මම දැන් ජිවත් වෙනවා ------------------------------
ජිවත් වෙන්න හරිම කම්මැලි
වෙලාවකට
මට හිතෙනවා මට පිස්සුද කියලා
හැමදාම එකම විදිය
එකම මිනිස්සු
එකම රාමුව
ගල් ගැහිච්ච මිනිස්සු
හිතක් පපුවක් නැති අය එක්ක
කම්මැලි කමින් ජිවත් වෙනවාට වඩා
සැප නැත්ද
සුන්දර වු ‘මරණය‘ වැලඳ ගන්න එක
නැ
එක නෙමෙයි උත්තර
කම්මැලි කම ගෙවෙන්නත් එක්ක
හිතක් පපුවක් නැති මිනිස්සුන්ට
දැනෙනත් එක්ක
එක දවසක් හරි ජිවත් වෙන එක
ඉතින්
මම ජිවත් වෙන්න තිරණය කලා
පණ නොගැහෙන
හදවත් තාලයට නොගැස්සෙන
කුරිරි මිනිස්සු ඉන්න
විසම සමාජයක
කම්මැලි ජිවිතයකට පණ දෙන්න
ඔව්
මම දැන් ජිවත් වෙනවා
අන්න හරි දැනෙන්න ජීවත් වෙන්න. බොහෝ දෙනකුට නැත්තේ මේ සිතුවිල්ලයි
ReplyDeleteහැමෝම කුරිරු නෑ. කුරිරු අය ඉස්මතු වෙලා පේනවා. ඒ අය ගැන නොහිතා ඉමු.
ReplyDeleteහැම දුකක් කෙළවරම සතුටක් එනවා.අනික නිකම්ම නැතුව සමාජයට වැඩක් වෙන්න ජීවත් වෙන්න පුලුවන් නම් ලොකු දෙයක් නේද?
ReplyDeleteමටත් නම් දවසකට විසි පාරක් විතර හිතෙන දෙයක් තමයි ඕක.. :/
ReplyDeleteජීවත් වෙනවා කියලා දැනන එකම ලොකු දෙයක්.. ඉතුරු ජීවිතේ හැඩගස්සවා ගන්න එක විතරයි..
ReplyDelete+++
Deletehariyatama hari
ReplyDeleteඇත්ත ම කතාවක්. මම ආස යි මේ පද පෙළට.
ReplyDelete