Friday, October 10, 2014

නුඹ නොමැති දින සතිත් ගෙවි යයි

සිහින මල් එකි‘නෙකින් පරවෙයි
නුඹ සුවඳ හද ඈත් කරලා
කඳුළු මල් නෙත් අතර හිනැහෙයි
සොඳුරු හිනෙක රටා මකලා


පිපුණු පියුමක පැහැය මැලවෙයි
රිඳුනු නෙත් නුඹ නමට හඩලා
සුවඳ රොන් නෙතු මලත් හඩවයි
රිදෙන බව තව තවත් දැනිලා


කඳුළු හිත වෙත හෙමින් පියඹයි
ඉන්න නොහැකිව නුඹෙන් මිදිලා
නුඹ නොමැති දින සතිත් ගෙවි යයි
මතක ඇවිදින් දෙනෙත් තෙමලා

Friday, August 15, 2014

නුඹේ හද සංසාරයෙම පතන්නම්..

සෙනෙහස කලතා දියකර පාකර
ප්‍රේම ගුගුල ලඟ සිත දෝවන්නම්
ආදර මල් පිපි සුපෙම් සුවඳ ගෙන
කඳුළු ගඟුල ලඟ හිත සතපන්නම්


සුපෙම් සුවඳ රැඳි හීන සයුර ලඟ
නුඹේ හද සෙනෙහෙන් සනලාන්නම්
කඳුළු පිරිගිය මතක අහුරුගෙන
සාගර ගැඹුරෙ සඟවාලන්නම්


සිනහා සුවය රැඳි දෙනෙතේ අද්දර
නුඹේ හසරැල්ලෙන් ලොවක් තනන්නම්
පෙම් සිතුවිලි පිරි සුපෙම් ලොවක් ලඟ
නුඹේ හද සංසාරයෙම පතන්නම්...


-කළුවර හීනය-