Tuesday, March 26, 2013

බෝ මළුවේ විරාමයක්

පායපු පුන් සඳ
එ සඳ වටා විහිදෙන කහා සුදු එළිය
සඳ දිහා බලන් ඉන්න මොහොතක් පසා මගේ හිත වෙනමම ලෝකයකට ගෙනියනවා වෙනමම දැහැනකට හිත පටවනවා ඇත්තම කියුවොත් මගේ කවි හිත තව තවත් දළුලනවා
ඇතින් ඇහෙන ඝණ්ටාරේ නාදය දෙකන් පෙති වලට එක්කර සැනසිම කියන්නට ගලපන්නට මට ඇත්තටම වචන නැ....

සුදුවට සුදුවේ සැරසිලා සුදුම සුදු මල් වටියක් තෙල් මල් හඳුන්කුරුත් අරගෙන පුරුදු විදියට මම අම්මාත් එක්ක පන්සලට ගොඩ වුනේ හිතේ වෙනසකටත්  එක්ක..හැමදාම ජිවත්වෙන එකකාරි පරිසරයෙන් මිදෙන්න හිතාගෙන..
සමහර විට මගේ හිතේ තිබුන ව්‍යාකුලත්වය හොඳින් තෙරුම් ගත්ත නිසාමදො අම්මා මට පන්සල් යන්න කතා කලේ
මගේ හිත දැන් හරිම ව්‍යකුලයි
කියා ගන්න බැරි හැඟිම් රාෂියක් එකතු වෙලා හිත පිරිලා
සමහර විට අම්මා මගේ හිත කලින් ඉඳන්ම කියවන්න ඇති

ඇත්තමයි මගේ හිත මගේ අම්මා තරම් කියවුව කෙනක් තවත් නැති තරම්

පන්සල් භුමියට ඇතුල් වෙනවත් එකම හදවතට කතා කරපු ඒ මල් සුවඳ ඇතින් හමාගෙන ආපු හඳුන් වැටි සුවද... හදවතත් ඇසත් එක්ක හදාගන්නේ අමුතුම සම්බන්ඳයක්
 

-----
 

විහාර භුමියේ පුදුම කලබලයක්
සුදුවට සුදුවේ ඇදගෙන වුන් හුඟක් ඇයො හරිම කලබලෙන්
මල් පුජා කරනවා හඳුන් කුරු පහන්වැටි දල්වනවා
සමහරු බෝධිය නහවනවා
තැන තැන ඇදිගෙන වුන් සමහර ඇයෝ ගාථා කියනවා... භාවනා කරනවා
ඇත්තටම සුන්දර කලබලකාරි පරිසරයක්

මමත් අම්මාත් මල් පුජා කරලා පහන් පතුත් කරලා වැලි මළුවේ වාඩි වුනේ ගථා කියලා භාවනා කරලා හිත ටිකක් සැහැල්ලු කරගන්නයි

ටික වේලාවක් භාවනා සුවයෙන් හිටිය මම දෙනෙත් විවර කරමින් පන්සල් භුමිය දිහා විමසිලිමත් ඇස් යොමුකලේ අම්මා කොහෙදැයි සෙවිමටයි

අම්මා චෛතය ලග තියෙන ගල්පඩියක ඇදිගෙන භාවනා කරනවා..
මම හෙමින් හෙමින් ඇගේ දෙසට ඇදුනා
ඇගේ දැහැන බිඳිමට මම අකමැති වුන නිසාම ටිකක් එහැයින් වෙන්න ගල් පඩියක මාත ඇඳි ගත්තේ අම්මා දෙනෙත් විවර කරපු සැනින් පන්සලේ හාමුදුරුවන් මුණ ගැහෙන්න යන්න හිතාගෙනයි...

හිත ටිකක් සන්සුන් කරගනින් දුවේ
පුළුපුලුවන් වෙලාවට පන්සල් පැත්තට ඇවිල්ලා
හිතේ ප්‍රෂ්න තියෙනකොට කිසිදෙයක් හරින්නේ නැ


ඇත්ත
අම්මා කියන දේ මට නොවැටහෙනවා නෙමයි
හොඳින් තෙරෙනවා
නමුත්
හැමදාමත් ගෙවෙන මගේ ජිවිත ඔරලොසුවට කවදා නම් සැනසිමක්ද
සමහර විට මේ දැල්වෙන පහන්සිල හමා එන හදුන් සුවඳ මවන මේ අමුතුම ලෝකයටත් බැරිවෙයි එ හිතට සැනසිමක් එකතු කරන්නට
---

සිලි සිලි හඩින් නද දි බෝ පත් තුරුලේ
සැලෙනා එකම බෝ කොලයක් සසරේ
නිවමින් ගිමන් මඟ හැර දුරු කතරේ
යන්න පතයි බිඳ බාධා සසරින් එතෙරෙ

දැල්වෙන පහන් ආලොකය සෙවනේ හිද
හමනා සඳුන් සුවඳින් හද ඔකද කර
පැයු සුපුන් සඳ ගෙන එන එළිය විඳ
යන්නට මඟක් සෙයමි මම සසර හැර

පැගෙන පයට එක වැලි කැටයක් ගානේ
ගෙවනා දිවියේ දුක උහුලමි හැම වාරේ
ලබනට සැනසුමක් මම මේ දිවි කතරේ
සැමදා පතනවා හිදිමින් සමිඳුගේ සෙව

හිනැහි රඟන මල් කැකුලක සුවඳ
තවරා හදින් පුද දි බො සමිඳු ලඟ
වන්නට එතෙර බිඳදා බැමි සසර මඟ
පතනවා සමිඳුනේ හැමදා නුඹේ සෙවනේ හිඳ


Friday, March 22, 2013

මේ ඔහුගේ පාපොච්චාරනයයි



සැඟවුනු කතා රාෂියක් හද තෙත් කරමින් නුඹ ගැන මතකය මගේ හදවත සැරින් සැරේ පාරවයි
පිරිමි හදක් ..ගැහෙන හිතක් ...රළු පපවුක් ...උනුසුම් හිතක්...
මා දැරුවත් නුඹ ගැන අංෂුමාත්‍රයකින් හො මම නොසැලකුවත් නුඹ වෙනුවෙන් මගේ හදවත නොනැවති ගැහෙන බව නුඹ නොදන්නා බවට නම් කිසිදු රහසක් කිසිදු සැකයක් නොමැති තරම්ය...

ඔව් ඇත්තනේම නුඹ නොදන්නිය

මගේ හදවත නුඹ වෙනුවෙන් නතර වුන වාර අනන්තයි

නුඹ නොදන්නවා වුවානට නුඹට නොපන්නුවා වුනාට මම නුඹට ආදරෙයි සත්තයි

 කිසිදා නෙපෙන්නුවත් නුඹ වෙනුවෙන් මා හදවත ගැහෙන වාර මටවත් සිතා ගත නොහැකි තරම්ය

අහම්බෙන් මෙන් නුඹ මගේ දිවියට ලඟ වුයේ සිතාගත නොහැකි ඉසව්වක මාත් මගේ හිතත් අතරමං වි සිටියෙදිය..කුණාටුවක හසු නෟකාවක් වෙරළ ොයාගෙන ඔේ මුහුේ පාවෙනවා ේ ගන්ධබ්බ අවධික වුන් මේ සිතට සෙනෙේ පිනි සිසිල ගෙන ේ නුඹයි

නුඹට අේකවාරයක් පින්
  නුඹ තාමත් ඉගෙන ගන්නා පුංචි දැරිවියකි... කෙලිලොල් බවින් හා විනොදාත්මක බිවින් පිරි සරල දිවියක් ගත කරන සොදුරු තැතැන්තියකි...
නුඹ මේ දිවියම  වෙනස් කල බව නම් සත්‍යයි

අහම්බෙන් මෙන්  නුඹ මගේ දිනයට පැමිණි දා පටන් අප දැන හදුනා ගත්තේ කෙටි පණිවිඩ වලිනි දවසට කෙටි පණිවිඩ දෙකක් තුනක් හුවමාරු වුනත් සමහර දාට හුවමාරු නොවි තිබු දිනයන්ද නොතිබුනාම නොවෙයි..නුඹ මේ පාසල් කාේ මගෙත් එක්කම සිටි ොඳම මිතුරෙකුේ ලඟම මිතරියක්ය..නුඹ පිලිබඳව මේ සිත අේක වාරයක් විමසිලිමත් වුනත් එය පිටතට ොපෙන්වා සිටිමට මම මහත් උත්සහායක් දැරුබවට නම් සතයයි.
නුඹ සමඟ මොහොතක් කතා කරන්න ඔය කටහඩ මොහොත් අහන්න මට වුවමානව තිබුනාත් දුරකතන අංකය ඉල්ලිමට තරම් මගේ හිත එඩිතර නොවුයේ  ඇයිදැයි කියන්නට මම තවමත් නොදනිමි
එත් අහම්බෙන් මෙන් දිනයක
අයියේ මටත් මාකටින් කරන්න ඔනේ විස්තර කියන්න පුළුවන්ද
කියලා මගෙන් අහලා එවපු  කෙටි පණිවිඩයත් සමඟ නුඹ හා දොඩමළු වන්නට අවස්ථාවක් ලඟා කරගැනිමේ අදිටනින් මම නුඹෙන් දුරකතන අංකය ඉල්ලුවෙමි
ලැබුනු පිළිතුරු පණිවුඩයත් සමඟන් මට චකිතයක් ඇති කලත් නුඹෙන් ඇමතුමක් ලැබෙතැයි බලාපොරොත්තුවෙන් මම පසුවුනෙ බලාපොරොත්තුවේ  දැස් දල්වාගෙන...
කිසිදා නුඹ හැබැහින් දැක නොතිබුනත් ඇයි මම නුඹ ඉස්සරහා මෙතරම් නැවුනේ
අදටත් ප්‍රෂ්නයක්

පැය භාගයකට විතර පසු ජංගමය නාද විය
ඒ නුඹම විය යුතුය

චකිතය මැඩ පවත්වාගෙන ජන්ගමයට පිළිතුරුදුන් මා
හිනැහි කතා කරපු නුඹේ හඩ ස්වරයට ඇහුම්කන් දුන්නේ හරිම ආසාවෙනි
ටික වෙලාවක් සන්වාදයේ යෙදුනත් නුඹ මා අතර ඇති ආගන්තුක කම පහව ගියේ ඇයි දැයි කියන්නට නොදනිමි
ජිවිතේ පළමුවතාවට නුඹ හා කතා කලත් කිසිදා නුඹ මා දැන නොසිටියත් කිසිම නුහුරුදු නුපුරුදු බවක් මට නොනැගුනේ ඇයිදැයි කියන්නට මම තවමත් නොදනිමි

නුඹටත් එසෙමැයි මම විෂ්වාස කරමි
ජීවිතයේ මුල්ම වරට නුඹ  මගේ දුරකතනයට ඇමතුවේ සොයුරියක ලෙසින් ඉතා වැදගත් යමක් මගෙන්  පැහැදිලි කර ගැනිමටයි. නමුදු ඉතා දඟකාර හා කෙළිලොල් ලෙස වචන හසුරවමින් නුඹ මා හා කතා කළේ හුරු පුරුදු තැනැත්තියක මෙනි. එහිදී මීට පෙරත් මා ඇය හා කතා කර නැති බව ඇය මට මතක් කර දුන්නේ තවමත් නොමළ මිනිසුන් වූ අපට සියල්ල අමතක කළ නොහැකි බැවු පසක් කර දෙමින් විය යුතුය. ගිරවියක මෙන් කතා කරන ඇය දුරකතනයෙන් වුවද මා ගැන සියල්ල දන්නා අයෙකු විලසින් කතා කිරිම මට තවමත් පුදුමයකි.
 සමහර විට නුඹට පෙම්වතෙකු නැතිවා විය හැකිය.
මද වෙලාවක සන්වාදයකින් පසුව ඇමතුම විසන්දි වුවත් නුඹ මගේ හදවතටකතා කර අවසන්ය
ඉන් පසු දින කිහිපයක් අපි දුරකතනයෙන් අදහස් හුවමාරු කරගත්තත් නුඹ හා තවදුරටත් කතා කිරිමට ලද ආසාව හා කැමැත්ත නිසාම දවසේ වැඩිහරියක්ම මම නුඹ හා කල් ගෙව්වෙමි
කාලායාගේ ඇවැමෙන්  නුඹ මාගේ ලඟම මිතුරිය වෙයි හොඳම විස්වාසවන්තිය වෙයි
නුඹ මගේ හදවට කතා කරන වාර ගනන් කල නොහැකි තරම්ය
කාලයගේ ඇවැමෙන්ම මම නුඹේ පෙම්වතා වෙයි

නුඹ මට මහමෙරක් තරම් ආදරය රැගෙන මගේ හදවට පැමැණි අයුරු මට තමත් හීනයක් ගෙයි

නුඹ ලඟ මගේ සිත නැවතුනු හැටි තාමත් පුදුමයි
වරක් ප්‍රේමයෙන් ලද පරාජය නිසාම තව ලඳක් වෙනුවෙන් සිතේ නොපයිපදුන සෙනෙහස අන් ලඳක් ලඟ නොනැවතුනු මගේ හිත නුඹ නුඹ ඉදිරියේ නතර විමට හේතුව අදටත් මම නොදනිමි
සමහර විට එ නුඹ හුදෙක් සරල ජිවිතයක් ගත කර දඟකාර යුවතියක් විම නිසාවෙන්න ඇති
නැතහොත් නුඹත් මමත් සිතන පතන අයුරු එක හා සමාන වු නිසා වන්නටත් ඇති කෙසෙවෙතත් මම නුඹට පෙම් කරපු වගනම් සතයයි
ජිවිතේ දෙවනි පුණරාගමනය
නුඹ වෙනුවෙන් මගේ හද නැවතුන බව නම් සතයයි
ප්‍රේම ආරාධනාව ස්ථිර විමත් සමඟ දෙමැපියන්ගේ කැමැත්තද ඇතිව අපි අපේ ලොක්ය ගොඩ නැගුව බව මතක් වෙන විට තවමත් නෙත සැලෙයි
නමුත් කාලායාගේ ඇවැමෙන් මට වැටහුනු එක දෙයක් වෙයි
එනම් මා නුඹට ඇත්තටම පෙම් නොකරන බවයි හේතු කාරනා කොපමන සිතුවත් නුඹ වෙනුවෙන් ආදරයක් බලෙන් හො උපද්දවා ගන්නට සිතුනත් එය කොපමණ උත්සහ කලත් මගේ හිත මටම පරාජය විය
නුඹ හුදෙක් මට සොහොයුරියකි මිතුරියකි
නුම වෙනුවෙන් මගේ හදවත නැවතුනත් ආදරයක ඡායාවක් හැටගැනුනත් නුඹ මා පෙම්වතිය කරගැනිමට තරම් මම පොහොතක් නොවිමි..වසානවාන්ත නොවිමි...
එයට හේතුව අදටත් මා නොදනිමි
දිනෙන් දින මම නුඹේන් ඇත්වන්නට උත්සාහා කලේ නුඹ ඇති ආදරය අඩු නිසා නෙවිය හැක
නුඹ දුක්විහිදුනු මට බලාසිටිය නොහැක
වරක් නුඹත් ප්‍රේමයක් වෙනුවෙන් කඳුළු සැලු යුවතියකි
එ බැව් දැන දැනත් තවත් නුඹව දුකටම ඇද දැමිමට මට නොහැක
නමුත් ම කිසියම් වු හුදකලා හැඟිමක් නොමැතිව නුඹ වෙනුවෙන් මගේ ජිවිතයද කැප කල නොහැක මේතිරණයක් ගතයුතු හොඳම වෙලාවය

තමබු අපි විරාමයක්
අපේ ආදර කතාවට
කිසිදාක ඉටුනොවෙන
අපේ ආදර කතාවට

එම නිසාම දෙවරක් නොසිතා මම නුඹෙන් ඇත් වුයේ තවදුරටත් නුඹ දුක ඇදදැමිමට නොහැකි නිසාමය

හදවත කියන දේ නොසිතා බුද්දියටම කන් දුනිමි

මම මගේ හදවතටම සාප කලෙමි
නුඹ උහුලන දුක මට නොදැනෙනවා නෙවෙයි
නමුත් ජිවිත කාලයම දුක් වෙනවාට වඩා තවකාලික දුකකින් සිත සුවපත් වෙ යැයි මගේ එකම අදහස විය
එමනිසාම මම මගේ හදවත ගලක් කර ගනිතිමි
නුඹට නෙදැනුනත් මම නුඹට පෙම් කිරිමට උත්සහා කල බව නම් සතයයි
නුඹේ මගේ කර ගැනිමට ම දැරු තැත ගැන ම කියන්නට උත්සහාකරන්නේ නැත
නමුත් මා අදටත් දුක් වෙන යම් දෙයක් වෙයි
එනම් නුඹ වෙනුවෙනවන් දෙපාර්ෂවයෙම දෙමාපිය ආෂිර්වාදය පැතිමයි
කෙසෙවෙතත් මා නුඹට පෙම් කර බල සතයයි
නුඹ වෙනුවෙන් කිසිදු හැඟිමක් මාතුල ඇති නොවන්නේ මන්දැයි පැවසිමට මම අදටත් නොදනිමි
එය මාගේ අවාසනාව විය හැක
නුඹ වන් පෙමවතියකගේ ආදරය නොලැබිමට තරම් මා අවසානාවන්ත විය හැක

සියල්ල සිදුවි හමාරය
සියල්ල කාලයා විසින් විසදා හමාරය
මට පැවසිම ඇත්තේ මෙපමණයි
තව දුරටත් මාවෙනුවෙන් කඳුළු නොසලන්න
නමුත් මා නොදන්නවා නෙවෙයි කොපමණ මා නූඹට කිවත් හදවතට අවනතව එය සිදු කල නොහැකි බව
අවසාන වෂයෙන්

මට සමාවෙනු මැනවි



මේ ඔහුගේ පාපොච්චාරනයයි

 -----

මතක සැමරුම් ලියා තැබුවත්
සමරු පොත පිටු ගිලිහිලා
අහම්බෙන්වත් මගේ පිටුවක්
ඇතිද බලපන් පෙරලිලා

නුඹව දකිනට එකම මොහොතක්
සිත මෙන්ම නෙත පෙම් කලත්
නෙතග කඳුළට ඉඩක් තැබුවේ
නුඹයි දුරකට නික්මිලා

සුළඟ පවසන සොඳුරු රහසක්
උයන් තෙර හිඳ විමසලා
විවර කර හද බලා ඉන්නම්
දිනෙක ඔබ යලි එන තුරා


ප.ලි - මෙ ඔහුගේ පාපොච්චාරණයයි කලින් වතාවේ මම ලියපු  මේ ඇගේ පාපොච්චාරනයයි ලිපියට  ඔහු ලියන පිලිතුරු ලිපියයි.
පිරිමි හිතකට ගිහින් ලියන්න හදපු පුංචි මගේ ලොකු උත්සහයයක් කොයි තරම් සාර්තකද කියන්න දන්නේ නැ (ගැණු හිතකින් පිරිමි හිතක් හිතන්න බැනේ )
මේ කවියක් ඒ ලිපියේ මම ලියපු කවියට මම නොලියපු එත් එ කවියට මට ලැබුනු පිලිතුරු කවියක්