Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts

Friday, October 26, 2012

පුංචි පුංචි හින මගේ

මම ආසයි....

මුවහත් පුංචි
බ්ලේඩ් තලයකින්
මගේ
අත කපාගෙන
අතින් ගලනා
රතුම රතු පාට
ලේ බිඳිති දිහා බලන්
ඒ ලේ බිඳිති වලින්
මට ඔය සුදු මුහුණ
බලන්න....
ඔය සුදු මුහුණ දකින...

මම ඊටත් වඩා අසයි

හයියෙන් ගැටහපු
කඹයක් වහලයෙන් ඇදලා
මගේ පුංචි බෙල්ල
එකෙන් හිර කරන්
දෙපැත්තට පැද්දිලා
ඔන්චිලි
පදින්න...

මම ඔය ඔක්කටම වඩා අසයි

රසම රස
වහ බෝතලයක් අරන්
රස කර කර බිලා
එ රසයෙන් තියෙන
මිහිරි බව
සති ගනන් වුනත්
මතක් කරන්න

මේ ඔක්කටම වඩා මම ආසයි

මහා රෑට
පාළු සොහොනක් ලඟට ගිහින්
අපේ ආදරය මරලා වළදාපු
ඒ සොහොන් කොත
ලඟට ගිහින්
මළ ගී වැල් කියන්න...
අපේ ආදරේ වෙනුවෙන්
මැරිච්ච හීන මවන්න...

අනේ මගේ මේ පුංචි
ආසාවල්
ඉෂ්ට වෙන්න
තව කොච්චරක් නම් කල් යයිද .....
______________________________________

රටා මවන ඔය රතැගිලිවලට පෙම් කරමි මම

දිගු සුසිනිදු සියුම් රතැගිලි අතර
සිතුම් මවනවා නුඹ නුඹට රහසේම
හද ගැහෙන ඒ සුපෙම් රූපේම
සියුම් හිතක් ඇත නුඹත් නොදකින

පාට මුසුවුන සියුම් කොලයක

කොල රූ මවන පින්සල් දිගට
රැලි රැලි සියුම් රුපෙන් එපිට
ලොවක් අඳිනවා නුඹ නුඹට රහසේම

රටා මවන ඔය රතැගිලි වලට

රුප අඳින ඔය සියුමැලි අතට
ලෝභ නෙවෙයි මම තාමත් මටම
අහිමි හිතක් ඇතිදෝ ඔය හිත ලඟ

සිතින් හිනැහි පෙම් කරමි තව මම

ලඟින් සැනසි හිදින්නට බැරි කල
නුඹෙන් මැවෙනා සියුම් රුපෙට
හිතින් පෙම් කරනවා මම මටත් රහසේම
 
_________________________.

Wednesday, October 24, 2012

නුඹ එනවාද හැමදමත් මගේ තනිය මකන්න

මල් පිපිලා සුවඳ හමන
සොඳුරු සවස විඳින්න
මම තවතමත් සිහින මවමි
නුඹ සමඟින් රැදෙන්න

හැන්දැවට සිත සුළං
මිහිර තනිව විඳින්න
මං තාමත් තනියෙම හිද
දුක කියනවා හැඩෙන්න

හිතරිදවන සොඳුරු මතක
තාමත් මෙහි දකින්න
මතකය හද දවනා විට
නුඹ එනවද ලඟ රැදෙන්න

මොර සුරන වැසි වැටෙවි
අපේ මතක වැහෙන්න
පුරුදු පරිදි නුඹ එනවද
මගේ හිතට හඩන්න

මතක ඇවිත් හනිකට යලි
නුඹේ රුවම මැකෙන්න
එපා යලිත් කෙදිනකවත්
අපිට අපිව ලැබෙන්න...

Saturday, October 20, 2012

අවසාන කතාව(එක්තරා කතාවක්ම නොවේ) _________________


කඳුළුත් එක්ක ගණුදෙනු කරලා හිනාව මගේ ජිවිතේ ඇතටම ගිහින් තිබ්බ කාලේක හිතන්නෙත් නැති විදියට ඔයා මගේ ජිවිතේට ඇවිත් හිනාවේ තියන ලස්සන හුරුබුහුටි කම මට හරි ලස්සනට කියලා දුන්නේ ඔයයි වෙන කවුරුවත්ම නෙමෙයි ඒ ඔයයි.... ටිකෙන් ටික හුස්ම ගැහෙන රාවයත් එක්කම මම ඔයත් එක්ක හිනාවෙලා මම මගේ ජිවිතය වින්දා ජිවිතයේ ලස්සන දැක්කා...කාලයත් එක්කම මට මගේ ජිවිතේ දැනේන ගත්තා හැමවෙලෙමෙ මගේ ලඟ හෙවනැල්ල වගේ ඉදන් ජිවිතේ ලස්සන මට කියලා දුන්නේ ඔයයි ඒ ඔයයි...ජිවිත පොතේ ආදරය කියන...හිනාව කියන ලස්සනම ලස්සන පරිච්චේද වලට අකුරු කරන්න අයනු ආයනු කියා දුන්නේ ඔයයි....ඒ තරම් හිනාහවේ ලස්සන මට ජිවිතේ ට දැනුනා ඔයත් එක්ක මම ඒ සුවය වින්දා.....මම හිනා වුනා ඇත්තමයි හදවතින්ම මම හිනවුනා කාටත් නොතෙරෙන හැඟුම් ගොඩක් ලඟ මම ඔය හිතත් එක්ක හිනාවුනා....
ජිවිතේ මගේන් ඇත්වුන හිනහව මට ඔයා ලගාකරලා මගෙන් ඇතට ගියේ මට හිතන්නවත් බැරි හයියෙන්...තමත් මම නැවතුනු තැනම බලන් ඉන්නවා..ඇස් අඟ ඔයා ඉතිරි කරලා ගිය හිනාහවේ වියැළිච්ච කඳුලකුත් එක්ක... මට ජිවිතේට සතුටු වෙන්න උගන්නලා ඇස් අග කඳුලක් ඉතිරි කරලා ඔයා මගෙන් හුඟක් ඇතට අද යන්න ගිහින් හුඟක් ඇතට....අවසානයක් නොපෙනෙන හුඟක් ඇතට.....මම අඩනවා...ඔව් මම අඩනවා... මගෙත් එක්ක හිනාවෙන්න ඔයා මගේ ලඟින් එදා හිටියා...ඒත් අද මම අඩනකොට මගෙත් එක්ක අඩන්න අද ඔයා මගේ ලඟ නැහැ...හිනහාවේ නතර වුන කඳුළු අද මම ගනන් කරන්නේ තනියම......අඩන්න මම ඉගෙන ගත්තේ තනියම...අද ඔයා මගේ ලඟ නැහැ....හැමදාමත් මේ පුරුදු විදිය මම කඳුළු මුතු වලට ලස්සනක් එකතු කරයි....මම තනියම කදුළු වලට වටිනාකමක් දෙයි

මගෙන් ඇතට යනකොට මගේ මුව අග ඔයා නතර කර ගිය හිනාවටත්....නෙත් අග ඔයා රදවලා ගියා කඳුලටත් මම හැමදාමත් ආදරෙයි ඇත්තමයි ආදරෙයි....


කාලයක් ගත වුනා තමයි
හදාගන්නට මට මගේ හිත...
තාලයක් නැතිවුනත් මට
ලස්සනයි ඒ පෙම් හිත

ජිවිතෙත් සුන්දරයි අද
නුඹ හිටියනම් මගේ ලඟ
එත් දුක නැහැ දුරින් හිද වුව
පෙම් කරමි මං නුඹටම

නවතලා දුක් සුසුම්
තිත තබමි මම අද සිට
යලි එන්න‘පා තිතතැබුවේ මම
යලි නොහැරෙන්නම

යලි පණ නොගසමි පෙම් හිත...
 
__________________________සෂි.

Friday, October 19, 2012

කවිය වද දෙයි මට හැමදිනා

විරහවත් හරිම ලස්සනයි
එකෙත් මහා අමුතුම ලස්සනක් තියෙන්නේ.....
හැමොන්ටම විරහවේ ලස්සන දකින්න බැහැ
හැමොන්ටම විරහවේ ලස්සන විදින්න බැහැ
එකටත් ලස්ස හිතක් තියෙන්න ඔනේ
මේ හැමදෙයක්ම බැඳිලා තියෙන්නේ අපේ ජිවිත වල අපි පවත්වාගෙන යන සම්බන්ඳතා එක්ක
අපේ ජිවිත වලට මිනිස්සු යනවා එනවා....සමහරු සදාකාලිකවම නවතින්න බලාගෙන එනවා
සමහරු තාවකාලිකව නවතින්න බලාගෙන එනවා
අහම්බෙන් හරි අපේ ජිවිත වලට එන හුඟක් අය හිතේ ගැඹුරුම තැනක නව
තිනවා.....කවදාක්වත් අමතක නොවෙන විදියටම....එත්
අදුරන්නැති දෙන්නෙක් විදියට හම්බ වෙලා
හොඳට අදුරන දෙන්නෙක් විදියට ඉදලා....හඳුනගෙන වෙන්වෙන්නේ
හරියට අදුරන්නේම නැති දෙන්නේක් වගේ....හම්..... එකනේ තියන දුක....
එත් අහම්බෙන් අපේ ජිවිත වලට එන අය යන්නේ අපිට අමතක කරන්න බැරි තරම් මතක හුඟක් ඉතුරු කරලා..ඒ මතක හරි සුන්දරයි.....එවා මතක් කරලා ජිවිතේ සතුටින් දකින්න පුළුවන් නම් අපි දිනුම්.....

 
_____________________________________
හිතට වද දෙන අකිකරු කවි
හිත ඇතුලේ තව ලියැවිලා
ඔහේ විසිකර දමා ගිය නුඹේ
මතකයක් ලඟ නැවතිලා

යන්න හදනා නුඹේ හිත ලඟ
මාත් තනිවම දොඩමළු වෙලා
යන්න දෙන්නට හිතක් නැහැ තව
නුඹේ හිත ගැන ලොබ වෙලා
ඔහේ පාවි අකිකරු වුන
මගේ කවි මාවම දවා
නුඹට යන්නැයි කියයි කවිහිත
මගෙන් සමුගෙන වෙන්විලා

ලියා නැලවෙන දහක් සිතුවිලි
හිතට වද දි නැවතිලා
අකිකරු වුන මගේ හිත අද
නුඹට පුදදෙමි සතුටිනා

කවිය වද දෙයි මට හැමදිනා

Wednesday, October 17, 2012

කළුවර හිනය

මගේ බ්ලොග් එක හැඩ වුනේ ඔයාගේ මේ ලස්සන පින්තුර නිසා...
මගේ කළුවර හිනය හරියටම දැක්කේ ඔයා...මේ පින්තුරය මගේ බ්ලොග් පිටුව ලස්සන කලා....කළුවර හිනයට ගැලපෙනම පින්තුරයක් මේක....ඔයාගේ ඇහින් දැක්ක මගේ කළුවර හිකයට මම ආදරෙයි...ඒත් මට කළුවර හිනය ලස්සන කරන්න උදව් කරලා ඔයා කොහොදේ ඇතකට ගිහින්.....මම දකින මගේ කළුවර හිනයේ ලස්සන බලන්න අද ඔයා මගේ ලඟ නැහැ
මට තියන දුකත් එකමයි...

ජිවිතයේ සුව දැනේන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ.....

වැටෙන කඳුලින් ගෙනෙයිනම් සුව
හද ගැහෙන ඒ රාවයේ නද
නුඹ දුටුව මගේ හිනයේ තුල
මං නොසිටියේ ඇයිද කියන් මට

කළුවරයි මගේ හිනයත් තව
නුඹයි හිනේට දුන්නේ ලස්සන
නොඑයිනම් තව නුඹ මසිත් අහසට
හින පෙනුනේ කොහොමදෝ මට

පෙනෙනෙ නොපෙනෙන හිත ඇතුලේ මම
හින දකිනව රෑයමේ කළුවර
ආදරෙයි මම ඒ නොදුටු හිනේට
මගේ නොවුනත් කළුවරයි තව මට

Tuesday, October 16, 2012

සිත තාමත් නුඹව සොයනවා



හිත නිරතුරුව තවම නුඹේ සිතුවිලි විමසනවා
නෙතු නිරතුරුම තාමත් නුඹේ රුවම සොයනවා
හද නිරතුරුව තාමත් නුඹේ පෙමම සොයනවා
මම නිරතුරුම තාමත් නුඹේ සෙනෙහෙ පතනවා

යලි කවදා කෙහෙදි අපි මුණ ගැහෙවිදෝ
හිත හැමදා ඒ පැතුමන් එක් කරාවිදෝ
නුඹ සැමදා සතුටින් සිනහා වෙවිදෝ
මගේ හැගුමන් කෙදිනකහෝ නුඹ දකිවිදෝ

Monday, October 15, 2012

නොලියෙනා කවිය


කඳුළු කවි කම් හිත දවයි නම්
නුඹ එන්නෙපා යලි කවි ලියන්නට
තවම නොලියෙන අපේ කවි පෙළ
 හිත දවයි නම්... නුඹ එන්නේපා
මගේ  හිත දකින්නට.....
යන්න යන්නම යලි නොඑන්නම
නුඹ එන්නපො මගේ ලොව දකින්නට
වෙන්නව ඉමු අපි අපේ ලෝකේක
කවිය නැ තව හිත හදන්නේ
                       අපේ කවි නැහැ අපි දකින්නේ.

Thursday, October 4, 2012

සඳ කුමරුනේ නුඹ සැමදා මගේ වෙන්න


හිත සනසන පෙම් හඟුමන් පුබුදන්න
හිනෙක දැවටිලා නුඹ මවෙතට එන්න
මල්ගොමුවකින් වැහෙන සුව තවරන්න
හෙමිහිට ඇවිත් හද අරණේ සැතපෙන්න

නොලියන පෙම් කවක් හද මඩලේ රඳවන්න
නොගැයු ගිතයක් වි තොල් අග රැව්දෙන්න
නොඇසු සවන් යුග සෙනෙහෙන් නහවන්න
නුඹ මගේ හද කුටියේ රජ කුමරුන් වෙන්න
නැහැවෙන සුපෙම් සෙනෙහස තව විඳගන්න
ඔය සුදු මුහුණ ආදරයෙන් මට සිපගන්න
ජිවිතයේ අම සුව මට ලැබගන්න
සඳ කුමරුනේ සැමදා නුඹ මගේ වෙන්න





___________________________________________________________සෂි.

Wednesday, October 3, 2012

හුස්මක් දුරින්......

හුස්මක් දුරින් හිදින්නම් මම
මට නුඹෙ ලගින් සැනසෙන්න පුළුවන් නේ කවද හරි
ඔය හිතේ ආදරෙන් ගුලි වෙච්ච 
ඒ සෙනෙහෙ හද කිති කවනවා දැනේනකොට...
අනේ හරිම සතුටුයි...
කියන්න බැරි තරම්...
මම තාම හිතනවා
මම තාම පතනවා
ඔය හිතේ ආදරය
හැමදාම මගේ නේද...
මගේම විතරක් නේද......
ඇත්තටම පුදුමයි
මට හිතාගන්නත් බැහැ
නුඹ මගේ වෙලා
ඇත්තටම මගේ වෙලා
ආදරෙන් පිරි ඔය හිතම
දැන් මගේ වෙලා
මගේම විතරක් වෙලා

වැටෙන හුස්මට
කණ තියාගෙන
අහන්නම් මම
හද ගැහෙන රාවය....
ඇසිල්ලක් යන්නටත්
මත්තෙන්
රැව්දෙවි හද
නුඹේ නාමය....
ගිගුම්දි හද හිනාවෙයි
මට හොරෙන් අසමින්
හදේ නාදය.....
ඉතින් ලං වි
පෙමින් වෙලෙනු මැන
තවත් නොසඟවා
හිතේ ආලය.....
 
 
ඹබට තියන ආදරේ කියාගන්න බැහැ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නැහැ...
___________________________________සෂි_.

Tuesday, October 2, 2012

සෙනෙහසින් මගේම ආදරයට





හීන ...බලාපොරොත්තු ....ජිවිතේට ඔනේම කරන දෙයක්....ආදරයක් වෙනුවෙන් හිනයක් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්න ඔනේ.....අනිවාරයෙන්ම...කාලයක් තිස්තිස්සේ හිතේ මවාගෙන හිටපු තමන් ප්‍රාර්ථනා කරපු විදියෙම ආදරයක් තමන්ගේ ජිවිතේට ලැබෙන්නේ හරිම කලාතුරකින්..මොකද අපි හිතන පතන දේවල් 100%ක් අපිට ලැබෙන්නේ නැහැ...ඉටත් වඩා තමන්ගේ හොඳම යාළුවා වාගෙම තමන්ව තෙරුම් ගන්න කෙනක්...හැමදේම බෙදාගන්න පුළුවන් විදියේ කෙනක්... .

තාත්තා වආරාක්ෂා කරන කෙනෙක් සොදරයෙක් වආදරය කරන කෙනෙක් යාළුවෙක් වතෙරුම් ගන්න පුවවන් කෙනෙක්.. ොටින්ම කියුොත් තමන්ේ රජ කරන හීන කුමාරයා...තමන්පෙම්වතා වෙනවා කියන්ොයිතරම් වසනාවන්තද
 ඒ මොක වුනත් මම නම් හරිම වාසනාවන්තයි...මොකද මම හිතපු මම දැකපු සහා මම බලාපොරොත්තු වුන විදියේ චරිතයක්....බලාපොරොත්තු වුන විදියේ ආදරයක්...මට ලැබුනා......

ඒ ආදරේට මං ආදරෙයි හුඟක්.....පණ වගේ..... .






දිවිය තියෙන තුරු මගේ නුඹයි ආදරේ...




සෙනෙහසින් මගේම ආදරයට......  ♥


හෙමි හෙමින් ලඟට විත්
රහසකුත් කොඳුරනා
හිතමගේ හැම විටම
නුඹේ රුවම විමසුවා
ලඟ ඉඳන් නෙතු තුලින්
නුඹේ රුවම මතුවෙනවා
ආදරේ හැඟුම් පොදි
නුඹේ නමට ලියවුනා
 

ආදරේ ඉහිරුනා......


සිහිනයෙන් නුඹ ඇවිත්
ඉඟිපාන හිතපුරා
ජිවිතේ රන් මැදුරු
තව තවත් ඉඳිවුනා
හිතපුරා පෙම් පිරුව
ආදරේ නුඹ නිසා
කප්පරක් සෙනෙහසින්
මේ මොහොත නුඹේ වුනා
 

ආදරේ තව වැඩි වුනා....


හිත පුරා සෙනෙහසින්
ලඟ හිදන් නැලවෙනවා
ජිවිතේ සෙත් පිරිත
නුඹේ නමට කියැවුනා
උපදිනා හැමභවම
සංසාර පොත පුරා
මතු මතුත් මගේ හිතේ
රන් හින නුඹේ නමට ඉපැදුනා


ජිවිතේ සුව වැඩි වුණා.......











Monday, July 23, 2012

පෙම් සිත

හද සනසන නෙතු කලඹන පෙම් ස්වරය ලියැවුන
හෙමි හෙමින් සැනසෙමින් මගේ සිත ලඟම රුදුන
මතකයන් පොදි බැදන් නෙතු හෙමි හෙමින් සිඹින
පෙම් හිතක් ලඟ තිබුනාලු නුඹ නමින් සිත්තම්කරන

නෙතු සිඹින හිනයෙම පෙම් පිරුව රුව ඇඳෙන
පෙම පිරුනු පින් හිතක් තිබුනාලු මගේ ලඟම
හද බැතින් පෙම් පිරි නුවන් යුග කලබන්න
නුඹ ඇවිත් ඇවිත් හිටියාලු හිත් ගඟේ මුඵ රෑම

කඳුලක්ව ඇද හැලෙනු මගේ දිවිය සරසන්න
නුඹ ආවා ගණදුරට පහන්ක්ව ලඟ ඉන්න
හද මගේ පුබුදන්න පෙම් සිතම ඇහැරන්න
හැමදාම ලඟ ඉන්න මං ගාව මෙලෙසින්ම

Saturday, July 21, 2012

පෙනෙන ඉමක හිඳ බලන විටදි මම - ඔබ එහි තුල හිනැහි යනවා
ඇහෙන ඉමක හිද සොයනවිටදි මම - ඔබ හඩ රුව්පිලිරුව් දෙනවා
හිතන විටදි මම සෙනෙ ගගුල ලඟ - නුඹ මවෙතට පාවි එනවා
පතන විටදි එසෙනෙ සදාකල් - නුඹ මවෙතින් ඇතට යනවා

සුසුමන් ඉවසා තනි වෙන විට මං - හැඟුමක පාවි නුඹ එනවා
සැනසුම ගෙනෙනා අඳුනක් වේනම් - එරුව තුල නුඹ රජයනවා
මිහමත සැනසුම ලැබෙන යමක් යම් - ඒ තුල නුඹ හිනැහියනවා
සුසුමන් මියැදි සැනසුම හිමිනම් - නුඹ අසලින් මම සැනසෙනවා


මම හිටියාද නුඹ වගේ ගාව මේ

සන්සාරේ පොත පුරා නුඹ දුර ඇත හිද
මගේ ලඟ හිටියාද අද වගේ
පපුතුරේ සැඟවිලා ආදරෙන් නැහැවිලා
 

 මම හිටියාද නුඹ වගේ  ගාව මේලෙ

ඉඟිපාන නුඹේ ඔය දඟකාර හිතගාව
ඉන්නහිතයි මට හැමදා සැනසිල්ලේ
සිහිනයෙන් වත් ඇවිත් මදහාස පෙන්නාල
රිදවාල නුඹ යයිද මසිතට හොර රහසේ

නිල නුවන් අග නුඹ ලිව පෙම් ගිත
තවම කියැවෙවි මගේ හිත අස්සේ
හිත ගාව ඉඳන් නුඹ දගපාන මුත්
ලඟින් හිද සැන්සෙන්න උවම් නැත්තේ

ඉන්නම් ඉතින් හැමකල්

ලංවි ලඟින් හිනැහි - මිමිණු පෙම් වදන් මිහිරි
හිනැහි ලඟන් සැනසි - තෙපලු රස කතා මහිරි
සැනසි ලඟින් නැලවි- බැඳුනු ආලේ මිහිරි
නැලවි හිතින් සැනසි - රැදුනු ස්නේහේ මිහිරි

බැදෙමින් ලඟින් රුදෙමින් - ඉඳිමින් සිතින් නොසැලි
සිතමින් එකම පැතුමන් - රැදෙමින් හදේ කොනෙකින්
ඇවිදින් සසර හැමකල් - බැදෙමින් පෙමින් නිතියෙන්
රකිමින් සෙනෙහෙ බැතියෙන් - ඉන්නම් ඉතින් හැමකල්

මළ ප්‍රේම පොත

ප්‍රේමය
මිය ගොස්
අවසන්ය
මිහිදන් වි
අහවරය


මු
දු

මැරුනු හිත
යලි යලිත්
ඉපැදෙයි
නුඹේ මළ
පාඵ සොහොන
ළඟ

ආදරේ

ලංවි ලඟින් හිනැහි - මිමිණු පෙම් වදන් මිහිරි
හිනැහි ලඟන් සැනසි - තෙපලු රස කතා මිහිරි
සැනසි ලඟින් නැලවි- බැඳුනු ආලේ මිහිරි
නැලවි හිතින් සැනසි - රැදුනු ස්නේහේ මිහිරි

බැදෙමින් ලඟින් රුදෙමින් - ඉඳිමින් සිතින් නොසැලි

සිතමින් එකම පැතුමන් - රැදෙමින් හදේ කොනෙකින්
ඇවිදින් සසර හැමකල් - බැදෙමින් පෙමින් නිතියෙන්
රකිමින් සෙනෙහෙ බැතියෙන් - ඉන්නම් ඉතින් හැමකල්

ඉන්න නුඹ නුඹේ පාඩුවේම

නුඹ ඔහේ ගියපු පාඩුවේ ඉන්න
මම මෙහෙ මගේ පාඩුවේ ඉන්නම්
නුඹ ඔහේ ගියපු පාඩුවේ ඉන්න

අපි අපිම තැනු අපේ පෙම් ලොව

ඉරතලා අපි දෙකඩ වෙන්කර
සමුගත්තේ යලි හමුනොවෙන්න
නුඹ ඔහේ ගියපුපාඩුවේ ඉන්න
මම මෙහෙ මගේ පාඩුවේ ඉන්නම්

මම මෙහෙම නැවතුනුම තැන
නුඹ ඔහොම ගියපු තැනම
ඉන්න යලි නොහැරෙන්න
අපි අපේ පාඩුවේම ඉමු
අපිට අපි අයිතිනැහැ
අපි අපේ වෙන්නේ නැහැ
නුඹ ඔහේ ගියපු පාඩුවේ ඉන්න
මම මෙහෙ මගේ පාඩුවේ ඉන්නම්

Friday, July 13, 2012

අවසානය



ජීවිතයේ ඇත්ත
ගැන දැන මමද
අවසානය යන්න
මමද දැන ගතිමි 
යලිත්..
ඔබ නැති නිසාවෙන්
තවදුරටත්