Friday, October 26, 2012

රටා මවන ඔය රතැගිලිවලට පෙම් කරමි මම

දිගු සුසිනිදු සියුම් රතැගිලි අතර
සිතුම් මවනවා නුඹ නුඹට රහසේම
හද ගැහෙන ඒ සුපෙම් රූපේම
සියුම් හිතක් ඇත නුඹත් නොදකින

පාට මුසුවුන සියුම් කොලයක

කොල රූ මවන පින්සල් දිගට
රැලි රැලි සියුම් රුපෙන් එපිට
ලොවක් අඳිනවා නුඹ නුඹට රහසේම

රටා මවන ඔය රතැගිලි වලට

රුප අඳින ඔය සියුමැලි අතට
ලෝභ නෙවෙයි මම තාමත් මටම
අහිමි හිතක් ඇතිදෝ ඔය හිත ලඟ

සිතින් හිනැහි පෙම් කරමි තව මම

ලඟින් සැනසි හිදින්නට බැරි කල
නුඹෙන් මැවෙනා සියුම් රුපෙට
හිතින් පෙම් කරනවා මම මටත් රහසේම
 
_________________________.

Wednesday, October 24, 2012

නුඹ එනවාද හැමදමත් මගේ තනිය මකන්න

මල් පිපිලා සුවඳ හමන
සොඳුරු සවස විඳින්න
මම තවතමත් සිහින මවමි
නුඹ සමඟින් රැදෙන්න

හැන්දැවට සිත සුළං
මිහිර තනිව විඳින්න
මං තාමත් තනියෙම හිද
දුක කියනවා හැඩෙන්න

හිතරිදවන සොඳුරු මතක
තාමත් මෙහි දකින්න
මතකය හද දවනා විට
නුඹ එනවද ලඟ රැදෙන්න

මොර සුරන වැසි වැටෙවි
අපේ මතක වැහෙන්න
පුරුදු පරිදි නුඹ එනවද
මගේ හිතට හඩන්න

මතක ඇවිත් හනිකට යලි
නුඹේ රුවම මැකෙන්න
එපා යලිත් කෙදිනකවත්
අපිට අපිව ලැබෙන්න...