Tuesday, August 13, 2013

ඇතුලගත් තව සුසුමන් හෙලයි නුඹ ඇවිත් ගිය පෙර මඟ දෙස බලා

බිනර වැස්සේ තෙමි රහසේම මතක සුවඳක පැටලිලා
වැටුනු වැහිබිදු පිරි පෙම් ගඟ යයි තවත් දෙගොඩම ගලා
අදත් හිනැහෙයි එදා වාගෙම ඇතුලගත් තව නොසැලිලා
ගියත් වෙන්වි  මතක සුවඳත් අරන් රහසේ පිටවෙලා

ගලා වැටෙනා කඳුළු බිදුවල නුඹේ සිනහව හිනැහිලා
වලා පටකින් නුවන් පිරා සොයන දෙසවන් සැඟවිලා
සලා දෙකොපුල් පුරා රැව් දුන් සිනා මල්වැල පරවෙලා
බලා සැනසෙමි නුඹේ මතකය අරන් දොතට සැනසිලා

පහන් තරුවක් පායනා සේ හදේ කොනකම නැවතිලා
එළිය කල හැටි තාම මතකයි පෙමින් හදවත නහවලා
සඳුන් සුවඳක් වගේ දැවටි පෙමින් හිත මල සරසලා
තාම මතකයි උන්නු හැටි ලඟ හදට හදවත යාවෙලා

ගලා පෙම් දිය වාන් දමනා කඳුළු ගඟකට හැඩවෙලා
රටා මවමින් දිය රැළිති උඩ ඇඳුනු මතකය හිනැහිලා
අදත් හිනැහෙයි එදා වාගෙම මතකේ හදවතේ රැව්දිලා
හමුවෙලා වෙන් වුනත් මෙලෙසින් ඇත තවත් පෙම ලියැවිලා

__ කළුවර හීනය__ 

Friday, August 9, 2013

හදේ රැව්දෙන තාලේ



නිකිණි වරුසා ඇද වැටි
කදුළු ගංඟා සේදුනි
හදෙ කොනකම මැවුනු සෙනෙහස
නුඹෙ නමටම ඉතිරුනි...

සිත වැස්සෙ තෙමි තෙමි
කදුලු මල් දම් ගොතනෙමි
හදෙ නැගෙනා රාවේ ලඟ හිද
නුඹෙ සෙනෙහස සොයනෙමි.....

පැතුම් මල් එකිනෙක පිපි
නුඹේ උණුසුම සොයනෙමි
හදෙ රැව්දෙන තාලෙ සිහිකර
නුඹේ නමටම පද අමුණමි...

__
කළුවර හීනය__