Tuesday, December 4, 2012

අදත් හිනැහෙමි සත්තකින් මං

තනිව හඩනා වෙලාවේ
නෙතු කඳුළු පිසින්නට
අදත් නුඹ එදා වගේ
මගේ ලඟින් සිටියානම්...

දුක කියාගන්නට බැරිව ලැතැවි

සිතින් මම සැසලෙන මොහොතක
එදා වගේ නුඹ මගේ ලඟ සිටියානම්
අදත් හිනැහෙමි සත්තකින් මං

හිතින් ලැතැවුල් දහසකුත් ඇවිදින්
හිත මගේ රිදුවුම් දෙන විට
එදා වගේ නුඹ ලඟින් සිටියා නම්
අදත් තනිනැ මගේ හිතට නම්

දිවිය පතමි

කඳුළු වලින් සැඟවි ගිය සිතිවිලි අසලම
මම අසරණ හිතින් හඩමි දුක අඩු වෙන්නම
යදම් ලැබුන ජිවිතයක් තවත් සොයා මම
දිවිය තුලින් දිවිය සොයමි පැරුණු හිත ගෙන

සිනහ ඇවිත් මට ඉඟි දෙයි යලි නොහඩන්නම

කඳුළු වලට සරදම් දෙමි හිතක් දකින්නම
අසරණ වු හැඟුමන් ලඟ යලි නොහැරෙන්නම
ජිවිතයක් පතමි මෙමා නුඹ නොපෙනෙන්නම

ආදරයේ මිරිඟුව ලඟ හිත නොසලමි මම
කඳුළු වලට ඇරයුම් නැ ඇවිත් යන්න තව
මිරිඟුව දුටු කතරක් ලඟපැන් නොසොයනෙමි අද
සිනහව ගෙන අලුත් ලොවට යන්නම් හනිකට
----------------------------------------------------------සෂි-