Saturday, July 27, 2013

නොනිමි සෙනෙහස (2) වන කොටස

නොනිමි සෙනෙහස පළමු කොටස මෙතැනින්


වෙනදා මෙන් නොව හිත තුල ඇත්තේ මහා ලොකු බරකි
විටෙක හිත හිරිවට්ටන තරම් සුවයක් ගෙන ආවාද ක්ෂණිකයෙන් ඒ සුවය පහව යන්නේ නුඹ ගැන මතකය හිත හිරිවට්ටන නිසාවෙන්මය.
අමුත්තන් වාට්ටුවෙන් පිටව යා යුතු නිසාමත් තවත් බොහො දේ නුඹ හා දොඩමළු විමට තිබු නමුත් අකමැත්තෙන් හො මම නුඹට සමු දුන්නෙමි

‘රිද්මිකා දැන් යන්න මන් කතා කරන්නම්කො ඔයාට‘

ඇය නිහඩව මුණ වත රැක්කාය

‘හම් යන්න බැ වගෙද ඒත් කමක් නැ දැන් යන්න යන්න වෙලාව හරිනේ‘

‘මන් ගිහින් එන්නම් අයියේ බුදු සරණයි‘
‘තෙරුවන් සරණයි නංඟි පරිස්සමෙන්‘

මම ඇයට සමුදුන්නෙමි

හිත තුල දහසක් සිතුවිලි බුර බුරා දැල්වෙයි නොකියා ඇගේ දෙනුවනින් පවසය ආලය මගේ හදවත තුල ලැගුම් ගත්තේ අද ඊයෙක නොවන බව නම් නොරහසකි
ඇත්තෙන්ම රිද්මිකා යනු මාගේ දිවියේ නැවතුම් පලකි
කොටින්ම කියතොත් රිද්මිකා යනු හැරවුම් ලක්ෂයකි
නමුත් තිරණයක් ගත යුතුව තිබුනත් කෙසෙහො මා එම සිතුවිලි සමුදායන් නොතෙරුනාක් සේ හදවත කොනකම රදවා හිර කර තබනුයේ ‘ආදරය‘ යන අකුරු සතර තුල ඇගේ ජිවිතයක් මගේ ජිවිතයත් එකිනෙකට අතරමන් කල නොහැකි නිසාවෙනි.

මා හුදෙක් රිද්මිකාට ඇලුම් කලේ කෝල මුසු දඟකාර වදනින් ඇගේ මුළු දිවියම පිරි තිබු නිසාවෙන් විය හැකිය

එසෙත් නැතිනම් ජිවිතය නම් මහා කටුක ගංඟාව ඉදිරි පිට ඇය නොසැලි නොවැටි සිටිමට තරම් එඩිතර වු නිසාවෙන් විය හැක 
මේ දිවිය තුල ඇයට මුහුණ පැමට ලැබු සරදම් නම් මෙතෙක් යැයි කියා නිම කල නොහැක.
අදටත් ඇය ලඟ මාගේ හදවත නතර වුයේ ඇයි දැයි කියන්නට නොදනිමි
නමුත් ලෝකයේ දහසක් රුදුරු ඇස් අප වට කොට ඇති බව යලි යලිත් මගේ හිත තුලට නැග එන සැම මොහොතකදිම මම අකමැත්තෙන් හො ආසාවන් සියල්ල හිත තුල සිර කර ගතිමි

කඳුළු දැවැවද්දම ඇ අගසට තබා මාගේන් පැතුවේ ජිවිත කාලය පුරාවටම සින්නකරයට සිනහව ඇය ලඟ තබා යන ලෙසටය
මුවින් ඇ එබවක් නොඉල්ලුවත් ඇය හා දොඩමළු වෙන සැම මොහොතකදිම ඇගේ දෙනුවන් තව තවත් මාවම ඇය  ඇයදුවාය
ඇය නොකි එකම රහස නම් එය පමණි

දෛවය යනු පුදුම සහගත දෙයකි අපි නොසිතු වෙලාවක නොසිතු අයුරින් අප ජිවිතයට නොයෙක් ආකාරයේ පුද්ගලයන් මුණ ගස්වයි
සමහරු අකමැත්තෙන් වුවද ජිවිතයේ අතර මඟ නතර කර දමා යන අතර තවත් සමහරු කොතරම් අපි ලන් කර ගැනිමට උත්සහ කලද අපේ දිවිය හැර යන්නේ නොසිතන අයරකින්ය
රිද්මිකා යනු තවත් මගේ දිවියට හමුවු එවැනිම චරිතයකි
කොරම් ඇ හට මා සිත ආකර්ෂනය වුවද සම්මත ලොව තුල ඇය යනු හුදෙක් මට සිහිනයක් පමණි ඒ බැව් දැන දැනත් මා ඇය වෙත ලන් විමට නොසිතා ඇගෙන් ඇත් විමට කොතරම් උත්සහා ගත්තද ඊළඟ ක්ෂනිකයෙන් ඇය මාවෙතට ඇදි එන්නේ සුළඟ බඳු වේගයකිනි

ජිවිත ගමනේ ඇය ඇගේ ඉරණම් ගමන යැමට තවත් ටික දොහයි
ඇගේ ජිවිතය තවත් නන්නදුරනා තරුණයකු හා තින්දු වි අවසන්ය
ඒ බැව් මා නොදන්නවා නොවෙයි
කඳුළු බොන අතිතයක පැටළුනු රිද්මිකා ජානක හා ඉරණම් ගමන යැමට කොහෙත්ම සුදානම් නැත
එය ඇය වරෙක මට සහතික කර පවසා ඇත
ඇය සොයන කෙලිලොල් ජිවිතය ඔහු සතු නොවිමත් අසිමිත ලෙස ඇයට මුර කාවල් දමා ඇය ජිවිතය නැමති හුයේන් බැඳ තබා ගැනිමට වෙර දැරිමත් ජානක ඉදිරියේ රිද්මිකා ගෙන තැබු චොදනාවන්ය

‘දැන් ඉතින් කරන්න දෙයක් නැනේ දරුවො අකමැත්තෙන් වුනත් තාත්තා බලපු මනමාලයාව ඔයාට බඳින්නම වෙනවා‘

‘අයියාත් කියන්නේ මට අර මනුස්සයා බැදලා විදවන්න කියලාද
ඇයි දෙයියනේ මේ ලොකේ ඉන්න මිනිස්සුන්ට මාව තෙරුම් ගන්න බැරි‘

‘අපි හිතන පතන දේවල් අපිට ඒ විදියටම ලැබෙනවානම් ජිවිතේ කිසිම ලස්සනක් නැ නංඟි එක තෙරුම් ගන්න ඔයා එයාට අකමැති නම් එක කෙලින්ම දෙමාපියන්ට කලින් කියන්න කසාදය කියන්නේ සෙල්ලමක් නෙමෙයි දරුවො‘

මම ඇයට නොදැනි එත් කිව යුතුමයි කියා තිබු ලොකු තිරණයක් ගැනිමට උදව් කලෙමි

‘අයියාට තෙරෙන දෙවල් එ මනුස්සයාට තෙරෙන්නේ නැ එකනේ කරුමේ‘

‘හැමදේම හැමොන්ටම එකම විදියට ලැබෙන්නේ නැ එත් වුවමනාවක් තියනවානම් අපිට ඔනේම දෙයක් බලෙන් හරි ලඟා කරගන්න පුළුවන් එක තමයි ඇත්ත ‘


‘මන් හොයන ආදරය එයා ලඟ නැ අයියේ අඩුම තරම රුපය වත්‘

හම්ම්ම්



දිනෙන් දින ඇය මවෙතට ලන් වෙන්නට වෙර දරයි
මගේ සිත වුවද තහන්චි දමා හිර කර නොතිබුනත් මම ඇය හට මගේ හදවතේ දෙරඟුලු හැර දැමිමට කිසි විටකත් ඉඩ නොතැබිමට වඟ බලාගතිමි
ඒ සම්මත ලොකයෙන් ඇය හට අසම්මතයකට තවත් පණ නොපැනවිය යුතු නිසාවෙනි

**********
මගේ සිත මාවත් අතරමන් කරවන දැහැනක සමවැදි සිටියත් ඒ දැහැන බිඳ දැමුවේ ජන්ගමය නොනවත්වා නාද වු නිසාවෙනි

ඒ සඳලිය

‘සනු පරිස්මෙන් ගියාද‘

‘ඔව් අයියේ මේ ගෙදරට ගොඩ වුනා විතරයි හරි මහන්සි‘

‘ හරි සනු එහෙමනම් නාලා කාලා පරිස්සමනේ ඉන්න මන් රෑ වෙලා කතා කරන්නම්කො දොනි ඇන්දා එක්කත් ටිකක් කතතා කරන්න ඔනේ

 තව ටිකකින් දොස්තර එයි‘

හරි අයියේ දුව හොදටොම නිදි දැන් 

අයියාත් පරිස්සමෙන් ඉන්න ඉක්මනින්ම සනිප වෙන්න
මගේ අයියාට දළඳා සමිඳු පිහිටයි‘
‘තෙරුවන් සරණයි නංඟි‘

ජංගමය ක්‍රියා විරහිත කර මම ඇයට සමු දුන්නෙමි

බැඳිම් යනු හුදෙක් මිනිසා ජිවත් කරවන.. තවත් වරෙක මිනිසුන් ජිවිතයෙන් පරදවන අරුම පුදුම දෙයකි..

මතුසම්බන්ඳයි.....

Thursday, July 18, 2013

නොනිමි සෙනෙහස

වාට්ටුව ඇතුලේ පුදුම කලබලයක්
මම ඇදෙන් හරි බරි ගැහිලා දිලා වුනේ ඔරොලොසුව දෙස නෙතු යොමමින්මයි
වෙලාව සවස 5යි
පුරුද්දට වගේ වාට්ටුවට ඇතුල් වෙන දොරටුව දිහා බැලුනේ බොඳ වෙච්ච රුවකින් හො ඇගේ මුව මට දැක ගත හැකිවෙදො කියලා බලාපොරොත්තුවෙනි

ඔරලොසුවේ වෙලාව කැරකෙන්නේ බලන් ඉද්දිමයි
කටු කැරකෙන වේගයට මිනිත්තුවෙන් මිනිත්තුව ගතවෙලා යන්නේ විදුලි වේගයකිනි

ඇස් අගිස්සට කඳුළු පිරි දෙනේත් බොඳ වෙන තුරුත් මම මුළු වාට්ටුවම පිරා සෙව්වේ ඇගේ රුව දැන් හමුවේදො දැන් හමුවේදො බලාපොරොත්තුවෙනි


‘හම්ම්ම් අද එන්නේ නැ වගෙයි‘‘
මම මගෙම හිතට කොදුරගනිමින් මම ඇදේ අනිත් පැත්තට හැරුනේ දුක හිත යට රදවා ගිනිමිනුයි

‘කළණ අයියේ

පුදුමයෙන් මෙන් මා පිටුපස හැරුනේ සඳලි ගේ කට හඩ ඇහුනු නිසාමයි

‘නංඟි ආවාද මන් එත් හිතුවා වෙලාව පරක්කු වෙන නිසා අද එන්නේ නැති වෙයිදො කියලා‘

‘නැවිත් බැනේ අයියේ අද පාරේ හරියට ට්‍රෆික් එක එකයි ටිකක් පරක්කු වුනේ අනික දුවත් අන්තිම මෙහොතේ අඩන්න ගත්තා එයාවත් එක්කන් යන්න කියලා

‘අපරාදේ කෙලිව එක්කන් එන්නයි තිබ්බේ‘

‘එක්කන් ඇවිත් කොමද? ඉතින් දොස්තර මොනාද අයියේ කිවේ  කවදා දිහාවට ටිකට් කපයිද‘

‘බාගවෙලාවට හෙට අනිදාට පුළුවයි වෙයි සඳු තව රිපොට් වගයක් තියනවා එන්න‘


සඳුගෙ දෙනෙතින් ගලා එන්නේ උණු කඳුලැලි නොව එ මාගේ වේදනාවත් ඇගේ හිතේ කකියන  දහසකුත් දුක් කම්කටොලු වල එකතුවකි
ඒ වැටෙන සැම කඳුලක් කඳුලක් පසාම ආදරයක් දිවි බරත් එකතුවකින් කඳුලැලි බර විදො කියා හිතේ රුව්දෙයි
 වෙනදා මෙන් නොව දැන් දැන් එන්න එන්නම ප්‍රෂ්න කම්කොටොලු නැග එන්නේ මාගේ හදිසි අසනිප තත්වයත් සමඟින්ය
ගෙදර සියළුම කටයුතු ඇන හිටියත් පිරිමියකු සේ සියළු බර කරපටවාගෙන ඇය සියළුවම කටයුතු සමබර කරගන්නේ මගේ හිතට තවත් සහනයක් ලබා දෙමින්ය.ඇත්තනේම ඇගෙන ලැබෙන සහය මට වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය.


‘මොකද අයියේ කල්පනාවක‘

‘නැ සඳු මට මන් ගැනත් හිතන්න දැන් වෙලාවක් නැ‘

‘ඔවා හිතන්න එපා හැමදාම ලෙඩ ඇදේ නැනේ ඉක්මනින් සනිප වෙනවානේ‘


සඳලි තම අත්බැගය සකස්කිරිමට පටන් ගත්තාය

‘ඔය යන්නද‘
‘ඔව් අයියේ බස් එක අල්ල ගන්න බැරිවුනොත් මඟටම රස්තියාදුව‘

 


****

 ඇයට සමුදිමට සරසෙනවාත් සමඟින්ම ඇතින් ඇදි එන බොද වු රුව දෙස නෙතු ගියේ ඉබෙටමයි

දෙඇස් අදහා ගත නොහැකි වු විස්මයෙන් යුතුව මම එ රුව  බලා සිටියේ මා දකින්නේ පුදුමයක්දො කියා සැකෙනුයි

‘හම්මො කලණ අයියේ වාට්ටුව හොයාගන්න තිබ්බ අමාරුවක්‘

‘මන් හිතුවේ නැ රිද්මිකා එයි කියලා


ඇග් දඟකාරව වදන් වලට මන් ඉක්මනින්ම පිලිතුරු දුන්නේ සමුගැනිමට සැරසෙන සඳලිට කුතුහලක් හටනොගැනිමට වගලාගනිමිනුයි
මා ඇය හා දොඩමළු විය යුත්තේ කෙසෙද???
එක පසකින් සඳලිය අනෙක් පසින් හුරතල් වදනින් දොඩමළු වන රිද්මිකාය

‘අදුරගන්න මේ සඳලි... සඳු මේ රිද්මිකා මගේ යාළුවෙක්‘

හිසේ සිට පාදන්තය තෙක් නෙත් යොමා දිර්ඝ බැල්මක් හෙලු සඳලි රිද්මිකා වෙත මද සිනහවාක් පැවාය

‘අයියේ එහෙමනම් මන් යන්නම් දුව බලාගෙන ඉන්නවා මන් එන්නකන්

‘හොඳයි සඳු ගෙදර ගිය ගමන් කොල් එකක් දෙන්න.. පරිසමෙන් යන්න... තෙරුවන්සරණයි...‘

‘අයියාත් පරිසමෙන් ඉන්න වොවට බෙහෙත් බොන්න හදිසියක් වුනොත් කොල් එකක් දෙන්නකො
යන්නම් නංඟි


ඇය රිද්මිකාටත් සමුදි  මෙන් අනතුරුව මවෙතින් ඇදි ගියාය ය.

මුවින් නොකිවත් රිද්මිකාගේ නෙතෙහි රැදුනු චකිතය මට හඳුනාගැනිමට වැඩි වෙලාක් ගත වුයේ නැත නමුත් කිසිවක් නොතරුනාසේ මම ඇය වෙත හිස් බැල්මක් හෙලා

‘ඉතින් නංඟි‘

කියා ඇයෙ වෙත හැරුනේ ඇගේ දැහැන බිඳිමට සිතාගෙනයි

ඇගේ සිත තාමත් චන්චලය මට එය නොතෙරෙනවා නොවෙයි නමුත් මන් නොතෙරුන ගානට සිටින්නේ තවත් හරස් ප්‍රෂ්න වලට පිලිතුරු බැඳිමට මෙ සුදුසු අවස්ථාවක් නොවෙන නිසාමයි

‘මොකො නංඟි කල්පනාව අයියාව බලන්න ඇවිත් කතා නොකරම යන්නද හදන්නේ‘

‘නැ අයියා එහෙම දෙයක් නැ මන් මේ කල්පනා......‘

‘මන් දන්නවා හරි එවා ගැන පස්සේ කතා කරමු.. දැන් කොමද නගාගේ වැඩ කටයුත් අසනිප වුන නිසා මට එවා හොයලා බලන්නත් බැරිවුනා



‘හම්....‘

6 කන්සම වැදෙනවාත් සමඟ වාට්ටුවේ මෙට්‍රන් වරිය සිනුව නාද කලේ දැන් අමුත්තන්ට පිටවිමට වේවාලට හරි යන්න දැනුම් දිමටයි
දුකින් පිරි ගිය රිද්මිකාගේ මුව දෙස මා එක හෙලා බැල්මක් යෙමු කලේ
දැන් යන්න නංඟි

කියා නොකියා කිමට බැරි නිසාමයි


මතුසම්බන්ඳයි ....


***********************************