Friday, August 28, 2020

නිරෝගිමත් ලස්සන සිරුරක්..

 



අපි හැමෝම කැමති ලස්සන සිහින් ඒවගේම නිරෝගිමත් සිරුරක් ලබා ගන්න..

එක කාන්තාවන්ට විතරක් නෙමයි.. පිරිමි අයටත් ඒ වගේම වැඩිහිටි තරුණ හැමෝන්ටම තියන ලස්සන අහිංසක ආසාවක්..


මම..ඔයාලාට මං ගැන අමුතුවෙන් මතක් කරන්න ඔනි නැ කියලා මම හිතනවා

කාලයක් බ්ලොග් ලෝකයේ ලස්සනට කවි වලින් කතා වලින් ලියුවට මොකද ජිවිතේ ඇති කරගත්තසමහර අලුත් සබඳතා නිසාම පවුල කියන සංකල්පයට මුලික තැන දෙන්න වුන නිසාත් කවි වලට කතා වලට ටිකක් විරාමක් දෙන්න සිද්ද වුනා.. ඒ වුනා නොලියවුනා නෙමයි..ලියුවා ඒත් හිත ඇතුලේ දින පොතු ඇතුලේ හිර වුනා..


කාලයත් එක්ක යනකොට මට මාවම හොයාගන්න ජිවිතේට අරමුණක් දුන්නේ මගේ පුංචි පුතා.. එයාට දැං අවුරුදු 2ක්.. 

මම හිතින් වගේම හිතිනුත් හරිම ඔක්තිමත්. ඩස්සර ඇග විසාල තරබාරු පෙනුම නිසා අපහසුතාවයන්ට පත් වුන අවස්තා වලට ඇත්තටම මට මගේ හිතට ගෙනත් දුන්නෙ ආත්ම ශක්තියක්..


මම කැමති මම වගේම එක එක පිඩන වල ඉදලා අපහසුතාවල ඉදලා එකත් ආසාවෙන් කැපකිරිමෙන් තමන්ගේ ලස්සන ඔප දාන්න කැමති පිරිසකට උදව් කරන්න.. 


කැමති අය මාත් එක්ක එකතු වෙන්න

පහල තියනවා මගේ ෆෙස්බුක් බිටුව සහා යුටුයුබ් චැනලයෙ ලිංක්..


ඒවගේම සතිපතා මම අලුත් ලිපි ඒවගේම කැම රෙසිපි වලින් මගේ කළුවර හිනය එළිය කරනවා කියලා ඔයාලා හැමෝනටම පොරොන්දු වෙනවා..


දන්න කියන අය එක්ක බෙදා ගන්න.



ෆෙස්බුක් පිටුව

https://www.facebook.com/shashisvlog.lk/


යුට්යුබ් චැනලය

https://studio.youtube.com/channel/UCRYSFHTBz-hu454wiYPgpZw

  ඉස්ටග්‍රැම් එකවුන්ට් එක


https://www.instagram.com/shashi_btesgirl/


health & wellness group

https://www.facebook.com/groups/585444175466278


Monday, August 6, 2018

මං උඹේ ආදරයට හරි පෙරේතයි






මං ආසයි උඹේ ඔය
කැරලි මයිල් පිච්චිච
පපුවට මගේ ඔළුව තියාගෙන දවසම නිදාගන්න
ඒ අස්සෙන් හෙමිහිට ඇහෙන 
උඹෙ පපුව
ගැහෙන සද්දෙට ආදරය කරන්න
ඒ සද්දේ ඇතුලෙන්
දෝංකාර දෙන මගේ නම අහන්න

මේ ඔක්කටම වඩා ආසයි 
මුළු ලෝකෙටම ඇහෙන්න

' මං උඹේ ආදරයට හරි පෙරේතයි'

කියලා කෑගහලා කියන්න

කළුවර හීනය