Monday, June 10, 2013

හද සොයන නුඹේ රුව

පබළු වැහි බිඳු ඇද වැටි
මගේ සියොලඟ රැඳි රැඳි
නුඹේ සෙනෙහස පතන විට මම
සිනහා හසරැල් මුව‘ගෙහි රැඳි

සුවඳ මල් කැකුලක් සැලි
මගේ හිත ලඟ පිපි පිපි
නුඹේ සුවඳක් සොයන විට හද
හැඟුම් සිහිනෙක සැරසෙති
 

ලියු කවි සිත කලතමි
මතක හැඟුමන් මැවි මැවි
නුඹේ සෙනෙහස් ගඟුල ලඟ මම
ඇවිත් පෙම් සිත සොයනෙමි

Sunday, June 2, 2013

පියාපත් ලදිමි...

වෙලාව හතරයි දහයයි
උදාර තාම නැ
මම ඇතින් එන වාහන දිහා බලාගෙන හිටියේ උදාරගේ ඡායාවක් මතුවෙයිදො කියලයි..පෙනෙන තෙක් මානයකවත් උදාරගේ රුපයෙ නෙතිබුන නිසාම දෙතුන් වතාවක් ඔහුව සම්බන්ඳ කරගන්න ජංගමයට ඇමතුවක් එයිනුත් කිසිම වැඩක්වුනේ නැ..
උදාර එන්නේ නැතිද..
මගේ හිතේ වැඩ කරන දහක් ප්‍රෂ්න මදිවට මෙකත් දැන් ප්‍රෂ්නයක් වෙලා කරන කියන කිසි දෙයක් තෙරෙන්නේ නැ..
ඔළුව නිකන් යකාගේ කම්මල වගෙයි...

උදාර ෆොන් ආනසර් කරන්නේ නැත්තේ ඩ්‍රයිවි කරන නිසාවත්ද ...සමහර විට මග එනගමන් වෙන්න ඇති
 නුගේගොඩ KFC එක ඉස්සරහා හිටගෙන මහ දවාලාක පාර පුරාවට උදාරගේ රැපය බල බල මම හිටියේ තොන්දු මාන්දු වෙච්ච හිතින්....

ඇගට ලේ ටිකක් ඉනුවේ ඇතින් එන උදාරව දැක්කාට පස්සෙයි

‘‘හුඟක් වෙලාද කෙල්ලේ ඇවිත් සොරි ටිකක් ලේට් වුනා ඔෆිස් එකේ වැඩ හුඟක් හිර වුනා‘‘

‘‘එකට කමක් නැ උදාර ඉක්මන්ට යමු මට ඔයා එක්ක ලොකු ප්‍රෂ්නයක් තියනවා කතා කරගන්න‘‘
_----------------------------------------------------------------


අපි KFCඑක ඇතුලට ගිහින් තියන කෙලවරෙම මේසෙට ගියේ මට හිතේ තියන හැදෙම එයාට කියන්න පුළුවන් කියලා හිතපු නිසා
කොහෙන්ද පටන් ගන්නේ කොහෙන්ද ඉවර කරන්නේ මට තාම අගක් මුලක් තෙරෙන්නේ නැ
එත් මම දන්නවා මගේ කතාව අහන්න පුළුවන් එකම කෙනා උදාර ඔව් උදාර විතරයි

‘‘මොනාද බොන්නේ කෙල්ලේ‘‘

‘‘මුකුත් එපා උදාර මට ඔනේ ඔයා එක්ක ටිකක් කතා කරන්නයි‘‘

‘‘හම් එකත් එහෙමද ‘‘

‘‘හරි දැන් කියමු බලන්න ප්‍රෂ්නේ‘‘

‘‘මෙකයි උදාර ඔයා දන්නවානේ හසිතයි මායි අතරේ සම්බන්ඳයක් තියනවා කියලා‘‘

‘‘ඔව් මම දන්නවා ඉතින් දැන් මොකකද එකේ තියන ප්‍රෂ්නය‘‘

‘‘අපි දෙන්නා අතර වයස පරතරයකුත් තියනවා කියලා දන්නවානේ‘‘

‘‘ඔව් කෙල්ලේ මම එකත් දන්නවා ඉතින් කෙකරබාන්නේ නැතිව ප්‍රෂ්නය කියමුකො‘‘

‘‘දැන් හසිත මාව මඟඅරිනවා උදාර මට තෙරෙන්නේ නැ මොකද කරන්නේ කියලා ඔක්කටම වඩා මට එක ලොකු ප්‍රෂ්නයක් වෙලා‘‘

හම්ම් එකත් එහෙමද මොකක්ද ප්‍රෂ්නය එක කියලා ඉමු මුල ඉඳන්ම එතකොට පුළුවන් වෙයි මම උදව් කරන්න

‘‘ඔයාට මතකද ගිය මාසෙ ඔයයි මායි සයුරියි හසිතයි කොෆි බීන් ගියා‘

‘ඔව් මට මතකයි ඉතින්‘

‘‘එදා ඔයාලා එක්ක ඉඳලා අපි කෙලින්ම ගියේ කොටුවේ ස්ටෙෂන් එකට නුවර යන්න ටිකට් බුක් කරන්න දන්නවානේ අපි මෙ මාසේ අන්තිම නුවර යන්න හිතන් හිටියේ‘‘

‘‘ඔව් මට හසියා කියලා තිබ්බා ඉතින් දැන් එකද ප්‍රෂ්නේ‘‘

‘‘නැ නැ උදාර ටිකට් බුක් කරලා අපි දෙන්නා පොඩ්ඩක් එලියට ගියා ඔයාට ඉතින් කියන්න ඔනේ නැ ඉතුර ටික‘‘

‘‘හරි මට හිතාගතැකි
ඉතින්‘‘

‘එදා ටිකක් අපි දුර ගියා වැඩියි උදාර අපි දෙන්නා අතර හුඟක් දෙවල් වුනා මට හසිතට එපා කියා නවත්තන්නත් බැහැ එත් මම එයාට ඉඩ දුන්නා

‘‘ඉතින් දරුවො ටිකක් කල්පනා කරලා වැඩ කරන්න එපැයි මොඩියෙක් නොවි එත් ඉතින් දැන් මොක කරන්නද ඔවා දෙන්නාගෙම කැමැත්තෙන් වුන දෙවල්නේ... දැන් මොකක්ද ප්‍රෂ්නේ‘‘

‘‘එදායින් පස්සේ ඉඳන් හසිත මාව මඟහරිනවා මට තෙරෙන්නේ නැ උදාර මොකද කරන්නේ කියලා කොල් කලාට ආනස්ර් කරන්නේ නැ මෙසෙජ්වලට රිප්ලයි නැ කොයි වෙතේ බිසි කියනවා මට තෙරෙන්නේ නැ
මට නොකියා කියන්නේ මෙක නතර කරමු වයස ප්‍රෂ්නය නිසා කවදාකවත් මෙක වෙන්නේ නැ කියලා
ඉතින් උදාර එයාට වයස මතක් වෙන්නේ හැමදේම වුනැයින් පස්සේද මට නිකන් පිස්සු වගෙයි උදාර‘‘

‘‘හම් මට ඔයාගේ තත්ත්වය තෙරෙනවා කෙල්ලේ දැන් මගෙන් මොකක්ද වෙන්න ඔනේ‘‘

‘‘ඔයා ටිකක් හසිතට කතා කරන්න මට තෙරෙන්නේ නැ මෙ ප්‍රෂ්න වලට උත්තර හොයන්නේ කොමද කියලා‘‘

‘‘හරි  මම කතා කරන්නම් කො එත් මම කතා කරයි කියලා මිනිහා වෙනස් වෙයිද
එකක් කෙල්ලේ මට මිනිහාගේහිත වෙනස් කරන්න බැ
 ඔයාම දන්නවානේ හසියාගේ ඩයල් එක මොකක්ද කියලා මට වඩා හොඳට‘‘

‘‘මට තෙරෙනවා උදාර මම දන්නවා හොඳට නමුත් මේ ප්‍රෂ්නය කතා කරන්න පුළුවන් එකම කනාට ඉන්නේ ඔයා විතරයි ඔයා එකත් හොඳටම දන්නවානේ
මට උදව් කරන්න ප්ලිස් උදාර‘

මම උදාරට සමුදුන්නේ හිතේ බර හැමදෙයක්ම අකුරක් නෑර උදාර එක්ක බෙදාගෙන.. උදාර නොසිටින්න මට මගේ හිතේ තියන දෙවල් කියන්න කෙනෙක් නැ
වැලහින්නක් වගේ අඩනවා හැරෙන්න මට කරන්න දෙයකුත් නැ
හැමදෙම වචනයෙන් පිට කරාට පස්සේ හිතට දැනුනේ පුදුම සහනයක් සැනසිල්ලක්
 _______________________________________________

‘‘මචන් හිසියා උඹ කෙහෙද බන් ඉන්නේ ‘‘

‘‘ගෙදර බන් කියපන්‘‘
‘‘මචන් මට අද හංසි ව හම්බවුනා
පව් බන් එකි දැන් උඹ මොකක්ද එකිට කරන්න යන්නේ‘‘

‘‘මොනා කරන්නද බන් අතැරලා දානවා‘‘

‘‘උඹට එච්චර ලොසියෙන් මඟ හැරලා යන්න බැරි වෙයි පුතො එකි වැලහින්න වගෙ අඩනවා පව් බන් එකි‘

‘කරන්න දෙයක් නැ බන් මම එකිට එන්න කියලා බල කලෙත් නැ හැමදෙම වුනේ අපේ කැමැත්තෙන් අනික බන් මට වඩා වැඩිමල් එකියක් කරගහ ගන්න මට බැ අම්මා වුනත් කැමති වෙන්නේ නැ මම එක ෂුවර් එකටම දන්නවා‘‘

‘‘එහෙමයි කියලා උඹට එකිව අතරින්න බැනේ පොඩ්ඩක් කතා කරපන් පව් එකි
අද උඹ ඔහොම එකිව මඟහැරලා යයි හෙට තව එකෙක් ටිකක් හිතපන් උඹටත් අක්කා කෙනෙක්නේ ඉන්නේ‘‘

‘‘මට කරන්න දෙයක් නැ බන්‘‘

‘‘උඹට ඔය තිරණය එහෙම නම් ගන්න තිබ්බේ මොනාහරි වෙන්න කලින් දැන් උඹ හැමදේම කරගෙන එකිව මඟහරින එක වැරදි
උඹ එකිට කතා කරපන් එච්චරයි
______________________________________-


ඔළුව පැලෙන්න තරම් රිදෙනවා
මම දෙපාරක් නොහිතා උදාරට කොල් කලේ හසිත මොකද කියුවේ බලන්න

‘හලො උදාර ඔයා හසිට කතා කලාද‘

‘‘හම් ඔව් කෙල්ලේ කතා කලා ඌ ඔයාට කතා කරන එකක් නැ සමහර විට මට කියන්න බැ ඔයාට හසියාව අමතක කරන්න කියලා එත් මට කියන්න තියෙන්නේ පුළුවන් නම් මිනිස්සු තෙරැම් ගන්න.. ඔහොම දෙකින් අතරිනවා කියන්නේ මගේ යාළුවා වුනත් බල්ලෙක් පුළුවන් නම් ඌව අමතක කරපන් කෙල්ලේ‘‘
‘‘හිත හදාගන්න අමාරුයි තමයිඑත් කොම හරි හිත හදාගනින්‘‘

‘‘අනේ උදාර
මම කොමද දෙයියනේ රටේ ලොකෙට මුහුණ දෙන්නේ මම කොමද හිත හදාගන්නේ‘‘
කරන්න දෙයක් නැ කෙල්ලේ හිත හදාගනින් කොම හරි දාලා යන එකෙක්ව බලනේ තියාගත්තත් මුළු ජිවිත කාලයම විඳවන එකම තමයි වෙන්නේ ඊ වඩා හොදයින්නේ බන් යන එකාට යන්න දිලා හිත හදාගන්නවා රටේ ලොකේ ඔනේ තරම් හොඳ කොල්ලො ඉන්නේ

‘‘කොල්ලො ඉන්නවානම් තමයි උදාර එත් දෙයියනේ මම ආදරය කලේ හසිතට නම් මොනතරම් කෝල්ලො හිටියත් වැඩක් නැනේ‘‘

‘‘මට නොතෙරෙනවා නෙමෙයි හැඟිම් නෙමෙයි ඔළුවන් වැඩ කරන්න.. ඔනේ වෙලාවකමට කතා කරන්න ඔනේම දෙයකට‘‘
 මම හෙටත් ඔයාට දවල් වෙලා කතා කරන්නම්කො‘‘


කදුළු බින්දු හයියෙන් හයියෙන් දෙකෙම්බුල් මතින් බෙරිලා ඇදගෙන වැටුනා
ඇස් ගෙඩි දෙක ලොවි ගෙඩි දෙකක වගේ අඩලා අඩලා ඇස් ඇරගන්න බැ මට හසිගේ පස්සෙන් යන්න බැ ලොකෙට මුහුණ දෙන්නත් බැ එහෙයි කියලා හිත හදාගන්නත් බැ‘
----------------------------------------


දවසට දෙතුන් වතාවක් දුරකතනයෙන් උදාර මට කතා කලේ මගේ හිත හදන්න මම එක නොදන්නවා නෙමෙයි ඔයාගේ යාළුවා වුනත් කරපු වැඩේ වැරදි කියලා උදාර මගෙත් එක දෙතුන් වතාවක් කියුවාත් එයාට වුනත් මගේ ප්‍රෂ්නෙට විසදුමක් දෙන්න බැ

________

දවසට දෙතුන් වතාවක් කතා කරපු උදාර මගේ හිතේ ගිනි නිව්ව උදාර මගේ හිතට එබිකම් කරනවාදො කියලා මට නොසිතුනාම නෙමෙයි..සමහර වෙලාවල් වලට මම උදාරව මඟ හැරියත් එයා මට කරපු උදව් මතක් වෙනකොට මට පිටුපන්න බැරි කම නිසාම මම අසරණ වන වාර අනන්තයි එ නිසාම  දෙපාරක් නොහිතා මම උදාර එක්ක කතා කලා

මට උදාරව මඟ හරින්න බැ මම ප්‍රෂ්නෙක හිටිය වෙලෙ මට උදව් කලේ එයා නමුත් උදාරට මගේ ජිවිතේට එන්න දෙන්නත් බැ


පිරිමි පහසක් ලැබු මගේ හිතට මට තවත් එක පිරිමි පහසක් අවෂය නැ කොතරම් දැඩි තිරණයක් හිටියත් මාට මාව පාලනය කරගන්න බැරිවුන හිතට උදාර එබිකම් කරලා ඉවරයි


කාලායාගේ ඇවැමෙන් මගේ හිතට එබි කම් කරපු උදාර දැන් මගේ ජිවිතේ වැදගත් භුමිකාවක් රඟපානවා මගේ ජිවිතේ හැමදේම හසිට පස්සේ දැනන් හිටිය එකම කෙනා මාව තෙරුම් ගත්ත කෙනා
මඟ වැරදිලා වැලහින්න වගේ අඩපු කාලේ මගේ ඇහේ කදුළු පිස දැම්ම කෙනා
තවත් කඳුළු කතාවකට ඉඩ නැහැ කියපු කෙනා..... මගේ ජිවිතේ වැදගත්ම  භුමුකාව රඟපානව
කඳුළු කතා අහවරයි
මගේ ජිවිතේ සමනළ වසන්තයඇත්තමයි මේ හිතින් දුක් වුන වාර අනන්තයි කරුමක්කාර ආදරයක අඳුරු සෙවනැලි එක්කරපු හසිත වෙනුවෙන් කැප කරපු මගේ ආත්මය ඇයි මට උදාර වෙනුවෙන් කැප කරන්න බැරි වුනේ

පමාවි පිපෙන මල් සුවඳයි

ඇත්ත මගේ ජිවිතේට ආව සුවඳ මල් කැකුල
එත් එ සුවඳ තැවරිලා තිබුනේ කියෙන් කි දවසද වැඩිම වුනොත් අවුරුදු 3ක් වෙයි
මහ හෙණ ඇදහැලෙන මොර සුරන වරුසාවක් ඇදහැලෙනවා වගෙ මගේ ජිවිතේ එබි කම් කරපු උදාරගේම යාළුවා හසිත නැවතත් මගේ ජිවිතේට ඇස් යොමන්න ගත්ත දවසෙයි
මම දවසක් හරි ආදරය කරපු කනා නිසාමත් මගේ ආත්මය පුද කරපු කෙනා නිසාමත් මම එ හිතට නැවතත් ලන් වුනා
එහෙමන නොවෙනවානම් ඇත්තටම එ පුදුම සහගත දෙයක්
නමුත් මගේ අවාසනාව මැරිලා ඉපදුන මට ආයෙමත් මරණ මංපෙත් පැදිලා

නොසිතු මොහොතක නොසිතු වෙලාවක මගේ හිතට ආයෙම එබිකම් කරපු හසිතගේ අදුරු සෙවනැල්ල මටම සාපයක් වෙලා
 මට තාම මතකයි අද වගෙම හසිතයි මායි ඇවිදන් ආපු නිදහස් චතුරශ්‍ර මාවතේ අපේ ඉස්සරහාට ඇවිදන් එන උදාරව
පිපිරිලා බිඳි පොඩි වෙලා  ගිය අසරණ කමින් පිරිච්ච මුණෙන් මන් දිහා බලපු උදාරව..
දෙයියනේ මම මේ කරපු පාපයට මට කවදාක්වත්ම සමාවක් නැ
දෙවියෙක් වගේ මගේ ජිවිතේට උදව් කරපු එ අහින්සක මනුස්සයාට මම කරපු ද්‍රොහි කමට මටම සාප වෙයි


-------------------------------------------------
අද ඒ පින්වන්ත හිත දුර ගිහින්
 හුඟක් දුර ගිහින්
කෙටින්ම කියුවෙත් මම වැටුන වලෙන් මට නැගිටින්න උදව් කරලා මම තවත් වලකට ඒ සෙනහෙවන්ත හිත ඇද දාලා......

‘‘මගේ යාළුවත් එක්ක බුදිය ගත්ත ගැනිට තවත් කොල්ලෙක් එක්ක බුදිය ගන්න බැරි කමක්  නැ‘‘
තාමත් මගේ කණ් දෙක පුරාවට රැව් පිලි රැව් දෙන්නේ උදාරගේ මේ ගොරොසු වචන ටික


මෙ හැමදේම වෙලා දැන් අවුරුදු ගානක් වෙනවා
තාමත් රිදුම් දෙන මතකය රිදුම් දෙන අතිතය මට කඳුළු පාර පෙන්නන්නේ මගෙම මෝඩ කම් නිසාම පමණයි
පිරිමි යනු හුඳෙක් අවස්ථාවිදියෙක්යය කඳුළු පිසදමින් හිතකට ලන් වි තවත් කඳුළු කතාවකට ඇරඹුමක් දෙන තවත් එක්තරා විදියක අවස්ථාවාදියෙක්ය... තවත් වරෙකට ගැහැනියකගේ දුර්වල හිතකින් ප්‍රෙයාජන ගන්න හදනා කුරුරි ජිවිතයක්ය....



--

මෙ කතාව මෙතනින් ඉවරයි නමුත් අපි අතර ඔනේ තම් අවස්ථාවිදි හිසිත ලා උදාරලා අසරණ වෙන හංසිලා දුකට පිහිට වෙන්න එන  උදාරලා  ඔනේ තරම් ඉන්නවා මේ සැබැ ලොකේ අපිට හම්බ වෙන සැබැ චරිත 3ක් එත් කවදා හරි හංසිටත් අනාගතයක් තියයි මැරෙන්න මොහොතකට කලින් කලි හංසිටත් හසිටත් එවගෙම උදාරටත් තෙරෙයි තමන් කරපු කියපු දෙවල් වල බැරැරුම් කම