Showing posts with label එක්තරා කවියක්ම නොවෙයි. Show all posts
Showing posts with label එක්තරා කවියක්ම නොවෙයි. Show all posts

Thursday, September 3, 2020

අම්මා හිත හදාගත්තෙ තනියෙන්මමයි හැමදාම...

 පුතේ නුඹ ලොකුවෙලා

කියාදෙන්න මුළු ලොකේටම

අම්මා රහසින් හැඩුව හැටි

හදාගන්නට හිත තනියෙන්ම...


රිදවන්න තරමි හිත කවුරුවත්

හිටියෙ නැ ලඟ සනසවන්න...

කොනිතන්න පහුරන්න..

රිදුම් දි හඩවන්න...

අම්මා හිත හදාගත්තෙ

තනියෙන්මමයි හැමදාම...


පුතේ නුඹ ලොකුවෙන්න..

ඒත් කවදකවත් අම්මා හැඬු තරමටම

අම්මා විදවපු තරමටම..

එපා කිසිවෙකු​ට..

හිනෙකින්වත් නපුරක් පතන්න...

හිනෙකින් වත් නරකක් කරන්න


කළුවර හීනය....


Friday, April 11, 2014

කඳුළු හිනැහෙයි සරදමට අද




නෙතු සිඹින මුතු කඳුළු පිණිකැට 
හිනැහෙවි මට සරදමට
මතක ඇවිදින් හෙමිහිටම
දෙනෙත් තෙමමින් හඩනකොට

සිත සිඹින පෙම් සිල් සුවඳ 
රිදෙන සිත තව දවන කොට
නෙතු සිඹින පුරසඳත් රාහසෙම
හිනැහෙයිද අද සරදමට මට

රෑයම නිදිවරා වෙහෙසෙන
පාරනා දෙනුවන් යටම හිඳ
කඳුළු ඇවිදින් ඉකිබඳින විට
නවාතැන විය බිඳුනු ම‘හදවත

මතකයන් ගෙන දෝතටම
කඳුළු අතරින් නුඹ සොයන විට
හිතින් සැලෙනා එකඳු සුසමෙත්
නුඹෙ පෙම ඇත සැඟව රහසෙම

අඳුරු අහසේ කළු වළාවක
පාව ආ සඳ එළි එකරන්නට
දෙනෙත් විවරව බලමි ගගනත
එකඳු තරුවක් ඇතිද තනියට


කළුවර හීනය
 

Thursday, March 27, 2014

යලිත් නොඑන්නම නුඹ දුර ගියා මතකයිද




මල් පිපිණු හිමිදිරියේ හමුවුණා මතකයිද
සීතලම ගං ඉවුරේ හිනැහුනා මතකයිද
දුක රැදුණු හැන්දැවේ වෙන්වුනා මතකයිද
යලිත් නොඑන්නම නුඹ දුර ගියා මතකයිද


නිල් අහස් වියන යට නද දිදි හිනැහිලා
ගී ගැයු සියොතුන්ගේ ගී නදට මත්වෙලා
නුඹේ පෙම දොතින්ම රැගෙන මම සැනසිලා
හිටිය හැටි මතකයිද ඔය හිතට ලං වෙලා


දුක්බරම හැන්දැවේ ඔය සුවඳ සිහිවෙලා
තෙමුනු හැටි මගේ නුවන් කඳුළු බිඳු ඉඟිකලා
සමුඅරන් නික්ම ගිය නුඹෙ මතක අහුලලා
මම ලියු කවි අහුරු පිටු අතර සැඟවිලා


සොඳුරු මඟ හිර වෙච්ච නුඹේ මතක අහුලලා
ගී සැයකට ලියමි මගෙ සෙනෙහෙ ගලපලා
යලිත් නුඹ නොඑන්නම වෙන්ව ගිය මඟ බලා
දකින්නට වෙර දරමි සොඳුරු සිත සැඟවිලා




කළුවර හීනය

Thursday, January 9, 2014

නැත්ද පොඩි ඉඩකවත් ඉන්න වෙන්විම හැර මෙමට

සුවඳවත් හද රැඳවිලා නැති මතකයන් අහුරකට
පුළුවන්ද ලියැවෙන්න පාට පාටින් පිටු අතර
කඳුළු වල රස දන්නෙවත් නැති හදවතට
පුළුවන්ද ඇවිදින් ජිවිතේ සුව පවසන්න

කුරුටුගා නුඹ ලියු පෙම් පොතෙහි රසම කවි
හැකිද අද ගලපන්න පරණ තාලයට තව
පාට පාටින් දිලිහුනේ නැතත් අද මගේ පෙම
ලියමි නැවුම් ලෙස අදත් නොමැකෙන්නටම

පාට හීනෙන් නොඉපදුන නුඹේ පෙම ගෙන හදට
කොටමි මම පපුතුරේහි සදා එය නොමැකෙන්න
හද ගැහෙන සෙනෙහසට ලං වෙලා හෙමිහිටම
නැත්ද පොඩි ඉඩකවත් ඉන්න වෙන්විම හැර

Sunday, June 23, 2013

යලිත් නොඑනු මැන

පාරවණ හද මතක පොද - වැටෙන කඳුලැලි හෙමින් පිස
ආදරය පිදු තරමටම - තනි මැකුව මගේ කඳුළු බිඳ
ජිවතය සොයා මම - ඇවිද යමි තව බො දුර තනිව
හිතුමතේ මගේ සිතත් අද - පුරුදු තනිකම රැගෙන දොතට

මිහිරි කඳුලක් හදින් ගෙන - දොවා හිත ම‘හැර තනිකම
නොයේ නම් යලි මගේ හද වෙත - කඳුලු නොසලන්නෙමි මම
ලඟින් හිද හද තනි මකන්නට -තනිකමත් ලඟ නොමැති සවසක
ඇවිත් යන්නට එපා දැන් නුඹ - හද පාරවන පැන් අරන් දෝතට

කඳුළු පිසලා මතක පැන් ගෙන - දිවිය විදිනෙමි පුදුරු පරිදිම
ලඟන් සැනසෙන මගේ තනිකම - වැටෙන කඳුලැල් පිසින ලස්සන
නුඹම ඇවිදින් හද කුටිය වෙත - ඉක්මනින් යයි යලි කිසිත් නොකියම
යලිත් නොඑනු මැන එදා වාගෙම - මතක පැන් අද හිදි තනියට
 
 
 

Sunday, March 17, 2013

මතක පොතේ කඳුලින් කටු ගෑ....


කඳුලැලි පුරවපු ආදර පන්හිද
කඳුළු වගුරවා මතක ලියන කොට
පොතක් පුරාව දඟපෑ මතකය
පිටුවෙන් පිටුවට රහස් කියනවිට
තුන් රෑ මැදියම හීන දකින ඇස
කළුවර හීනෙම පාට මකන කොට
සඳ නැති රෑයම කඳුලැලි වපුරා
මතක ලියමි මම හිතේ දුකට අද
කඳුලින් කඳුලට අමුණන මතකය
රහසින් හද ලඟ සිතුම් මවන විට
කඳුලැලි පුරවපු මතක අහුරු ටික
හීනෙන් ඇවිදින් ලඟින් රැදෙනකොට
සීතල මදහස පෑව නුඹේ පෙම
හීත ලඟ හෙමිහිට රහස් කියන කොට
කළුවර රෑ හීනෙම තුන්යම
පෑරි රිදවයි නුඹ-මා මතකය හෙමිහිට

අහිමිව ගිය සඳ රහසේම පෙර දින
මතකය පෙරලා කවි අමුණන විට
දාහක් සිතුවිලි හැඟුමක නැවතුන
පිටු අග  සිර වී කඳුළු සලන විට
සැලෙනා හද ලඟ නැවති හෙමිහිට
රහස් කියනවා රහසේම මට මම
රිදවන මතකය අමතක කර අද
මතක ලියනවා පොතක් පිරෙන්නට
___________________________________
මගේ මතක පොත... කඳුලින් කඳුලු පෙමක් ලඟ නැවතිච්ච කඳුළු මතක අහුරු ගනන් ලියන මගේම ආදරණිය ඩයරිය දවසක ඔයාගේ අතට හම්බවුනොත්...ඔයා පුදුමවෙයි නේද මේ පොතේ පිටුවෙන් පිටුවට ඔයා ගැනම විතරක් මම ලියලා තියනවා කියලා දැකිනකොට....
 
       

Wednesday, March 13, 2013

ඉටු(නො)වෙන හීන


 
සුදු ඇත්දල පාට...රන් නුලෙන් වැඩ දාපු රත්තරන් සාරියක් ඇඳගෙන මුතු මාල හතක් ගෙල පලදලා.....රන් තැල්ලෙන් හිස සරසලා.....ලස්සන සුදු-කහ අරලියා මල් වලින් වැඩ දාපු මල් කළඹක් අතදරාගෙන
මගෙම තාත්තාගෙ අතින් එලිල්ලිලා රන් පෙරුවට නගින්න මම හුඟක් හින මැව්වා
මගේ ජිවිතේ මම මවපු ලස්සන හිනයක්
පතිදම් රැක ගෙන කුල ගෙදරට යන දවස....
ඔනේම දුවණියකගේ ජිවිතයකට තියන දවසක 
සැබැ වෙන හිනයක්...... 

හින කුමාරයෙක්වත් රජ කරන්නේ 
  නැති මගේ ලොකෙට රන් සාරි කෙකායින්ද
මුතු මාල කොයින්ද
මල් කළඹවල් කොයින්ද
රන් සෙල ඇදන් පතිගම් යන දවසක් මට කොයින්ද
ජිවිතේ හින වලින් කවමදාක වත් සැබැ නොවෙන හිනයක්
හිත අස්සේ දඟලන තෙරෙපෙන හැඟමන් රාෂියක් කඳුලින් ගනුදෙනු කරන මොහොතක්
සැබැ නොවෙනා ලොකයක මායවක් තුල හැඟමන් තෙරෙපෙන මොහොතක තනිවම මම මගේ හිතත් එක්ක දොඩමළු වෙන මාතෘකාවක්
ඒත් මට ඒ හිනයක්ම විතරයි
රන් සෙල රන් මාල රන් මුදු රන් පෝරු රන් අස්ස කරත්ත....
ඔවා මට පේන පාට පාට හින
කවමදාකවත් ඉටුනොවෙන හිනයක්

----------------------------------------------------------------------

හිත අස්සක දඟපානා 
රන් මුදුවේ...
රන් හීනෙන් ගෙත්තම් වුනු
මංඟල සිහිනේ..
මල් දහසක් මැදිකර බැඳි
රන් ආසුනේ
සිහිනෙන් සිතුවම් මැව්වා
මම හොර රහසේ..

ඉටු කර බැඳි 
පැතුමන් දහසින් 
වරුවක් සැලුනා හද
ලොවටම රහසින්
කඳුලැලි පිටවි 
නෙතඟට හොර රහසින්
සිතල කඳුලක් දඟලයි
ඇස් අඟ හෙමිහින්

මල් මල් හීනෙක දඟපානා
 සිහිනයේ සිත්තම්
රහසින් මැව්වෙමි සිතුවිලි
අහුරක් මම  ඇහිදන්
මගේ පෙම් කඳුලින්
ගිලිහිනු මංඟල හැඟුමන්
ඉටු(නො)වෙනා බව 
සත්තයි කුමරුනි මට දැන්.....



Monday, March 4, 2013

සමුගන්න අවසරයි

හිතේ තියන හැම හැඟුමක්ම වචන වලට පෙරලන්න පුළුවන්නම්
හිතේ තියන කොටියක් සිතුවිලි කොටියක් හැඟිම් වචන වලට දාන්න පුළුවන් නම්
මමම ආසයි මම කියන දේ ඔයා ලඟින් ඉඳන් අහන් ඉන්නවානම්
එත් ඔයාට මගේ හිත කියවන්න බැනේ
මගේ ආදරය තෙරෙන්නේ නැනේ
මගේ හැඟිම් ඔය හැඟිම් එක්ක ගැලපෙන්නේ නැනේ
හම්
හිතේ තියන දෙවල් ලියනවානම්
පොත් ඉවර වෙනකම් පිටු ඉවර වෙනකම් ලියතැකි
එත් එවා ඔයා කියවයිද
එවා දකිද
මගේ හිත තෙරෙයිද

දාහක් ප්‍රෂ්න
දාහක් සිතුවිලි


හදවත පහුරු ගාන තරමටම හිරිවැටෙන නුඹේ සෙහෙහස නුඹේ ප්‍රේමය නුඹේ ලෙංගතුකම
හිත පාරවන තරම්
මට වචන කරන්න තෙරෙන්නේ නැ
තෙරුනාත් මගේ වචන සාධාරණයක් වෙන එකකුත් නැ
පද හතරක් ගලපලා මට මගේ හැඟිම් පිට කරගන්නත් බැ
හිතේ තියන දෙවල් කවියකට දාන්නත් බැ
මගේ කවි කමත් ගොළුවෙලා
මගේ හිත නොතෙරුම්ගන්න ඔය හිත ලඟ මගේ කවි කම හුඟක් ගොළුවෙලා
මට මොකක්ද මේ වුනේ
මගේ හිත ගොළුවෙන තරමටම ලොක් වෙනතරමට හිරිවැටෙන තරමට
ඇයි මගේ හිත මෙ තරම් විදවන්නේ
ආදරය විඳින්න තියෙන්න
එත්
ඇයි මම විතරක් විදවන්නේ
අනේ මන්දා
මටත් නොතෙරෙන මගේ හිත
හිනාවක් අහලාපහලක වත් නැති මගේ හිත
ආදරයක් ලඟ ගොළුකරපු මගේ හිත
නොතෙරෙන හැඟිම් ලඟ නැවතුන මගේ හිත
තාමත්
විදවා විදවා පැරෙන මගේ හිත

කිසිම දෙයක් තෙරෙන්නේ නැ
මේ මට නවතින්න කලායයි
සමහර විට අදින් පස්සේ මේ හිතින් කිසිම සුන්දර දෙයක් ලිට නෙවෙන්න පුළුවන්
ගොළු වුන කවිකම සදහටම වෙන්න පුළුවන්
කිසිදෙයක් නොලියෙන්නත් පුළුවන්
එත්
විදවන මගේ හතවත විතරක් පණ අදින ආදරයක් ලඟ හෙමි හෙමි ගැහෙයි කාටවත් නෙතෙරෙන ලෙස
නුඹටත් නෙතෙරෙන ලෙස
නුඹටත් නෙපෙනෙන ලෙස
ඉතින්
සමුගන්න අවසරයි
මගේ කවිකාර කවි හිතට
ආදරේ වෙදනා කවිකාර මගේ කවි හිතට

---------------------------------------------------

අදුරු අහසම එලිය කරමින් පෑ සුපෙම් සඳ අද මියැදිලා
හෙටත් යලි නොනගිනා ලෙස ලොවත් ඇත කළුවර වෙලා
පැතුම් එකිනෙක බොදෙවෙලා අද හින මත දුක තවරලා
ඉතින් හිනැහෙනු කෙලෙසදො මම මගෙන් සිනහව නික්මිලා

සසර ගමනේ අතර මඟකදි පෙම්වතුන් ලෙස අප ලියැවිලා
තිබු පෙම් පත් අළුත් කරමින් නුඹට මම අද හමුවෙලා
පිදු සෙනෙහස දුර ගොසින් අද අපේ පෙම් හිත රිදවලා
හෙටත් ගැන තව හිතනු කෙලෙසද අපේ පෙම් මල පරවෙලා



Thursday, February 21, 2013

කඳුළු මල් මාලා


 




කඳුළු මුතුවැල් හෙමින් ඇවිදින් දෙනෙත් පෙති අග සැරසිලා
දෙඇස් තෙමමින් මාල අමුණයි නුඹේ සෙනෙහස සිහිවෙලා
හිතක් අඟ රැදි රහස් බොහොමයි දෙනෙත් කඳුලින් තෙත් වෙලා
කඳුළු මාලා සෙමින් අමුණමි හෙලූ කඳුලින් හැඩ වෙලා

සිහින එක එක හෙමින් බොඳවෙයි දෙනෙත් අග දුක දියවෙලා
නෙතින් කඳුලැලි හෙමින් පිටවෙයි නෙතට කඳුලැලි බරවෙලා
හීන නොකියම මගෙන් දුර යයි පැතුම් එකිනෙක බොඳවෙලා
නුඹෙන් මම අද වෙන්විලා යමි පෙමක් ලඟ හිත නැතිවෙලා

මටත් රහසින් පිටව ගිය සඳ දුකක් ලඟ හිත නවතලා
කඳුළු හිත ලඟ මතක පෙරලමි කඳුළු මල් ගෙන අහුලලා
හිතින් නොසැලෙමි මතක අහුලමි තුටින් නුඹ ගිය දෙස බලා
කඳුළු මළුවෙන් ඉතින් බැස යමි නුඹට පැතුමන් පුරවලා

Friday, February 8, 2013

අනේ සත්තයි තවත් හිනැහෙමි එදා අපි හමු නොවුනනම්






සිනහා රැළි ලඟ කඳුළු ඇවිදින් හිතට රහසේ නැවතිලා
නෙතට කඳුලැලි උනයි හෙමිහින් දෙඇස් රහසින් නලවලා
සුසුම් ඇවිදින් ලඟින් නැලවෙයි නුඹත් කොහෙදො පිටවෙලා
ලොවට රහසින් කඳුළු අමුණමි මම මගේ ලොව තනිවෙලා

හීනයක් ලඟ ලැඟුම් ගත් හද මටත් රහසෙම වියැලිලා
හිනයක් නැති නෙත් අඟිස්සක කදුළු ඇවිදින් තනිවෙලා
එදා සඳ මෙන් පිදු හදවත කොහෙදො අද පිටවිලා
අදුර ඇවිදින් ඉකිබිදින විට තරුත් තනියම හැඩවිලා

පිදු සෙනෙහස මකයි තනිකම මතකයන් ලඟ හිනැහිලා
සිනා පිරි මුව ගෙනෙයි සුසුමන් කදුළු ඇස් ලඟ නැවතිලා
මතකයන් ලඟ හිදිමි තනියම හිතින් සැමදා හිනැහිලා
එදා අපි හමුනොවුනනම් තව නම් හිදිමි සතුටින් හිනැහිලා









__________________________________________________________


කාලෙකට පස්සේ මම සඳසක් ලිව්වේ
හිතේ කොයිතරම් දෙවල් තිබ්බත් ලියාගන්න බැරි තරමටම මම ගොළුවෙනවා සමහර වෙලාවල් වලට
එතරමටම හිතේ කඳුළු මතකයන් හුඟක් පිරිලා
වෙලාවක් ලැබුණු ගමන් මම මගේ මතක කාමරය සුද්ද කරලා දානවා
ගද ගහන වගේම සමහර සුවඳ හමන මතක කුණු හුඟක් එ කාමර ඇතුලේ පිරිලා
අවුරුදු ගනන් පරණ ... වගේම ඊයේ පෙරෙදා පරණ වුන
හුඟක් ඇත අතිතේට දිවෙන ... අළුවත් අළුත්... වගේ මතක කුණු හුඟක් ඇහිරිලා තියන මගේ  මතක කාමරය ආයෙ කවමදාකවත් කුණු එකතු නොවෙන විදියටම සුද්ද කරන්න කාලය ඇවිත්
ලඟදිම දවසක මගේ මතක කාමරය සුද්ද වෙයි
එත්

හිත ගොළු වෙන එකම එක වදනක් විතරක් ඉතුරු වෙලා


එදා අපි හමුනොවුනනම් තව නම් හිදිමි මම සතුටින් හිනැහිලා


Thursday, February 7, 2013

මඟබලමි පාළුවෙන් මම




වතු සුද්ද මල් ඇහැරිලා
කැකුළු මල් පෙති විහිදලා
සුදු අරලියා මල් පොකුරු
පාළු ලන්දම හැඩදමා
වල් වැදුනු මිනි මල්යාය
තැනින් තැන කව හැඩ දමා
පිණි වැටුණු තණ පියස
ලන්ද එහෙ මෙහෙ හැඩකලා

බොරළු ඇතිරු පාරේ
එන මඟක් දෙස නෙත් යොමා
මඟබලයි සොහොන් කොත අද
නිදන තනිකම ඇහැරවා
කොතේ කණුවක ඇනතියන් මම
තනිය විදිනට බැරිනිසා
මඟබලමි සුසානය ලඟ
පාළුවෙන් මිරිකෙමින් සැරසිලා

ගරා වැටෙනා
සොහොන් කොත ලඟ
ඉටි පහන් කිරි වැහැරිලා
නිදන් ඉන්නා වුන්නේ
මර හඩින් කන් හිර වෙලා
මළ බැඳුණු කොත ලඟම
යකඩ කුඩු ඉහිරිලා
පාළු සොහොන් පිටිය තුල
සොහොන් කොත අද තනිවෙලා

Wednesday, February 6, 2013

එක මොහොතක් නෙත් පියාගන්න

 
 
එක මොහොතක් නෙත් පියාගන්න
කළුවර රෑ එලිකරන්න
මම දකිනා හිනයේ හැඩ
නුඹ ලඟිම ගෙන තියන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හිනයේ සිතුවම් අඳින්න

 
තව මොහොතක් නෙතු වසාගන්න
හිනය සුන්දරදැයි බලන්න
මම බලනා හිනයේ හැඩ
පාට පාට තවර ගන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හිනයේ සිතුවම් අඳින්න

 
එක වරුවක් නෙතු පියාගන්න
සිතුවම් හැඩ තවරගන්න
මම පතනා හිනයේ සුව
නුඹේ අසලින් ගෙන තියන්න
එක මොහොතක් නෙත් පියාගන්න
හීනයේ සිතුවම් අඳින්න

ජිවිතයෙම සුවවිඳින්න....

Tuesday, February 5, 2013

(ද) Style එක


අකුරු තුනේ හොටලයෙන්
බුරියානි කන ඔයාට
ඔඩෙල් එකෙ
live & kicking
අඳින ඔයාට
කුරුඳුවත්තේ වගේ
උජාරුවෙන්
ඉන්න ඔයාට
බොරු සොබන
පොෂ්කම ඔළුවට
අරන් ඉන්න ඔයාට......

දැන්

ගමේ අම්මාගේ
අතින් හදන කැම
රසම නෑලු
හන්දියේ පොඩි
ඇඳුම් කඩේ ඇඳුම්
හිතට ෆිට්ම නැතිලු
ගමේ සුවඳ දැන්
අඳුරන්නේම නැලු
.
.
.
.

මටත් දැන් උඹෙ
ඔය බොරු පොෂ් කම
පෙන්නනම බෑලු

Friday, February 1, 2013

මම කවියක් ලියනවා

හදවතේ කොනක
පණ අදිමින්
දඟලන නුඹේ
එකම එක හුස්ම පොදක්
මගේම දෙඅතින් එක්කහු කරන්
පැන යන්නට දඟලන
පණ කෙන්ද
කට තදේට බැදපු
බැළුමක දාලා උඩට පා කරන්න

කොටියක් අහේතුක සිතිවිල වල
පාවි පාවි උන් මට
නුඹේ පණ අඳින
ප්‍රේමය ඉස්සරහට  ගෙනවිත්
ඔහේ පාවේන ගන්ධබ්බ සිතුවිලි
වලින් මගේම ප්‍රේමය ගැබ්බර කර
නුඹත් මමත් නමට
ප්‍රේම ගී සැයක් බඳින්නට

පාවේන සිගරට්
 සුදු දුම් වලාවන් වලින්
වාතලයට මුදා හරෙන
නිකොටින් දුම් ගුලියක් සේ
නුඹේ පන අඳින ප්‍රේමය
එක හුස්මට පිට කරන්න...

මගේම රක්ත රුධිරානු
වලින් නැහැවුන
ආත්මිය ප්‍රේමයෙන් මුසපත් වු
නුඹේ පණ අදින ප්‍රේම සිතුවිලි
එක පත් ඉරුවකට ගෙනවිත්
පන්හිදේ රුධිරය ඉවර වෙනතුරු
හිතේ ආවේග පිට කරන්න
එක හුස්මට අරන් 
ලියාගෙන යන්න



මම
කවියක් ලියනවා

එන්න ඇවිත් රස විඳින්න

Tuesday, January 29, 2013

තටු සිදුන සමනලියකගේ කතාව



මේ කතන්දරය මම පටන් ගන්නේ කොහෙන්ද...
තාම හිතාගන්නත් බැ......

හරි
තැනක් ලැබුනා
මුලින්ම මම මම ගැන කියලා ඉන්නම්

මම
දරුවන් තුන්දෙනෙක් ගෙන යුත් පවුලක මද්දුමයාය..මම හරිම අමාරුවෙන් ජිවිතය ගෙටගහාගෙන ජිවිතය දකින්න අත්තසහා කරපු ද්‍රරිද්‍රතාවයෙ ඉහලම අත්තක ජිවිතය ගෙවන පවුලක දෙවැනි දුවයි...
මට මතක විදියට මගේ අප්පච්චි නැතිවුනේ මම ස්කොලේ හතරේ පන්තියෙදි...මට වැඩැමහල් අයියෙක් ඉන්නවා
අප්පච්චි නැතිවුන දා ඉඳන්ම මගේ අප්පච්චි වුනේ මගේ අයියා අපේ පවුලේ බර කරට ගත්තේ අපේ අයියා
ඉතින් මම සැබැවින් පිය සෙනෙහස වින්දෙනැති දුවනියක් විදියට මගේ දෙවැනි පියානන්ට හරිම ආදරෙයි...
මගේ ලොකයේ එකම විරයා වුනේ මගේ අයියායි

අම්මා....හම්...
අම්මා තාමත් ජිවතුන් අතර ඉන්නවා නම් තමයි ඒත් ඒ මරණයත් සමඟින් යාළුවොල එයාගේ ජිවිතෙත් කවදා කොතැන කොහෙමද කියලා කියන්නම් මම දන්නේ නැ.....ඉතින් පවුලේ දෙවැනියා හැටියත් පවුලේ එකම ගැනුදරුවා හැටියටත් මට තිබ්බ වඟකිම් නම් එමටයි
මට බාල එක මල්ලියෙක් ඉන්නවා..එයා මට වඩා අවුරුදු 4ක් බාලයි...ජිවිතේ ගෙවෙන්න ඔනේ හොඳම වයසෙදි මම මගේ මල්ලිට අම්මෙක් වුනා..එ ලෙඩ ඇදේ ඉඳන් මරණයක් එක්ක ගනුදෙනු කරන මගේම අම්මාගේ හිතට තවත් බරක දෙන්න බැරිකම නිසාමත්ම

ඉතින් අපේ පවුලේ බර කරටගත්තේ අපේ අයියා එයාගේ ඉගෙනිමට තිත තිබ්බේ මල්ලිගෙත් මගෙත් අධායපනයට හරි තැනක් දෙන්න ඔනේ නිසා...එයා විභාග පාස්කලේ නැ එත් අයියා නංඟිටයි මල්ලිටයි ඉගැන්නුවේ හරිම සතුටකින්මම හොඳටම දන්නවා මගේ අයියේ අපි විභාගයක් පාස් වෙනකොට වසරකින් තවත් ඉහලට යනකොට හිතට හොරා නුඹ ඇස් ඇත්ලේ කඳුළු හන්ගන් හිනාවුන විත්තිය....
ඉතින් ඔහොම කාලයක් ගවෙනකොට මම සාමානය පෙලත් ලිව්වා...ගමේ පාසලේ ඉගෙනගෙන විභාගෙට වාඩි වුන ළමයි 74 දෙනාගෙන් පාසලේ ඉහලම ලකුණු ගත්තේ මම....
මගේ ප්‍රතිපල හොඳ නිසාම මගේ අයියාට ඔනේ වුනෙත් මාව හොඳ ස්කොලෙකට දාලා හොඳින් උගන්නන්...එ දවස් වලටත් වුවමනාව තිබ්බේ හොඳට ඉගෙන ගෙන අපේ පවුල වැටිලා තියන වලෙන් නැගිට්ටවන්න
ඇත්තම කියනවානම් මාත් මගේ අයියාත් නැගිටින්න පුළුවන් එකම විදිය හැටියට දැක්කේ ඔකම විතරයි

ඉතින් මම තරණයක් ගත්තා මගේ අයියා මාව කොළඹ ලොකු ස්කොලෙකට ඇතුලත් කලා...කුලි වැඩ කරලා අතේ කරගැට එනකම්ම මහන්සිවෙලා වැඩ කරපු මගේ අයියාගේ දහඩිය මහන්සියට මිලත් දෙන්න මාත් හොඳනි ඉගෙන ගත්තා

ටිකෙක් ටික මම කොළඹ ජිවිතයට හුරු වුනා
අවුරුදු දෙකක්ම කොළඹ ජිවත් වෙලා උසස් පෙලටත් හොඳින් මුණු දුන්නේ වැටිලා ඉන්න වලෙන් නැගිටින්න
ඉතින් මම උසස් පෙල ලිව්වා
මට කැමපස් යන්න ලකුණු 4යි අඩුවුනේ....මගේ අයියා අයෙමත් විභගයට වාඩි වෙන්න කියුවත් මොන හිතකින්ද දෙයියනේ අයියගේ සල්ලි මම ආපහු නාස්සති කරන්නේ මටත් තව මල්ලි කෙනෙක් ඉන්නවා...
අයියාටත් අයියාගෙයි කියලා ජිවිතයක් තියනවා
ඉතින් දෙවතාවක් හිතන්නේ නැතිව මම රස්සවාක් කරන්න හිතුවා..අයියානම් තදින්ම විරුද්යි
එත් කරන්න දෙයක් නැ අයියාට කරුණු කාරණා පැහැදිලි කරලා වැඩක් නැ
එකනිසාම මම තනි තරණයක් ගත්තා...
රස්සවාල් හුඟකට ඇප්ලයි කලා අන්තිම මට පොඩි කම්පැනි එකකට ඔෆිස් එකේ ක්ලාක් කෙනෙක් විදියට රස්සව ලැබුනාපොඩි රස්සවාක් වුනත් මම හිත සතුටින් භාර ගත්තේ පවුලේ බර තව දුරටත් අයියාට දෙන්න බැරිම නිසයි...
ඉතින් ඔහෙම ඉන්නකොට මට ඔෆිස් එකෙදිම සුරංගව හම්බවුනේ
එයාත් අපේ කම්පැනියේම වැඩ කරන කෙනෙක්
ඉතින්...කාලයක් යනකොට අපේ හිතවත් කම් ආදරයක් බවට පත්වුනා...
මට නොදැනිම මම මගේ පුවුලට ද්‍රොහිවෙනවාදො වගේ හිගිමක්...අනේ මන්දා කියන්න තෙරෙන්නේ නැ
එත් මටම මගෙ වෙනස තෙරුනා ඉස්සර තරම් ගෙදර ගැන කැපකිරිමක් වත් හොයාබලන්ට වත් මට දැන් වුවමනාවක් නැ....මගේ ලෝකෝ විරයා වෙලා හිටිය මගේ අයියාටත් වඩා උඩින් තැනකට සුරංග ඇවිත් මටත් නොදැනිම...
අනේ මන්දා ඔහොම කලායක් ගතවුනා
අපිට තිබ්බ අවිවේකි කම නිසාමත් අපි දෙන්නට නිතර හම්බවෙන්න වෙලාවක් තිබ්බේ නැ
ඔෆිස් එකෙදි හම්බවුනත් අපිද ආදරය කරන්න වෙලාවක් නැ එනිසාම ඉඩක් ලැබුන හැමවේලෙකම සුරංග මම නැවතිලා හිටිය බෝඩිමට ආවා
රස්සාවට ඇවිත් අවුරුද්දකුත් සම්පුරණ වෙච්චි සුරංගව හම්බවෙලා මාස 6කුත් වෙච්චි..මගේ ජිවිතේ විරයා වෙලා හිටිය මගේ අයියාටත් වඩා උතුම් තැනක් දුන්න සුරංග

මගේ සුරංග ..... එක මුසල දවසක අනේ එ උතුම් මිනිහාගේ අතින් මගේ ජිවිතේ විනාස වෙන්නේ  මම හිතන්නෙවත් නැති තරමින්.......එත් සුරංග මාව අමතක කලේ නැ මගේ ලඟින් හිටියා
මටත් නොදැනිම මගේ කුස ට මාස 3කුත් පිරුනා
මම ඔය වගක් සුරංගට දැනුම් දුන්නාම මට සුරංගගේ වෙනස දරා ගන්න බැරිවු එයා වෙනස් වුනේ මගේ ඇස්පනා පිටමයි...ඉතින් මම කාටකියන්නද
මම මට හය හතර නොතෙරෙන කාලයේ ඉඳන් ජිවිතේ දිනන්න උදව්කරපු මගේ රත්තරං අයියාට ද්‍රොහි වුනා ලෙඩ ගානේ හිටියත් මගේ අම්මාට ද්‍රොහි වුනා මගේම මල්ලිටද්‍රොහි වුනා
මම දැන් මුණ දෙන්නේ කොහොමද
ගමේ එක එක කතන්ද පැතිරෙයි 
කොළඹ ජිවිතේකට පුරුදුවනත් මට හිටියේ මම විතරයි
මගේ දුක කියන්න අහන්න හිටියේ සුරංග විතරයි
එත් අද සුරංගත් මගෙත් එක්ක නැ...හැමදේම වැරදුනාමයි දන්නේ සුරංග කියන්නේ කසාඳ බැඳලා ළමයෙකුත් ඉන්න කෙනෙක් කියලා...
ඉතින් මම මොකද කරන්නේ
මම කොහොමද මිනිස්සුන්ට මුහුන දෙන්නේ
ගමට මුණදෙන්නේ දෙවියෙක් වගේ හිටිය මගේ අයියාට මුණදෙන්නේ

කරන්න කිසිම දෙයක් නැ
දැන් තටු සිදිගිය සමනළියක් මම
කුස ගැබ්බර වෙච්ච

අයියේ
මට ඔයාගේ නමට කැලලක් ඇතිවෙන්න දෙන්න බැ එත් මම කලේ මටවත් සමාවක් දෙන්න පුළුවන් වරදක් නොවෙයි..අප්පෙක් නැති දරුවෙක් ජාතක කරනවාට සමාජය මට වෛර කරාවි
මගේ මැරණු තාත්තාගේ රුපේ මට මතක නැ මට අයියා වගේම තාත්තාතත් මම කොහොමද නමට කැලලක් දෙන්නේ
දැන් වෙන්න ඔනේ හැමදේම වෙලා ඉවරයි කරන්න කිසිම දෙයක් නැ

තටු සිදුන සමනලිය මම
මගේම අතින් මගේම ජිවිතයට තොන්ඩුව දාගත්ත

ඉතින් සතුටු සිතින් මම මරණය තුරුළු කරගන්නවා
සුරංග ඔයාටත් මගෙන් කරදරයක් නැ
අයියේ මට ඔය රත්තරන් නමට කැලලක් දෙන්න බැ මට සමාවෙන්න


නිමි

Saturday, January 26, 2013

සේල් සේල්

කඳුලු ලිටර් ගනන් හෙලපු මට
සුසුම් ග්‍රෑම් ගනන් පිට කරපු මට
නුඹ දුන්න වේදනාවේ බර
කිලෝ ගාණටත් වැඩි

ඉරිදා පොලේ
කෙලවරකම හැදුව
ටකරම් ටෙන්ට් එකේ
මම
මගේම ආදරය වෙන්දෙසිකරලා
පැකට් ගනන් විකුණනවා
දුක කිලෝගානට...

සේල් සේල්.....

එන්න ඇවිත්
දුක මිලට ගන්න
කිලෝගානට

Friday, January 25, 2013

ආදරය....



ආදරය ගැන කට්ටිය කොච්චර නම් දෙවල් කතා වෙනවාද
එක එක අය තම තමන්ගේ වාසියට අනුව ආදරයට එක එක නිර්වචන දිලා
සමහරු ආදරය දකින විදියට නොවෙයි තවත් සමහරෙක් දකින්නේ
එක එකිනෙකාගෙන් වෙනස්ම වෙච්ච දෙයක්


යම් දෙයක පැවැත්තමකට කුමක් හො සම්බන්ඳතාවක් පැවතිය යුතුයි
අඩුම තරමින් ප්‍රාථමික මට්ටමින් හො...
හැමදෙයක්ම තුල කුමක් හො සම්බන්දයක් තියනවා
සමහරු මෙක දකින්නේ ආදරය විදියට
අපි අපි අතර තියන සම්බන්ඳතාවය දිගටම පවත්වාගෙන යන්න තියාගන්න මිනුම් දන්ඩක් විදියට හුඟක් ‘‘ආදරය‘‘ කියන වචනය පාවිච්චි කරනවා

එත්
කවුරු කොහොම මෙන නිර්වචනය දුන්නත් මම ආදරය දකින්නේ වෙනස්ම විදියකට

සමහරවිට මගේ තිරනයට ඔයාලා අකමැති වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්

මට අනුව නම්

ආදරය කියලා දෙයක් මේ ලොකෙ නැ
මිනිහෙක්ගේ පැවැත්මට ඔනේ කරන
ආදරය සෙනෙහස කරුනාව දයාව
සැලකිල්ල ලිංගික ආෂාව ආකර්ෂනය එකි මෙකි නොකි ප්‍රාථමික අවෂයතාවයන් සපුරගන්න සිමාසහිත රාමුවක් ඇතුලෙන් අසිමිත බන්දනයකට යටත්ව තමන්ට විරුද්ද ලිංගිකයෙක්ව මුළුජිවිත කාලය පුරාවට හො යම්තාක් දුරට යම් කාලයක් තුල අයිති කරගගැනිම තමයි ආදරය විදියට දකින්නේ
සමහර විට අපිතොර ගන්න පුද්දගලයා අපි එක්ක මුළු ජිවිත කාලය පුරාවටම හිදිවි නැතිනම් ජිවිතේ යම් තාක් කාලයක දුරකට අපි එක්ක හිදිවි

මේ හැමදේම තිරණය වෙන්නේ ආකාර්ෂනය මත....

මම කෙනෙක්ට කැමති නම්
නිකන් හිතමුකො මම එයාගේ කොන්ඩෙට ආසයි(උදාහරණයක් පමණි)

ඒ කොන්ඩේ නිසා මම එයාව මුළු ජිවිත කාලයම එයාව මටම විතරක් අයිති කරගන්න උත්තසහා කරනවා ලඟින් තියාගන්න උත්සහා කරනාවා..නමුත් යම් දිනයකදි එයා ඒ කොන්ඩය කපනවා එත් එක්කම මගේ හිතතේ ඇතිවලා තිබ්බ සෙනෙහස හැමදේම එ වෙනසක් එක්කම නැතිවෙලා යනවා

එතකොට එතන පැවතිලා තියන සම්බන්දතවාටද අපි ආදරය කියන්නේ
නැහැ

ආකර්ෂනය

අකාර්ෂනයත් එක්කම පවතින බැඳිමක්
නමුත් හුඟක් අය ආකර්ෂනයට ආදරය කියා කියනවා එ දෙක පටලවගෙනඅතර රාමුවට යටත්ව ජිවිතය ගෙවනවා

දෙදෙනෙක් අතර යම් සම්බන්ඳතාවයක් පවතින තාක් කල් එදෙන්නා අහස් හුවමාරු කරගනි
දුක සැප විමසයි දෙදෙනා දෙදෙනාගෙම හැඟිම් සමඟකතා කරයි
හුවමාරු කරගනි
නමුත් එය ආදරය නොවෙයි

කෙනෙක් ගැන ඔබට වැඩිපුර හිතෙනවා නම් ඒක ආදරෙයි කියලා හිතන්න හදිස්සි වෙන්න එපා.....
කෙනක් ඔබ ගැන ඕනවට වඩා හිතනවනවා කියලා ඔබටම දැනෙනවානම් ඒකත් ආදරෙයි කියලා හිතන්න හදිසසි වෙන්න එපා.....
ආදරය කියන්නේ කෙනෙක් ගැන ඔබට හිතෙන එකවත් ඔබගැන තවත් කෙනෙක් හිතන එකවත්
ෙමෙයි......කෙනෙක් ගැන ඔබ හිතදදී එයා ඔබ ගැන නොහිතන්නට පුළුවන්..........
ඔබ ගැන කෙනෙක් හිතද්දී ඔබ එයා ගැන නොහිතන්නටත් පුළුවන්.....
ආදරයි කියන්නේ ඒ වගේ හුදකලා සිත්විල්ලක් නෙමෙයි......


දෙන්නෙක් එකම විට එකම හැගීමකින් එකම ගැඹුරකින් එකිනෙකා ගැන හිතන එකටයි ආදරේ කියන්නේ............
ඒක මහ පුදුමාකාර සිතුවිල්ලක්............

නමුත් බොහොවෙලාවට සිදුවන්නෙ අපි යම් කෙනෙකුට ආසා වුනොත් කැමැත්තක් ඇත් වුනොත් ඒ පුද්ගලයා ලාවා අපි පිලිබඳ බලෙන් සිතුවා ගැනිමක්
නමුත් ඇත්තටම එ පුද්ගලයාට අපි පිලිබඳ හැගිමක් ඇති නොවෙන්න පුළුවන්
එ නිසාම අපිට කලකිරිමක් ඇතිවිමටත් පුළුවන්
 නමුත් ආදරය කියන්නේ බලෙන් ඇති කරවා ගත නොහැකිදෙයක්..යම් කෙනෙකෙු ලවා බලෙන් සිත්තවා ගත නොහැකි දෙයක්



ආදරය යනු හුදෙක් සන්කල්පයක් විතරයි
ආකර්ෂනයෙන් මායාවෙන් ආසාවෙන් තෙරවෙච්ච පිවිතුරු සන්කල්පයක්
 කොන්දෙසි විරහිතව සිතේ උපදින පිවිතුරු සන්කල්පයක්

එක ආදරය වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්

නමුත් කිසිකෙනෙකුට ආදරය බලෙන් ඇතිකරවන්න වත් බලෙන් ආදරය දෙන්නවත් බැහැ
එය කාලයාගේ ඇවැමෙන් ඉබේ ඇතිවිය යුතු හැඟිමක්
මට යම්කෙනෙක් ගැන ඇතිවන හැඟිමක්(ආදරයක්) සමහර විට ඔහුට හො ඇයට මා පිලිබඳව ඇතිනොවන්නට පුළුවන්
සමහර විට මට දැනේනවාටත් වඩා හොඳින් දැනේන පුළුවන්
නමුත් එක හුදෙක්ම හැඟිමක් පමණයි...

ජීවිතය බලෙන් තවත් ජීවිතයකට බන්දා තියෙන වරපට ආදරය නෙමෙයි......

ඒක බැඳීමක් විතරයි.......

බැදීම් විවිධාකාරයි....

බැදීමකට ආදරය කියලා කියන්න බෑ...

එක මිනිහෙක්ගේ ජීවිතය ඇතුලේ බැඳීම්
කීපයක් තියෙන්න පුළුවන්....

ඒත් ආදරයක එහෙම ගොඩක් තියෙන්න බෑ....



ඒක බොහෝවිට එකයි
ගොඩාක් අය ගැන ඔබට ගොඩාක් ඒවා හිතෙනවා....

සමහරුන්ටනම් දකින දකින කෙනාට පෙම් සිතුවිලි
එනවා....

ඒ අයගේ ආදර හැගීම හැමවෙලේම පිටාර ගලනවා...

ඒත් ආදරය එහෙම ලාබ දෙයක් නෙමේ....

දකින දකින කෙනා ගැන ඇතිවෙන්නේ ආශාවක් අනුරාගයක්.....

ආදරය කියන්නේ ආශාවක් නෙමේ...

අවශ්‍යතාවයක්......

ඔබේ හදවතට ආදරය අවශ්‍යයි.....


අපි හුඟක් වෙලාවට ආෂාවන් පසුසපස හඹා යයි
නමුත් අපි තුල ඇතිවන සියළු ආෂාවන් පිනවිම ආදරය නොවෙයි
 ආෂාවන් පිනවිම හරිම අසිරු දෙයක් 
එය මොහොතින් මොහොත වෙනස් වෙයි
දැන් ඇතිවන ආසාව තව සුළු මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්
සමහර විට දැන් අතිවු ආසාව තව පැයකින් අකමැත්තක් වෙන්නත් පුළුවන්

ආදරේ කියනදේ ඉක්මනට ලැබිය යුතු නෑ....


ඒත් පිළිවෙලකට ලැබිය යුතුයි.......(එකටත් යම්කිසි වෙලාවක් තියනවා ඒ වෙලාව එනතෙක් අපි බලා සිටිය යුතුයි)



ආදරය යනු ආෂාවෙන් තොර වු නිර්මල සන්කල්පයක්
 
 ඒකේ කෙලවරක් සිමාවක් මායිමක් නැ
එ හුදෙක් නිර්මල හැඟිමක් සිමා මායිම් නැති නිර්මල හැඟිමක්


මම පෞද්ගලිකවම ආදරය කියලා දෙයක් විස්වාස කරන්නේ නැ
ඒ හැමදෙකටම පවතින බැඳිම/ආසාව ආකර්ෂනය/වුවමනාව මායාව
ඔය සියල්ලෙම එකතුව/ පදනම ආදරයක් නොවෙන නිසාවෙනි



ජීවිතයේ අවශ්‍යතාවය නොපුරවා ඔබ ආශාවෙන් පිනවන ආදරයක් සොයාගත්තොත්
ඔබේ ජීවිතේ සදාකාලික හිස් බවක් තියෙනවා....

එහෙම උනොත් ඔබ සදාකාලික අතෘප්තිමත්........

ඒනිසා ආදරය අව්‍යතාවය හා ආෂාව හදුනගන්න......



කියපු කියමනක් මතක් වුනා
---------------------------------

සැබැ පෙම්වතුන් කිසිදා හමුනොවේ
හමුවු පෙම්වතුන් කිසිදා සැබැ පෙම්වතුන් නොවේ
__________________________________________________
ප්‍රේමය ලොව හැම තැනම ඇති.. හැමදෙනටම හමුවෙලා ඇති
එනමුත් ප්‍රෙමය කිමැයි කියා හදුනාගත් කිසිකෙනෙකු නැති