Sunday, January 27, 2013

නුඹට අහිමි සඳවතියයි මං



නුඹයි සුපුන් සඳ කිරණ
අහස් තලයේ
රැඳි කළුවර
එළිය කරනා සඳ
මමයි තරු කැටය
සඳ ලඟින් රැඳි විත්
රෑ පුරා අහස් ගැබ
ලඟ හිදන් දුක කියන
නුඹයි මගේ සඳ එළිය
අඳුරු හිත් අහස ලඟ
සඳ කිරණ විහිදුවා
එළිය කරන්නට හදන
ඉතින්
මගේ නොවෙනා මගේ සඳ නුඹ
රෑ එළිය කරන්නට
සඳක් සේ වැඩිය නුඹ
එපා සඳ කිසි දිනක
අමාවක කරන්නට

Saturday, January 26, 2013

සේල් සේල්

කඳුලු ලිටර් ගනන් හෙලපු මට
සුසුම් ග්‍රෑම් ගනන් පිට කරපු මට
නුඹ දුන්න වේදනාවේ බර
කිලෝ ගාණටත් වැඩි

ඉරිදා පොලේ
කෙලවරකම හැදුව
ටකරම් ටෙන්ට් එකේ
මම
මගේම ආදරය වෙන්දෙසිකරලා
පැකට් ගනන් විකුණනවා
දුක කිලෝගානට...

සේල් සේල්.....

එන්න ඇවිත්
දුක මිලට ගන්න
කිලෝගානට