Wednesday, October 9, 2013

මතක සැමරුම් දවයි මගේ හිත

සුවඳ ඉහිරුනු මතක අහුරක
පාට හිනෙක ලැගුම් ගත් හද
ඇවිත් හිනැහෙන තවත් සවසක
සොදුරු සැමරුම් තෙමයි මගේ නෙත


කඳුළු මල් දම් ගොතා හෙමිහිට
පාට පාටින් හීන ඉකිබිඳ
හඩන මහා රෑ තනිව හිනෙට
මතක පැන්දිය තෙමයි හදවත


සොඳුරු සැමරුම් ඇහිද හෙමිහිට
මතක දවමින් හඩන මගේ හිත
සනසවන්නට කිසිත් නැති තැන
මතක පැන්‘විත් ලඟ සරයි හෙමිහිට


-කළුවර හීනය-


Tuesday, October 1, 2013

ඉතින් ආයෙත් හිනාවෙමි මම


  • ජිවිතේ දිගු වන්දනාවක 
     ඇවිද යන මඟ පුරුදු සසරක 
    අහම්ඹෙන් නෙත ගැටුනු හදවත 
    ආදරෙන් සිප සනසවයි අද


    කඳුල් වැල් පිස හෙමින් තාලෙට
     සිනහ මල්දම් සරසවා අද
     හදේ රැව්දුන් තාලේ සිහිකර 
    පෙමින් නහවයි රිදුනු මගේ හිත


    දෛවයේ එක තැනක හිර වුන 
    නුඹේ හදවත පෙම් කවක් තරමට
     ආදරෙන් කිතිකවා තාලෙට
     ගැයු හැටි සිහිනයකි තව මට


    නිදිනොමැති නෙත් කෙවෙනි අද්දර 
    නුඹ ඇවිත් රඟපාන ලස්සන
     ඉතින් ආයෙත් හිනාවෙමි මම 
    නුඹේ හදවත අරන් තුරුලට

    _ කළුවර හීනය_