ පාසලට ආවා..
ඉගෙනිමට හරි හපන් කමක් තියන මිනොලි මගේ ඇසුරට ලන්වුනේ 7වසරේ පැවති නිවාසාන්තර මලල ක්‍රිඩා උත්තසවයෙදි..එ අපිදෙන්නම එකම නිවාසයට පෙනිසිටපු නිසා
එ දවස් නම් හරිම සුන්දයි

සුන්දර මතක ගොන්නක් එකතු කරපු සුන්දර පාසල් කලයක්

වසර කිපයක් අප එකම පන්තියෙ හිටියත් මටග් ලඟින්ම හිටි මගේ හොඳම මිතුරිය බවට පත් වුනේ අපි සාමානය පෙල කරන කොටයි
එදා ඉඳන් එකට බැදුනු අපේ මිතුරු දම තවමත් තියනවා
දැන් ඇය මගේ හොඳම මිතුරියයි


විභාගයට මගේ හිතේ කිසිම බියක් නැ
නමුත් තවමත් සම්පුරණ කල නැති සිද්දි කොටස් කිහිපයක් ඇති නිසාත් මිනොලිත් තනියම පාඩම් කිරිමට අකමැති නිසාත් ඇයි සතියක පමණ කාලයක සිට අපේ ගෙදර නවතැන් ගෙන සිටියාය
මට ඒක ලොකු සහනයක් ඇත්තටම
විභාග බිතිකාවට වඩා හිතේ ඇති විති තිබු චකිතය මැඩ පවත්වා ගැනිමට මිනොලි මගෙත් එක්ක සිටිම මට ලොකු හයියක්



ටිකෙන් ටික වැහි සුළං වේගය වැඩි වුනා
අඳුර මුළු රාත්‍රියට වෙලාගෙනයි තිබුනේ
මමත් හෙමිහිට පොත් ටිකත් අරන් මිනොලි පාඩම් කර කර හිටිය මෙසෙට ලඟාවුනා
ඇය මුළු හිතින්ම මනස එක තැනකට අරගෙන මෙකක්දො ලොකු ගැටළුවක් දෙස අවදානය යොමුකරන් හිටියේ
මුනෙන් ඇස් වලින් බෙරුනේ හරිම බැරැම් බවක්

ඇගේ හිත කොතරම් එ ගැටළු වෙතට ඇදිගොස්ද කියනවානම් මම පුටුව අඳිමින් වාඩිවෙන කොට නැගිච්ච
සද්දය වත් ඇයට නොඇසුන තරම්
බධා කරිමට තිබුන අකමැත්ත් නිසාම මම නිහවම වාඩි ඩිව විද්‍යා පො දිගහැර ගත්තා

  
තවමත් පාඩම් කරලා අවසන් නොවිච්ච කොටස් කිහිපයක්
ඇත්තටම පටන්ගන්නේ කොහෙන්ට මට හිතාගන්නත් බැ
මිනොලි එක එල්ලේ කුරුටු ගාන ගමන් ගනන් හදනවා
පැන හිනියට ලැයැවිගෙන යන අකුරුත් එක මට ඒ දිහා බලන් ඉන්න ආසාවක් ආවා

මට හිතුනේම ඇගේ සුදුම දුසු අතින් අල්ල ගන්න...අත හරිවැටෙන තරමින්ම තදින් අල්ලගන්න
එත් මම එක සිතුවිල්ලක් විදියට මගේ හිතේ තදකරගත්තා

ඔහේ පාවි පාවි දඟලන අකුරු කැලි කොලය පුරාවට රඟදෙනවා
මම මොහොතක් මිනොලිගේ මුහුණ දෙස බලා වුන්නා
මුණට එක කෙහෙරුල්ලක් ඇවිත් අඳලානවා ඇය ගාන හදන තමන් කොන්ඩය කනපිටිපස්සට දාගන්නවා
අකිකරු කෙහෙරැල්ල නැවතත් මුණටම එබෙනවා
මුගේ මුලු හිතපුරාවටම අකිකරු සිතුවිලි වලින් පිරිලයි තිබුනේ


මිනොලිගේ මුණ පුරාවට රඟදෙන කෙහෙරැලි ටික හෙමිහිට අයින් කරන ගමන් මම ඇඟේ සුදු කම්මුල් සිපගන්නවා
එ සිසිනිදු සම මගේ හැඟිම් තව තවත් ඇවිස්සුවා

ඇත්තටම ඒ සිතුවිල්ලක් වුවත් මම එතුල ජිවත් වුවා

මට ඇගේ මුහුණ සිපගන්නමයි හිතුනේ
නමුත් අකමැත්තෙන් වුවත් මම මගේ හිතේ නලියන හැඟිම් හිරකරගෙන තව තවත් ඇගේ වත දෙසම බලන් හිටියා

මට හීනියට හිනාවක් ආවා..
මගේ හිත කොච්චරක්නම් මම මෙල්ලකරගෙනද
හැඟිම් කොච්චරක් නම් පාලනය කරගෙනද



වැස්ස එන්න එන්නම වැඩිවෙනවා
වහලයට වැටෙන වැහි පොද වලින් නැගෙන සබ්දය  අපි අතර තියන නිහඩබව හෙමින් බිඳදමනවා
මිනොලි ඇගේ ලොකයේ.... මම ඔහේ පාවෙන සිතුවිලිත් එක්ක ඇගේ දසුන දිහාම බලාගෙන හිටියා

මිනොලිට තිබුනේ හරිම පැහැපත් සමක්....තරමක් දිගට වැවුනු කළුම කළු කොන්ඩය ඇගේ සමේ පාට තවත් වැඩි දියුනු කලා

මම ආපහු පිටු අතර ඇස් ගෙනවා ඒත් මට පාඩම් කරන්න හිතදෙන්නෙම නැ
මට මිනොලි දිහා බලන්න ඉන්න හිතෙනවා
නිකන් කතාවට ඇයව අදගන්න හිතෙනවා තුන හතර වතාවක්ම  මම කතා කරන්න උත්සහා කලත් මට ඇගේ අවධානය බිදින්න හිතුනේ නැ

මම පොතේ පිටු පෙරලන්න ගත්තා
අන්තිමටම කියවා තිබුනු පිටුව හොයාගත්තා
මම ඇස් දෙකම පිටු අතරට යොමුකලා
මම දන්නවා මගේ ඇස් පිටු අතර නතර වුනත් හිත හුඟක් එහෙ මෙහෙ දුවනවා හරිම චංචලයි
නවතින්නම හදන්නේ මිනොලිගේ මුණ ලඟ
ඇය ඔහේ ඇගේ ලොකයේ නතර වි ගනන් හදනවා

ටික වෙලාවකින් ඇගේ ජංන්ගම දුරකතනයට කෙටි පණිවිඩයක් ආවා
ඇය එක සැනින් දුරකතනය අතට අරගෙන එයට  පිලිතුරු සපයා නැවතත් පොත වෙත හිත යෙමුකලා

ටික වෙලාවකට පසු මිනොලි එකලාරටම මගෙ දිහා බැලුවා
මට සියුම් ලැජ්ජාවක් එක්කම චකිතයක් ආවත් මම හෙමින් එය මැඩපවත්වා ගත්තා


‘‘මොකද මගේ මුණ දිහා බලන් ඉන්නේ පෙරහරක් යනවාද
අදවත් පාඩම් කරපන් තව දවස් කියද තියෙන්නේ‘‘



ඒ මිනොලිය
මටත් පාඩම් කරන්න ඔනේ එත් හිත එක තැනක නැ

මට ඔනේ ඔයාගේ සුදු මුහුණ දිහා බලන් ඉන්න
ඔයාගේ අතින් අල්ලන් මේ මොර දෙන වැස්සේ තෙමි තෙමි ඉන්න
ඇඟටම ඇලිච්ච දුහුල් රැගවුමෙන් බෙරෙන තෙතත් එක්ක ඔය විදිවිද පෙනි නිරුවත් වන සිරුර දිහා බලන්න ඉන්න
සිතල වැහි බින්දු වැටිලා තෙත් වුන ඔය රොසැති දෙතොල් තදෙට සිපගන්න



මට මිනොලියගෙන් ඉල්ලිමක් කරන්න ඔනේ වුනත් මම තදින් මැඩපවත්වාගෙන නිහඩ වුනා

කරන්නම කිසිම දෙයක් නැති තැන කිසිදු වෙනසක් ඇයට නොපෙන්වා  හිනියට හිනාවක් දාලා ඇයට පෙන්න මම නැවත පොත දිහා බැලුවා
ඔහේ පිටු පෙරලෙනවා
අකුරු කියවි ගෙන යනවා
එත් හිතට කිසි දෙයක් කාවදින්නේ නැ
එත් මට ඔනේ වුනේ ඇයට මම පාඩම් කරනවායි පෙන්විමට



ඇත්තටම මිනොලි හුඟක් හොඳ මිතුරියක්
පාඩම් වැඩ වලදි මම හුඟක් අසරණ වුන අවස්තාවල මගේ ලඟින් ඉදන් පාඩම් කියලා දුන්නේ ඇයයි
ඇයට ඉගෙන ගන්න පුදුම හැකියාවක් තිබ්බේ
අපි දෙන්නා හැමදාමත් එකටයි පාඩම් කලේ
ඉතින් ඇගේ බලාපොරොත්තුව වුනේ
මම හොඳන් උසස්පෙල සමත්වෙනවා දකින්නයි එකයි මිනොලි හැමවෙලෙම මම පාඩම් කරන්න කියන්නේ

මම ඇය පෙන්න පොතේ පිටු  පෙරලුවා
එකින් එක පිටු නම් හැරවෙනවා
එත් එක අකුරක් වත් මගේ ඔළුවට යන්නේ නැ
එහෙන් වැස්ස තවත් වැඩි කරලා
එකපාරටම පුටුවෙන් නැගිට්ටච මිනොලි


‘‘ඉන්න මම උණුවෙන් කොපි එකක හදන් එන්නම්‘‘


ඇය කුස්සිය දෙසට ඇදුනා
මම ඇය යන දෙස හොරැහින් බලන් වුන්නා
දුහුල් රෑ ගවුමත් ඉට උඩින් ඇඟගෙන සිටි හවුස් කොට් එකත් ඇගේ ඇගේ ස්ත්‍රි ලාලිතයය මකලා දාලා මට අර රෑ ගවුමත් එක්ක පුදුම කෙන්තියක් ආවේ


මම හෙමින් ඇගේ පිටුපසින් ගියා
ඇය කුස්සියට විත් වතුර පරවා කේතලය ලිප මත තැබුවා
වතුර රත් වෙන තෙක් ඇ ලිප ලඟට වි එදෙස බලන් වුන්නා
මම හෙමිහිට ඇගේ පසුපසින් ගොස ඇගේ ඉන වටේට අත දමන ගමන් ඇගේ සුදු මුහුණ මදෙසට හරවා ගත්තාහෙමිහිට ඇගේ රෑගවුමට උඩින් ඇඳන් තිබ්බ කොට් එක ගැලෙව්වා
දුහුල් රෑගවුමෙන් ඇගේ සිරුර ඔනැවටත් වඩ හොඳින් විනිවද පෙනෙයි
මම හෙමිහිට ඇගේ නලලත කම්මුල් දෙතොල් ගෙල සිපත්තා
මිනොලිගෙනුත් කිසිම බාධාවක් නැ
අයත් මටම අවනතවි මගේ හැඟිම් වලට ඉඩදුන්නා
මම හෙමි හෙමින් ඇයව තවත් තදින් ග්‍රහණය කරගත්තා
වතුර කෙත්ලය රත් වි බුර බුරා නැගෙන දුම් රැලි වලින් අපිව තවත් උනුසුම් කරලා
 මිනොලි හෙමින් ඇඟ බුරුල් කලා
මට සියුම් ලැජ්ජාවක් ආවත් මම හෙමින් එය මැඩපවත්වා ගත්තා
ඇය ඔහේ පාඩුවේ කොපි කොප්ප දෙක සාදනවා
මම හෙමින් සාලය දෙස නැවතත් ඇදුනා


එක එක විකාර සිතුවිලි වලින් මගේ මුළු හිතම පිරිලා

අනේ මන්දා
මට හිතුනෙම මිනොලිත් පසුපසින් කුස්සියට යන්න
එත් හිත එකඟ කරගැනිමට නොහැකිවිම නිසාම මම නිහඩ වුනා

මටත් එක එක විකාර හිතුවිලි වලින් මගේ හිත පුරවලා දාලා වෙලාවකට මට ලැජ්ජත් හිතෙනවා මම මේ හිත යවන්නේ මොන වගේ දෙයකටද කියලා
මම කිසිත් නොසිතුව ගානට අපාහු ඉස්සරහට හැරිලා පොතට ඇස් යොමුකලා



පිටු එකින් එක පෙරලෙනවා නොදැනිම මම පාඩම් කර කර හිටිය කොටසේ අවසානයට ඇවිත්
එත් ඔළුවට ගිය දෙයක් නම් නැ
මිනොලි උනු උණුවේ දුම් දමන කොපි විදුරු දෙකක් ගෙනත් මෙසය උඩින් තිබ්බා
ඇය හෙමින් ඇගේ කොපි කෝප්පය තොල ලගට ගත්තා
මම හෙරැහින් එදෙස බැලුවා
ඇය කොප්පය මේසය උඩින් තියනවාත් සමඟින් මට හිතුනේ ඇගේ මුවඟ ගැටුනු එ කොප්ය අරන් එක හුස්මට කොපි විදුරුව හිස් කරන්න  දෙතුන් වතාවක්ම එහෙම හිතුනත් මම මගේ හිත බලහත්කාරයෙන්ම එය සිතුවිල්ලක් බවට පත්කලා

ඇය ආයෙමත් ගනන් හදන්න පටන් ගත්තා
මම ඇයට රහසින් ඇය දෙසම බලන්හිටියා


මම හිතින් ඇගේලඟට ගොස් හෙමිහිට ඇගේ ගෙල සිපගත්තා
මගේ අහලකවත් පාඩම් කිරිමි කිසිම ආසාවක් නැ

මට ඔනේ වුනේම ඇයගේ ලඟින් ඉඳන් ඇගේ රෑපය දිහා ඇසිපිය නොහෙලා බලන් ඉන්න
ඇගේ මුළු සිරුරම සිපගනිමින් උණුසුම් වන්නට



විනාඩියෙන් විනාඩිය කාලය ගතවෙනවා
ඔරලොසුවේ පැය කට්ට වෙනදාටත් වඩා වෙගයෙන් කැරකෙනවා
මට ඊබේටම ඔරලෝසුව දිහා බැලුනා පාන්දර එකටත් කිටුටුයි
පොත අතින් අරන් හිටියත් මම තාමත් පටන් ගත්ත තැනමයි
කිසිම දෙයක් ඔළුවට ගිහින් නැ

එක පාරටම මදෙසට හැරුනු මිනොලි


‘‘තවත් පාඩම් කරන්න බැ ෂානි
මම නිදිමතයි
මම යනවා නිදාගන්න‘‘



මට හිතට පුදුම දුකක් කලකිරිමක් ආවේ
තව ටික වෙලාවක් කොහොම හරි රෑදෙන්නයි කියන්න හිතුනත් මම කොහොමද ඉන්න කියන්නේ


‘හා හොඳයි මම තව ටිකකින් එන්නම‘‘


මම නිහඩ වුනා
ඇය හෙමින් පුටුවෙන් නැගිට පොත්ටිත් හෙමිහිට වහලා කාමරය දෙසට ඇදුනා

හිතේ මුසල හැඟිම් හුඟක් කැරකැවෙනවා
එ අතරින් වැස්සත් හෙමිහින් හෙමින් අඩුවෙනවා
මම හෙමිහිට දෙර ඇරගෙන කොරිඩොව දිගේ එලියට ගියා
සිතල වැහි බින්දු මාව තෙමනවා
මුළු ඇඟම තෙමි ගිහින්
මහ රෑ වැස්සේ මම තෙමි තෙමි ඉන්නවා කිසිම හැඟිමක් නැති අයකු විදියට
මම හෙමිහින් ඇස් පියාගන්නවා
ටික වේලාවකට පසු මුළු අහසම එළිය කර අකුනු ගසමින් ගෙරවන්න පටන් ගත්තා 
වැස්ස නැවතත් තද කරනවා
එසැනින් මගේ   ඇස ඇරුනා

මිනොලි වතුර විදුරවක් මගේ මුණට දාලා හයියෙන් හිනාවෙනවා
මම තාමත් නිදි


‘‘නැගිටිනවා නිදි කුම්බි වේලාව උදේ 7යි පරක්කු වෙනවා‘‘


ඒ මිනොලි



මම ඇඳෙන් බැස්සේ හරිම ලැජ්ජාවෙන්



Wednesday, January 30, 2013

(අ)සම්මතය



දෙවැනි වේදිකාවට දැන් පැමීණි දුම්රිය මහව බලා පිටතවේ..දුම්රිය නවත්තන්නේ රාගම ගම්පහා...මීරිගම...මීරිගම සිට මහව දක්වා ඇති සැමදුම්රියස්ථානයකම දුම්රිය නවත්තනවා ඇත...

ස්ටෙෂන් එක පුරාවටම මිනිස්සුගේ කලබලේ...කෝචියට සමරු දුවනවා
සමරු තව කෝචියක් එනකම් බලන් ඉන්නවා
මම ටිකට් කවුන්ටරය ලඟට ගිහින්  ප්‍රවේෂපතුයක් ඉල්ලවා...ටිකන් කවුන්ටරයේ හිටිය නිල‍්ධාරියාගේ මුනෙන් පෙන්න තිබුනේ හරිම වෙහෙසකාරි පෙනුමක්..මිනිහාට මාවත් වදයක් වෙලා...ටිකට් කවුන්ටරය වෙත ඇවිදන් එන සැම පුද්ගලයෙක් දිහා මිනිහා බැලුවේ හරිම හිස් බවකිනි..හරියට මොකක්දො ලොකු කතන්දරයක් කියන්න හදනවාවගෙයි
මම මගේ ප්‍රවේෂපත්‍රයත් අරගෙන ෆ්ලැට්ෆොමය වෙත ආවා...
මිනිස්සුන්ගේන් පිචරිලා තිබ්බ මුළු ස්ටෙෂන් එක පුරාම ඇත්තේ හරිම කලබලකාරි බවකි....
මහව කොච්චිය දෙවැනි වේදිකාවේ නතර කරලා
මිනිස්සු කොච්චිය ඇතුලට යනවා සමහරු කෝචිචියෙන් එලියට එනවා
මමත් හෙමිහිට  කොච්වියේ මැදිරියක් ඇතුලට ගොඩ වුනා
තැන් තැන්වල රංචු ගැහිලා හිටිය මිනිස්සු තම තමන්ගේ ලෝක වල
සමහරු හයියෙන් හිනාවෙනවා සමහරු තම තමන්ගේ කතා ඒ අතරින් රංචු ගැහුනු කිපදෙනෙක් පත්තර සඟරා කියවනවා සින්දුකියනවා
හරිම කලබලකාරි...
කෝචිචිය මැදිරිය පුරාම හරිම කලබලකාරි පරිසරයක්
මමත් පැත්තකට වෙලා මැදිරියේ තිබ්බ එක කණුවකට හේතුවුනා
එකපාරටම තැස්සමික් සමඟින්ම කොච්චිය හෙමින් ගමන් අරඹනවා

ඇසි පියවි ගෙන එනවා නින්දත් නොනින්දත් අතර
එත් එකපාරටම මට දුම්රිය මැරදියේ හිටිය තරුණ කටහඩක් ඇහෙනවා
....
එ කටහඩ මගේ සවස් යුග අතරින් ගලාගෙන යන්නේ හරියට විදුලියක් කොටනවාවගේ

මම දෙනෙත් විහිදා මැරිදිය දෙස බැලුවා එ කටහඩ කොහෙන්දො එන්නේ කියලා....දෙනෙත් නතරවුනි
ඔහු තම සඟයන් සමඟ බර කතාවකට හයියෙන් හිනාවෙනවා හිනාවෙන ගමන් කතාකරනවා...පෙනුම අවුරුදු 28පමණ වෙන හින්දැරි තරුණයෙකි.... එතරම් වයසක් නම් පෙනුමෙන් නැ...සමහර විට පෞද්ගලික අංෂයේ කුමන හො රැකියාවක නිරතවෙනවා වෙන්න පුළුවන්....රැළි ගැසුනු කොන්ඩය තලෙලු පැහැය මුන පුරාවට ලාවට වැවි තිබුනු රැවුල් කොට එ පෙනුමට මනා පෞර්ෂත්වයක් එකතු කරනවා...ඇඳගෙන හිටියේ ලා රොස පා ෂර්ට් එකක්.බෙල්ලේ යකඩ දම්වැලක් වගේ මාලයක් දාලා තිබ්බා අතේ මොනවදො නුල් වගයෙකුත් බැඳලා.... අද කාලේ ෆැෂන් එකනේ ...තොල් දෙක හරියට දුම්වැටියට ඇබ්බැහිවුන පිරිමි තොල් වගේ
එකෙත් හරි අමුතු ලස්සනක් තිබ්බේ
ඔහු ඔහුගේ ලොකයේ එහෙ මෙහෙ පාවි පාවි කතා කරනවා එක එක කතාය හයියෙන් හිනාවෙනවා වෙලාවකට ලඟින් ඉන්න කොනාට වැරෙන් පහරක් එල්ලකරනවා
මගේ හිතට සියුම් ඊරිෂියාවක් ආවේ නැතුවාම නොවෙයි
මම හිතින් මවනවා එ පහර කන පුද්ගලයා මම වුවානම්
ක්ෂනිකයන් ඇහෙන දුමිරිය හොන් නාදයත් සමඟන් මම පියවි සිහියට එනවාමොහොතකින් මම
නැවතත් ඒ රෑපය ලඟින්ම නතර වෙනවා


එ කට හඩ ගැනත් යමක් කියන්නම ඔනේ...එ කටහඩේ තිබ්බේ පුදුම ජවයක් සන්සුන් වදනින් තෙපලෙන වදන් මාව අතරමං කරනවා මම ඇත්ටම මනසින් එ කොලුවාත් සමඟ සම්බන්දයක් හදන්
එ කටහඩත් එක්ක මගේ හිත කොහෙදො මුල්ලක නතර වෙනවා
ආහන් ඉන්න හරිම ආසයි
ටික වෙලවකට එක කටහඩේ ගැඹුරු බව මාව භාවනාවක් කලා..හරියට ධ්‍යානයක සමවැදිලා හිටියා වගේ..
එකපාරටම දුම්රිය නැවතුනා
රාගම ස්ටෙෂන් එක
දුම්රියේ තවකාලික නැවතිමත් එක්ක මම අර රුපය දිහාම බලන් හිටියා...තවතවත් බලන් හිටියා මනසේ ඇදෙන රෑපයට මම අමතක කරන්නම හිතුනේ නැ එක තත්පරයකටවත්
එකත් හරි පුදුම හැඟිමක්
මම එහේ පාවි පාවි ඒ හඩක් රූපයක් මනසික් එකතුකලා හඩට ගැලපෙන පෙනුම පෙනුමට ගැලපෙන ස්වරය
හරිම අපුරුයි මෙවැනි මැවිම් සිදුවෙනවාදැයි සැකයි එත් ඇස් පනාපිටම රඟපාන එ සුදො සුදු චරිතය මාට මාව මගේ ඇතුලේම අතරමං  කරවනවා
මම හිතින් ඒ රූපය හොයනවා හිතින් ඒ රුපය මගේම කරගන්නවා

දුම්රිය නැවතත් ගමන් ආරම්භ කරනවා
මම නැවතත් අර රූපය දෙසම බලා ඉන්නවා
එ සමඟින්ම අවදානය අනිත් මිනිස්සු ලඟටත් යනවා මටත් හොරෙන් මගේ නෙත් කතාකරවන එ රුපය දෙස තවත් අයගේ නෙත ගැටෙනවාදො සැකෙන්

දුම්රියේ වේගය එන්න එන්නම වැඩිවේනවා...ඒ වෙගයක් එක්ක ඇඟ කිලිපොලා යන වියළි සුළඟ මාව තවත් අර කඩහට ලඟටම එක්කන් යනවා
එකින් එක දුම්රිය පළවල් පාස්වි යනවාත් එක්කම මගේ නෙතට හිදිසියෙම හසුවන්නේ අර පිරිමි රූපය තම සඟයන්ය සමුදිමට සැරසෙන අවස්ථාවක්ය...
මිනිහා බහින්නෙත් මම බහින ස්ටෙෂන් එකෙන්ම වෙන්න ඇති එකියන්නේ ගමපහ..
මම මගේ හිතට තනියම කතා කරනවා..
හිත යටින් මම සතුටුවුනා...
දුම්රිය ගම්පහා ස්ෂෙන් එකට ලඟා වුනා
අර කොලුවා මගේ ඇඟේ ගැවි නොගැවි මාවත් පහු කරන් ගියා
හදවත ගිඩි ගිඩි ගා ගැහුනා
හරියට මොහොතක් හදවත නතර වුනා වගේ
මම ඔහු පසුපසින් ම ඉදිරියට ඇදුනා

මම අර කොලුවාත් සමඟින්ම දුම්රියෙන් එලියට ආවා
මගේ හිත කියන්නෙම ඹහු පසුප යන්නය කිය..එත් ඔහුගේ නෙතට මා හසුවේයිදො සැකයක් මට නැතුවාම නොවෙයි

මම හෙමින් හෙමින් පාවි ඇව්ත් දුම්රියපොලේ කෙලවරටම ඇවිදන්යනවා
මගේ ඉස්සරහින් අර පිරිමි ළමයාත් ඇවිදන් යනවා

රාත්‍රි කඳුවර හැමදේම වෙලාගෙන
දුමරිය පල කෙලවරේ දැල්වෙන දුල් පහන් ආලොකයක් එක්ක මට අර රූපය පෙනි නොපෙනි යනවා
ඇස් හැමතැනම දුවනවා මම තාමත් ඒ රෑපය හොයනවා
මගේ නෙත් පියවෙන ඇසිල්ලකින් එ රුපය මගෙන් ඇතට ගිහින්
ඇස් රිදෙනකම්ම මම එ රූපය හෙව්වා වටපිට බැලුවා එත්කොහෙදො ඇතකට ගිහින්
හිස් බවකින් යුක්ත වුන හැඟිමකින් මම දුම්රිය පලේ කෙලවරක ඇති මහත්වරුන්නේ විවේකාගරය වෙත ලන් වුනා
එතන තියන හිස් බන්කුවක් බලන් ඇවිත් වාඩිවෙනවාත් සමඟින්ම මම එහා බන්කුවෙන් මගේ බෑග්එක තිබ්බා
මට හරිම කලකිරිමක් දැන්නේ එක ඇසිල්ලකින් අර රූපය මට අහිමිවුනා

සුළු වේලාවක් මම එතන රැදිවිත් ස්ටෙෂන් එකෙන් එළියට ආවා
ඉස්සරහට ඇදිඑන බස්රිය ගෙවල් ලඟටම යන එකක්
මම දුවගෙන ඇවිත් බස් රියෙ එල්ලුනා
පරිසරයෙන් වෙනස් වුනත් මම තාමත් අර රූපය හා එකතුවෙලා
බස්රිය හෙමින් ඇදෙනවා
මම බහින හොල්ට් එකත් ලන්වුනා


මගේ මනසේ තාමත් දුවන්නේ අර පිරිමි රූපය පිරිමි ස්වරය කොහෙදො මනෝ ලොකයක අතරමන් කරමින් ඔහු ඉවතට පලාගොස් හෙටත් එම පිරිමි රුවම මට සුපුරුදු දුම්රියේ සුපුරුදු මැදිරියෙදිම හමුවිමේ බලාපොරොත්තුවෙන් මම මගේ නිවසදෙසට ඇදෙනවා
මගේ නෙත ගැටෙන්නේ මගේ ප්‍රිය බිරිඳ මා එනතුරු දොරකඩටවිත් බලා සිටින අයුරුයි.