Friday, March 6, 2015

නුඹෙන් වෙන්වි අදට සය වසරයි






මා නොවින්ද
මා නොදැකපු
හිත හිරිවට්ටන ඒ නොදැනුන ආදරය
ඔව්... තාමත් මම ඒ ආදරයට ආදරය කරනවා

වෙනසක් නැ තවමත්... නොලැබුන ඒ නුඹේ පෙමට ආදරෙයි මම තවත්

Friday, February 13, 2015

නුඹ‘න තුරු මම පාළුවේ

නුවන් කඳුලෙන් තෙමි තෙමි
ගලන වරුසා කඳුලැලි
නඟන සුසුමක රුඳුනුතාලෙට
නුඹේ සෙනෙහස සිහිවුණි

හුදකලා තනි මංසලේ
ඇවිද ගිය ම‘ජිවිතේ
ආයාගේ ගිය සුළං පොදසේ
නුඹ‘න තුරු මම පාළුවේ

සිත කඳුලැලි ඇද වැටි
තෙමයි සුසුමන් සලිතවි
හදේ ගැඹුරුම තැනට රහසේන්
රිදුම් දෙයි ම‘සිතම සැලි

කඳුළු වරුසා නිම නොවි
හඩන මගේ හිත රිදි රිදි
ඉන්න නුඹ දුර තවත් නොපෙනි

ප්‍රේමයේ දොර‘ගුල් වැසි