Tuesday, October 30, 2012

මවක් වේද වැදු පමණින්

දසමාසයක් කුසයේ දරාන....දහ දුක් විදලා....හරි අමාරුවෙන් දරු ගැබ පරිස්සම් කරන්නේ සෙනෙහෙ සිතින්....ආදරයෙන් දිනෙන් දින මෝරන දරුගැබ අම්මා කෙනෙක් ආරක්ෂා කරන්නේ හරියට දෙවත්වයෙන් වගේ බැදැමකින්.....අම්මා කෙනක් වෙනවා කියන්නේ උතුම් දෙයක් උතුමු හැඟිමක් මතෘත්තවයට පත්වෙනවා කියන්නේ දරුවෙක්ට මෙළොව එළිය දකින්න ඉඩ දෙනවා කියන්නේ මොළොව දකින්න නෙත් පාදනවා කියන්නේ කොයිතරම් ආසාවකින්ද.....දරු ගැබ පිලිසිඳ ගත්ත දිනයේ ඉදන් දස මාසයක් අම්මා කෙනෙක් ඒ කළලය කුසයේ දරාගෙන දරුවා බිහිකරන මොහොත කෙත් රඳවගෙන ඉන්නේ හරිම බක්තියකින් ගරුතවයකින්
තමන්ගෙ ලෙයින් බිහිවන තමන්ගේම ශරිර කොටසට ආදරය කරන්නේ හරිම සෙසෙහෙසිතින්....
ඒත්
කොපමණ සෙහෙ සිතින් අම්මා කෙනෙක් දරුවෙක් වැදුවත් කොච්චර පොෂය දායි ආහාර අරන් දරුවා බිහිවෙන්න කලින් ඉදන් දරුවට ඔනේ පොෂයන දුන්නත් තම කුසින් දරුවෙක් බිහිකලාට පස්සේ එ දරුවට නොවිදිනා දුක් දිලා එ දරුවට උපන් කමත් පාපයක් කරවන අම්මාලත් අපි අතර ඉන්නේ නැතුවා නොවෙයි
එහෙම්පිටිම දරුවෙක්ගේ ජිවිතයක් අපායක් කරන්නත් එහෙම්පිටිනම් ජිවය දුන්න අමිමට ඒ දුන් ජිවය පණ පිටින්ම මරලා දන්නත් පුළුවන් එහෙම හැකියාවක්තියෙන එකම කෙනා අම්මා.....ඒ වගේ අම්මා කෙනක් ගැන ඒ කුසින් බිහි වුන දරුවෝ කොපණක් උපන් පවුකාර කරම ගැන හිතින් දුක්වෙනවා ඇතිද...කාටවත් කියාගන්න බැරිව හිතන් දුකවිදිනවා ඇතිද
හිතන් කොච්චර කඳුළු බොනවා ඇතිද....
උපන් නිසා ජිවය ලද නිසා උපන් කමේ පව තනිවම ගෙවනවා ඇතිද....
උපන් පව්කාර කමට නුපන් අකුසල් හිතන් වුනත් උපද්දවාගනි.....
 ____________________________________________________________________________
මුතු මුතු කඳුළු මිණි දෙනෙතින් ඇදවැටුනා...
රන් කිරි සිනා නිල් මුවගින් ගිලිහි වැටුනා
මල් මුතු හින හැම රෑයකම පරවි වැටුනා
මව් සෙනෙහස නිසා ලද දිවියම ඇද වැටුනා

සිගමන් යදිනවා මම නුඹේ සෙනෙහස ඉල්ලා
නොලැබෙන නිසාදෝ හිත දුක ගොඩ ගලලා
රන්වන් සිනා මා මුවගින් දැන් ඇද වැටිලා
දිනයක් උදාවේදෝ මං සිහිනෙන් හො හිනැහිලා

මේ ලොව එලිය බැලුවේ අම්මේ නුඹ හින්දයි
ඇස් වල දිස්නේ ලැබුනේ ඒ සෙනෙහෙස හින්දයි
දිවියට බර නොවි මා දිවිගෙවුවේ ඔය හිත හින්නදයි
නුඹේ සෙනෙහෙ ලැබුනිනම් මම අද ලොවම දිනයි

අසරණ හිතක් ඇතුලෙන් දුක මම සඟවනවා
නොකියෙන වදන් ඇතුලෙන් හිත තව අඩවනවා
නොලැබෙන සෙනෙහෙ ලඟ දුක් ගි මුමුණනවා
මව් සෙනෙහසකට මම අද සිඟමනේ යනවා
_____________________________________

Monday, October 29, 2012

මල් මල් වැස්ස

මල් මල් හිරිපොද
වැටෙනා සවසක
හිත හිරිවට්ටන
නුඹේ සුවදත්
හද තරුළු කරන් මට
මේ මල් වැස්සේ
මල් කුඩයක් යට
අත් වැල් අල්ලන්
ඇවිදන් යන්නට
නුඹ හිටියා නම්
අදත්
එදා වගේ
මගේ ලඟින්...
.
.
.
.
.
.
.
ොච්චර ලස්සනද එහෙමනම් ේ හැන්දැව ේද??? 
 
_______________________________සෂි.