Thursday, July 19, 2018

තනිකමක සේයාව







තනිකමක සේයාව
හද කොනක රඳවාගෙන
ඔහේ ඇද වැටෙන
සෝසුසුම් වල නාදයට
දෙකන් හුරු නොවෙන කල
තවත් මා සොයා ඵලක් ඇතිද එහි
නුඹේ සෙනෙහස
නටඹුනක් වත් නොමැති කල.....

හති දමා....හඩ හඩා.....
නුඹ ලඟම සැනසෙන්න
මඟබලන් සිටිය ම'හදවත
පණ අදියි දැන් 
යලිත් නොගැහෙන ලෙසට
කිසිදින.......

කප්පරක් සෙනෙහක්
හද කොනක රඳවගෙන
ජිවිතේ නුඹ දිහා බලා සිටි උජාරුව......
මගේ හිතම හිනාවෙයි 
ඔච්චමට මෙන් මටම
උඹට පෙම් කර මට 
උරුම වුණු කඳුළු දැක

කළුවර හීනය
-2018-07-20

1 comment:

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?