Thursday, November 1, 2012

අරමුණක් නැති හෙටක්......

නමක් නැති කතාවක්
මුලක් නැති ඇරඹුමක්...
තිතක් නැති නිමාවක්
හෙටක් නැති අද දිනක්....

ඇරඹුමක් නැති අවසනක්
හිනයක් නැති ඇස් දෙකක්
පැතුම් නැති පෙම් හිතක්
හැඟුම් ගොළු වුන හදක්

තබන්නට අවසනක්
ලියන්නට හිතයි කවක්
ලැබෙයි නම් ඇරඹුක්
ගොතන්නම් පෙම් සිත්තමක්

පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි.....

නොවින්ද හැඟුමක් ...
නොලැබුන සෙනෙහසක්....
හිතන් හරි විඳින්න ආස කරන ආදරයක්...
පිය සෙනෙහස
 දුවනියකට පියෙක්ගේ ආදරය ආරක්ෂාව ඔනෙමයි..ඒ හයිය ඔනෙමයි....
පියෙක්ගේ සෙනෙහස ආදරය රැකවරණය නැතිව මවක් තුරුලේ විතරක් ජිවත් වෙන්න හැදෙන්න හරිම අමාරු මේ කාලේ ඒතරමටම මේ සමාජය හුඟක් නපුරු වෙලා.......
දුවලා පැනලා දඟ කරලා හිනාවෙන පුංචි කාලෙම පියෙක්ගේ ඡායාවක්වත් දැකලා නැතිව තනියම හැදෙන..... අහිංසක හිනයක් විතරක් කවාදා හරි තාත්තා මේ වගේ රුපයකින් ඉන්න ඇති කියලා හිතේ තියාගෙන ජිවත්වෙන...දුවණියක් ජිවිතේ සමහර අවස්ථාවන් වලදි තාත්තෙක් නැති කම නිසා කොච්චර අසරණ වෙනවා ඇත්ද...
හිත කොච්චර කඩා වැටෙන්නට ඇත්ත.........

________________________________________-

කඳුලින් නිම වුන සිතුවම් හිත කොන නවතා
අකුරින් ලියන්නේ කොහොමද හැඟුමන් කලතා
හිනෙන් පතන ඔය සෙනෙහස හද තුල රඳවා
දිවියෙන් සතුටු වන්නම් කඳුලින් අමුණා

අහිමිව ගියපු සෙනෙහස හද තුල සඟවා
හිනෙන් පවා හොයනවා තව හදවත නහවා
නොලැබෙන සෙනෙහෙ හද පතුලෙම රඳවා
කඳුලින් අකුරු කරනවා හිත ඇති රුවම මවා

දඟ කල බාලයම මගේ තනියම ගෙව්වා
පිය සෙනෙහසක සෙවනැලි ගිලිහි ඇතුවා
නොදැකුණු ඒ සෙනෙහෙ සිහිනෙන් දුටුවා
තාත්තේ මම නුඹ හැම රැයකදිම පැතුවා

නොදකින රුවට කෙලෙසද තව සිතුවම් මවන්නේ
නොඇසෙන හඩට කිම දෙසවන් යොමන්නේ
නොහැගෙන හිතට කොහොමද සිතුවිලි තබන්නේ
නොලැබෙන සෙනෙහෙ කොහොමද මම පතන්නේ

දිවියෙන් උරුම කඳුලැලි හද කොන තබලා
හිනෙන් අඳිනවා රුව මම තනිවම මවලා
පිය සෙනෙහසට කවි මුතුවැල් බැදලා
තනිවම අකුරු කරනවා නුඹෙ සෙනෙසහස යැදලා
__________________________________________.