කාලේකට පස්සෙ ලියන්න ගත්තට මොකද හිත ඇතුලෙ තියන හැමදේම ලියන්න බැ. එත් වෙනදාට ඩයරියට සිමාවෙන සමහර දෙවල් සමහර සිතුවිලි අද මම මගෙ බ්ලෝග් පිටුවෙ ලියන්න හිතුවා..
එකට එක හේතුවක් තියනවා..
බොහොම මැතකදි මට අපුරු චරිතයක් මුණ ගැහෙනවා.. සමහරු හරි දේවත්වයෙන් තමයි එයාව අදහන්නෙ.. මම මෙතන එයා කවුද කියලා විස්තර කරන්න යන්නැ. මොකද එක ඒ පුද්ගලාගෙ අනන්‍යතාවයට හොඳ නැකති නිසා..
ඉතින් මෙ චරිතය සමාජයෙ ඉන්නෙ හරිම සද්ගුණවත් විදියට සුදු රෙද්දක් පොරවං. කිවට මොකද හැමෝනටම උදව් උපකාර කරන්.. නොතෙරෙන දෙවල් කියලා දෙමින්. වැටෙන වැටුන සහා ජිවිතෙ වරදින වැරදුන හැමෝන්ටම උදව් උපකාර එකි මෙකි නොකි සියළු දේ කරමින්..
අපි හැමෝම එක එක අවධි වල පිඩන වල ඉන්නවා. ඔය කියන චරිතය කාලෙකට කලින් අත්දැකිම් සමඟ ගැටිලා පිඩන වල ගැටිලා යම් තරමක මනස දියුණුවක් කරත්තා කියන කෙනෙක්(ලු). ඉතිං ඒ සද්ගුණවත් කෙනා සමඟ මාත් කතා කලා...(මටත් නිකන් ඉන්න බැ නේ)...
ටික දවසක යනකොට මට ඇත්ටම තෙරුනා ඔය කියන තරම් ඒ යකා සුදුත් නැත...කියන තරම් ඒ යකා නිවිලත් නැත.. කියන තරම් ඒ යකා දියුණුත නැතකියලා..
ඇත්තටම ඒ චරිතය පිටතින් සුදු රෙද්දක් පොරව ගත්තට මොකද තමන්ගෙන් උපදෙසක් සහනයක් යහපතක් පතන කෙනෙක් ජිවිතේ මොනයම් හෝ අස්ථාවකදි කතමන්ට හෝ තමන්ව සම වෙනවා නම්... තමන් අභිබවා යන්න තැනට දියුවෙන ලක්ෂන පෙන්නුම් කරනවා කියලා එයාට පෙනවානම් කපන්නෙ කොහොමද බෙල්ල මුලින්..
නිවිලා කිවට.. අතැරියා කිවට ඇත්තටම එහෙම චරිත ඉන්නෙ ඇතුලෙන් පිච්චි පිච්චි..
තමන්ට තමන් පමණක් වෙන්න.. තමන් තමන්ට අවංක වෙන්න.. එහෙම නොවෙන්න කවදාවක් තව කෙනෙක්ට උදව් කරන්න තියා හිතක් එක්ක සෙල්ලම් කරන්න එපා..
පලි; කාගෙවත් රෙද්දක් සේදුවා වත් තරහක් පිට කලා වත් නෙමයි.. ඒ චරිතය හිතන් මවං ඉන්නවා මම කියන කෙනා එයාව අනුකරණය කරනවා කියලා... මම නිවිලත් නැ.. අතැරලත් නැ මනස දියුණු කරගෙනත් නැ
අනෙ මට ඒ අවලෙග දියුණු මනසක් ඇති කරගන්න මෙ කපෙට බැ.. මම හරිම පෘතක්ජන මනුස්සයෙක්... :)
මේ මම එයා එක්ක කතා කලාට සහා අවංකව එයාව ඇගයුවට මට ලැබුණ තැග්ග..