Showing posts with label අලුත් පිටුවක්. Show all posts
Showing posts with label අලුත් පිටුවක්. Show all posts

Sunday, August 30, 2020

කාලේකට පස්සෙ මට මම හම්බවෙන් හිතුනා..


 

කාලේකට පස්සෙ ලියන්න ගත්තට මොකද හිත ඇතුලෙ තියන හැමදේම ලියන්න බැ. එත් වෙනදාට ඩයරියට සිමාවෙන සමහර දෙවල් සමහර සිතුවිලි අද මම මගෙ බ්ලෝග් පිටුවෙ ලියන්න හිතුවා..

එකට එක හේතුවක් තියනවා..

​බොහොම මැතකදි මට අපුරු චරිතයක් මුණ ගැහෙනවා.. සමහරු හරි දේවත්වයෙන් තමයි එයාව අදහන්නෙ.. මම මෙතන එයා කවුද කියලා විස්තර කරන්න යන්නැ. මොකද එක ඒ පුද්ගලාගෙ අනන්‍යතාවයට හොඳ නැකති නිසා..

ඉතින් මෙ චරිතය සමාජයෙ ඉන්නෙ හරිම සද්ගුණවත් විදියට සුදු රෙද්දක් පොරවං. කිවට මොකද හැමෝනටම උදව් උපකාර කරන්.. නොතෙරෙන දෙවල් කියලා දෙමින්. වැටෙන වැටුන සහා ජිවිතෙ වරදින වැරදුන හැමෝන්ටම උදව් උපකාර එකි මෙකි නොකි සියළු දේ කරමින්..

අපි හැමෝම එක එක අවධි වල පිඩන වල ඉන්නවා. ඔය කියන චරිතය ​කාලෙකට කලින් අත්දැකිම් සමඟ ගැටිලා පිඩන වල ගැටිලා යම් තරමක මනස දියුණුවක් කරත්තා කියන කෙනෙක්(ලු). ඉතිං ඒ සද්ගුණවත් කෙනා සමඟ මාත් කතා කලා...(මටත් නිකන් ඉන්න බැ නේ)...


ටික දවසක යනකොට මට ඇත්ටම තෙරුනා ඔය කියන තරම් ඒ යකා සුදුත් නැත...කියන තරම් ඒ යකා නිවිලත් නැත.. කියන තරම් ඒ යකා දියුණුත නැතකියලා..

ඇත්තටම ඒ චරිතය පිටතින් සුදු රෙද්දක් පොරව ගත්තට මොකද තමන්ගෙන් උපදෙසක් සහනයක් යහපතක් පතන කෙනෙක් ජිවිතේ මොනයම් හෝ අස්ථාවකදි කතමන්ට හෝ තමන්ව සම වෙනවා නම්... තමන් අභිබවා යන්න තැනට දියුවෙන ලක්ෂන පෙන්නුම් කරනවා කියලා එයාට පෙනවානම් කපන්නෙ කොහොමද බෙල්ල මුලින්..

නිවිලා කිවට.. අතැරියා කිවට ඇත්තටම එහෙම චරි​ත ඉන්නෙ ඇතුලෙන් පිච්චි පිච්චි..


තමන්ට තමන් පමණක් වෙන්න.. තමන් තමන්ට අවංක වෙන්න.. එහෙම නොවෙන්න කවදාවක් තව කෙනෙක්ට උදව් කරන්න තියා හිතක් එක්ක සෙල්ලම් කරන්න එපා..



පලි; කාගෙවත් රෙද්දක් සේදුවා වත් තරහක් පිට කලා වත් නෙමයි.. ඒ චරිතය හිතන් මවං ඉන්නවා මම කියන කෙනා එයාව අනුකරණය කරනවා කියලා... මම නිවිලත් නැ.. අතැරලත් නැ මනස දියුණු කරගෙනත් නැ

අනෙ මට ඒ අවලෙග දියුණු මනසක් ඇති කරගන්න මෙ කපෙට බැ.. මම හරිම පෘතක්ජන මනුස්සයෙක්... :)


මේ  මම එයා එක්ක කතා කලාට සහා අවංකව එයාව ඇගයුවට මට ලැබුණ තැග්ග..



Friday, August 18, 2017

ආයෙමත් ආදරෙන්

හැඟුමන් අහුරක තාලෙට ගැලපුන
පඳවැල් අතරින් නුඹ සොයලා
මම ලියු කවියක හුස්මක සැඟව්
එලිසයමය විය සිත සනසා

සඳ ගැන තරු ගැන උපමා මොකටද
මගේ ලොව එළිකල හිරු  නුඹම නිසා
තුන් සිත සනහා පායා ආ නුඹ

හිනැහෙයි ගඟනම කලඑළි කරවා

Wednesday, October 9, 2013

මතක සැමරුම් දවයි මගේ හිත

සුවඳ ඉහිරුනු මතක අහුරක
පාට හිනෙක ලැගුම් ගත් හද
ඇවිත් හිනැහෙන තවත් සවසක
සොදුරු සැමරුම් තෙමයි මගේ නෙත


කඳුළු මල් දම් ගොතා හෙමිහිට
පාට පාටින් හීන ඉකිබිඳ
හඩන මහා රෑ තනිව හිනෙට
මතක පැන්දිය තෙමයි හදවත


සොඳුරු සැමරුම් ඇහිද හෙමිහිට
මතක දවමින් හඩන මගේ හිත
සනසවන්නට කිසිත් නැති තැන
මතක පැන්‘විත් ලඟ සරයි හෙමිහිට


-කළුවර හීනය-


Saturday, August 24, 2013

ඉතින් යන්නට දෙන්න අවසර




  අකුරු ගලපා සිතැගි නලවා ලියු පෙම් කවි අහුලලා
සොඳුරු සිහිනෙක රටා මවනා නීල දෙනුවන් දෙස බලා
හදේ රැව්දෙන ගැස්ම හෙමිහිට නුඹේ නමටම ගලපලා
හැඟුම් ඇහිදා ලිව කවියේ තාලේ කොහෙදො හැන්ගිලා

අහස සරසන තරු මලක් ලඟ සඳ ඇවිත් අද නැවතිලා
මතක මළුවේ පෙම් හිතක් ලඟ නුඹත් කොහෙදො  හැන්ගිලා
කතා නොකියන පෙම් කතාවක පෙම්වතුන් ලෙස හිනැහිලා
ආදරෙන් හිත ආල වැඩු හැටි කඳුළු දෙනුවන් තෙත්කලා
  
දෙඇස් අද්දර හීන මැවෙනා සුපෙම් හදවත දකිනෙමයි
හදේ ගැස්සෙන තාලේ සිහි කර තවත් කවි පද ගලපමි
මගේ නොවුනත් සොඳුරු හිනෙට තවත් සිතුවම් අමුණමි
ලඟක නොරැඳි දුරක ඇදුනත් නුඹට පෙම් හිත පවරමි

_ කළුවර හීනය__

-------------------------------------------------------------------------

 ඔන්න කළුවර හීනය බලන්න එන හැමොන්ටම කියන්න අලුත් පනිවිඩයක් තියනවා... එ තමයි ටික දවසට මම හැමදේකින්ම ඇත් වෙනවා..
ඇත්වෙනවා කියන්නේ හැමදාටම නෙමෙයි ඉක්මනින් එන්න බලාපොරොත්තුවක් හද කොනක තියාගෙන.....යන්නේ නම් හිතේ කැමැත්තකින් නෙමෙයි එත් යන්න ඔනේම නිසා.. වැඩි ඇතකට නොවුනත් ඒත් ටික කාලෙකට විතර හැමොන්ගෙන්ම  දුරකට.. මගේ රැකියාවේ පුංචි වෙනසක් වුනා..එක නිසාම මට ලංකාවෙන් ටිකක් ඇතට යන්න වෙන්නවා.. අවුරුදු 4කට වගේ මේ පුංචි කාලයක්
 හම්ම්ම් පුංචිමත් නැ...
 හැමදේම වෙනස් වෙන්නත් පුළුවන් නැත්තනම් මේ තියන විදියට තියෙන්නත් පුළුවන්... මොනා වුනත් සයිබර් බක් මහා උළේලයි ගෙට්ටුවයි නම් මට මඟහැරෙයි එගැන පුංචි දුකකුත් තියනවා... කියන්න හුඟක් දෙවල් තිබ්බත් න් එ හැමදෙයක්ම හදවතේ කොනකම රඳවලා මම යන්නේ පරිස්සමට..
එහෙමනම් ඉතින් මන් යනවා කියන්නේ නැ එත් ලඟදිම එන්න බලාපොරොතුවෙන් ගිහින් එන්නම්
:)
 එහෙමනම්


Monday, June 10, 2013

හද සොයන නුඹේ රුව

පබළු වැහි බිඳු ඇද වැටි
මගේ සියොලඟ රැඳි රැඳි
නුඹේ සෙනෙහස පතන විට මම
සිනහා හසරැල් මුව‘ගෙහි රැඳි

සුවඳ මල් කැකුලක් සැලි
මගේ හිත ලඟ පිපි පිපි
නුඹේ සුවඳක් සොයන විට හද
හැඟුම් සිහිනෙක සැරසෙති
 

ලියු කවි සිත කලතමි
මතක හැඟුමන් මැවි මැවි
නුඹේ සෙනෙහස් ගඟුල ලඟ මම
ඇවිත් පෙම් සිත සොයනෙමි

Monday, January 14, 2013

අද හවසට මුණ ගැහෙමුද අපි





අද හවසට මුණ ගැහෙමුද අපි
එක මොහොතක් ඔය හිත ලඟ
නවතින්නට ආසයි මං
කතා කරන ඔය ඇස් දෙක
බලන් ඉන්න ආසයි මං

ඇද හවසට මුණ ගැහෙමුද අපි
පුරුදු පාරේ මල් දෙවැටේ
තනියම ඩිංගක් හිදින්න
අපේ ලොකේ නතර වෙන්න
ආසයි මොහොතක් රැදෙන්න
ඔය උනුසුම ලඟ නතර වෙන්න

අද හවසට මුණ ගැහෙමුද අපි
නුඹේ සෙනෙහස් සුව විදින්න
අරලියා මල් ලන්ද දිගේ
නුඹේ අත ගෙන ඇවිදින්නට
ආසයි මම මේ හැන්දැවට
මෙහෙතාක් නුඹ ලඟ රැදෙන්න

අද හවසට මුණ ගැහෙමුද....

Monday, January 7, 2013

අපිට අපි හිමි නැ ඉතින්

ඔය හිතට ලන්වි මම එදා
සෙනෙහෙ පැතුවා මහමෙරක්
දුන්න හිත බර වැඩිද මන්දා
කඳුළු රෙයි ඇස් අඟින්

තාම සෙයනවා මම  මගේ හිත
 නුඹ ෝ දුර අරගෙන ගිහින්
යලිත් කෙදිනක නොලැබෙනා ලෙස
දුර ගිහින් නුඹ
හිත අරගෙන ගිහින්

පාරවයි මගේ හිතම තනියම
දුකක් ආවත් මට ඉතින්
මමම විඳවමි
දුකින් වැලපෙමි
ආදරෙයි මම තව ඉතින්

හිතට හිත ලං වෙලා පෙර දා
මැව් ලෝකය අපි ඉතින්
රිදුම් දෙයි දැන් මතකයන් ලඟ
වෙන්වෙලා යමු අපි ඉතින්
අපිට අපි හිමි නැ ඉතින්






Sunday, January 6, 2013

අපිට අපි හිමි නැ ඉතින්






ඔය හිතට ලංවි මම එදා
සෙනෙහෙ පැතුවා මහමෙරක්
දුන්න හිත බර වැඩිද මන්දා
කඳුළු බේරි ඇස් අඟින්

තාම සෙයනවා 
මම  මගේ හිත
මටත් අයිති නැ ඉතින්
යලිත් කෙදිනක නොලැබෙනා ලෙස
දුර ගිහින් නුඹ
හිත අරගෙන ගිහින්

පාරවයි මගේ හිතම තනියම
දුකක් ආවත් මට ඉතින්
මමම විඳවමි
දුකින් වැලපෙමි
ආදරෙයි මම තව ඉතින්

හිතට හිත ලං වෙලා පෙර දා
මැව් ලෝකය අපි ඉතින්
රිදුම් දෙයි දැන් මතකයන් ලඟ
වෙන්වෙලා යමු අපි ඉතින්
අපිට අපි හිමි නැ ඉතින්





Thursday, December 27, 2012

මට මාද නැතිවුනා හෙමිහින්

හින කතන්දර
ලියැවෙනා විට
නුඹට රහසින්
නුඹම සොයමි මම

දැස වසමින්
හින පෙනෙන විට
නුඹේ දැසින්
ලොවම දකිමි මම

හිතම රවටන්
හිතම සොයන විට
මමම සොයනෙමි
මගේම හිත තව


වැසුනු හිනේක
මමම සැඟ වි
මටද මම දැන්
නැතිවෙලා හෙමිහින්

Thursday, December 13, 2012

වෙන්වෙමු අපේ පෙම් කතාවේ

සසර දිගු මාවතේ
ඔබ ආවාද
මම හිටියාද
පෙරදා මේ ලෙසින්...

හැඟුමන් වියලා
සිතුවිලි කලතා
නුඹ හාටියාද
දුර වෙන් වුවාද
 ජිවිත ගමනේ.....


හිමි නොවෙනා
පෙම් සිහින පුරාවට
මම හිටියාද
නුඹ රජ වුවාද
අපේ පෙම් ලොකයේ......


හමුවෙන්න ආයේ
මතුදාක සසරේ
වෙන්වෙමු අපි
අපේ මාවතින්
හිමිනොවන
පෙම් කතාවේ.......
____________________________________

Tuesday, December 4, 2012

දිවිය පතමි

කඳුළු වලින් සැඟවි ගිය සිතිවිලි අසලම
මම අසරණ හිතින් හඩමි දුක අඩු වෙන්නම
යදම් ලැබුන ජිවිතයක් තවත් සොයා මම
දිවිය තුලින් දිවිය සොයමි පැරුණු හිත ගෙන

සිනහ ඇවිත් මට ඉඟි දෙයි යලි නොහඩන්නම

කඳුළු වලට සරදම් දෙමි හිතක් දකින්නම
අසරණ වු හැඟුමන් ලඟ යලි නොහැරෙන්නම
ජිවිතයක් පතමි මෙමා නුඹ නොපෙනෙන්නම

ආදරයේ මිරිඟුව ලඟ හිත නොසලමි මම
කඳුළු වලට ඇරයුම් නැ ඇවිත් යන්න තව
මිරිඟුව දුටු කතරක් ලඟපැන් නොසොයනෙමි අද
සිනහව ගෙන අලුත් ලොවට යන්නම් හනිකට
----------------------------------------------------------සෂි-