Thursday, February 7, 2013

මඟබලමි පාළුවෙන් මම




වතු සුද්ද මල් ඇහැරිලා
කැකුළු මල් පෙති විහිදලා
සුදු අරලියා මල් පොකුරු
පාළු ලන්දම හැඩදමා
වල් වැදුනු මිනි මල්යාය
තැනින් තැන කව හැඩ දමා
පිණි වැටුණු තණ පියස
ලන්ද එහෙ මෙහෙ හැඩකලා

බොරළු ඇතිරු පාරේ
එන මඟක් දෙස නෙත් යොමා
මඟබලයි සොහොන් කොත අද
නිදන තනිකම ඇහැරවා
කොතේ කණුවක ඇනතියන් මම
තනිය විදිනට බැරිනිසා
මඟබලමි සුසානය ලඟ
පාළුවෙන් මිරිකෙමින් සැරසිලා

ගරා වැටෙනා
සොහොන් කොත ලඟ
ඉටි පහන් කිරි වැහැරිලා
නිදන් ඉන්නා වුන්නේ
මර හඩින් කන් හිර වෙලා
මළ බැඳුණු කොත ලඟම
යකඩ කුඩු ඉහිරිලා
පාළු සොහොන් පිටිය තුල
සොහොන් කොත අද තනිවෙලා

Wednesday, February 6, 2013

එක මොහොතක් නෙත් පියාගන්න

 
 
එක මොහොතක් නෙත් පියාගන්න
කළුවර රෑ එලිකරන්න
මම දකිනා හිනයේ හැඩ
නුඹ ලඟිම ගෙන තියන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හිනයේ සිතුවම් අඳින්න

 
තව මොහොතක් නෙතු වසාගන්න
හිනය සුන්දරදැයි බලන්න
මම බලනා හිනයේ හැඩ
පාට පාට තවර ගන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හිනයේ සිතුවම් අඳින්න

 
එක වරුවක් නෙතු පියාගන්න
සිතුවම් හැඩ තවරගන්න
මම පතනා හිනයේ සුව
නුඹේ අසලින් ගෙන තියන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හීනයේ සිතුවම් අඳින්න

ජිවිතයෙම සුවවිඳින්න....