Showing posts with label අරුම පුදුමැති ආදරේ. Show all posts
Showing posts with label අරුම පුදුමැති ආදරේ. Show all posts

Friday, August 3, 2018

අකිකරු සඳ

අකිකරු සඳකට
රහස් කොඳුරනු නොහැකිව
කවි පෙලක් ලියවෙයි
නුඹෙ සෙනෙහෙ සිහිකර

නාදුනන හැඟුම් අහුරක
හැංගිලා ඇති සෙනෙහස
තව තවත් දළුලයි
ආදරේ ඉතිරෙන්නම

සංසාර පොත පුරාවට
නුඹ නමට කැප කර
ආදරේ පතමි මම
සෙනෙහසින් හැම දිනම....

කළුවර හීනය

Thursday, July 19, 2018

සිරුවට ඇද වැටෙන




සිරුවට ඇද වැටෙන
සෝසුම් වල නඳින්
දෙකන් මගේ පිරි ඇත
හිරිවැටෙන තුරු හිතත්....

ආදරය වගුරුවා
මිරිඟුවක සේයාව
හද කොනක රඳවලා
ජිවිතේ මහා දුකක් යැයි
හිනැහිලා පවසන්න
රැගෙන මල්සමය මහදට
වඩින තුරු මම ඉන්නේ
අද එතැයි නුඹ.... හෙට එතැයි නුඹ
කියා දැන් මඟ බල බලා...

මේ දිවියෙ රුදුරැ සරතැස
නිවාගනු පිණිස 
අකුරු කැට අහුලලා
මම ලීයු ගී සෑය ලග
දෙදණ තබා අයදින්නෙම්
අද හෙටත් මතු මතුත්
විඩාබර වු හද කොනට 
ගෙනෙන කෙත්
සැනසුමක් හනිකට.....
පිපාසට නිවන්නට ලැබෙන
දිය බිදක් ලෙස.....

කළුවර හීනය
2018-06-28

හීනයක් මේ තරම් සුන්දරද

හීනයක් මේ තරම් සුන්දරද හිත ලඟ
දැනුනේ නැ නුඹ එහි කුමරු වන තෙක්
හගුමකට පෙම් බැදි හදක් අභියස
සොයමි සෙනෙහස දිවා රෑ මම

වියලුනු කොපුලත මුදු හාදු තවරා
සිනහා සයුරක හද අතරමං කර
හදෙන් ගිලිහෙන සුසුම් රැල්ලක
සොයමි නුඹේ සුව හද සනසගන්නට

නෙතින් ගිලිහුණ සීත කඳුලක
රැදුනු සෙනෙහස හද විවර කර
අන්නතය දෙස බලා හිනැහෙමි
සනසගන්නට මමම මගේ හද

කළුවර හීනය
2018-07-09

අද තමයි හොද දවස





ආදරයේ මුදු පාට
සිත් කොනක රඳවන්න
හාදු වැස්සක් අරන් 
නුඹ එන්න හිත් ගැබට

රන් හීන වස්සන්න
හිත් අරණ සරසන්න
නුඹ ඇවිත් සිත් අහසේ
රිදි තරුවක් ව පායන්න

හදක රැදි සෙනෙහසට
නුඹ උරුම කම් කියන
අද තමයි හොද දවස
ඇවිත් ම'සිත සනසන්න

කළුවර හීනය
2018-07-19

Wednesday, May 23, 2018

හැඟුම්......


මෙපමණක් යැයි මැනිය නොහැකිව
සදාදර සෙනෙහසක් හිතේ හංගන්
දාරා සැනසෙමි නුඹේ නාමෙන්
ලැබෙන ගැරහුම් ජිවිතේන් මං

නුඹට අවැසිව නුඹේ නමටම
කැපකරන් මම මගේ ප්රේමය
පතමි දිවියක් තව තවත් සුන්දර
ජිවිතේ දුක් තැවුල් නැතිවුන

වේහෙසකර හැම හුගුම් පිටුපස
ඉකිගසයි මගේ හිතත් හොදටම
නොහැගුනි නම් නුඹට ඒ බව
කමක් නැ ඉවසන්නෙමි මම තව

කළුවර හීනය

Sunday, February 19, 2017

එපා යලි නික්මෙන්න හිත් අහස පාළු කර

කවිකාර හිතක් ලඟින් ආදරෙන් දොඩන්නට
වරැ ගනන් ගීගැයුවා හිතේ තනි මකන්නට
ඉසිඹුවෙන් ගිම් නිවා හිතේ දුක තුනිකොට
පෙම් මැඳුරැ ඉඳිවුනා ආදරෙන් නුඹ නමට


සඳතරැත් හිනැහිලා නිවාලන ගිණි කතර
ජිවිතේ සුව මැඳුරැ හද තුටින් ගෙන නිතර
සොඳුරැ හැඟුමකට හිරවෙච්ච පද අතර
පැතුම් මල් කවිවුනා ⁣ආදරේ මඟ සසර


කළු වළාවන් එලිය කර පාය ආ සුපුන් සඳ
අහස් කුස සරසලා හිතේ දුක නිමාකර
සෙනෙහසයි පෙම් බැන්ඳේ ආදරේ සරසන්න
එපා යලි නික්මෙන්න හිත් අහස පාළු කර



කළුවර හීනය

Friday, February 13, 2015

නුඹ‘න තුරු මම පාළුවේ

නුවන් කඳුලෙන් තෙමි තෙමි
ගලන වරුසා කඳුලැලි
නඟන සුසුමක රුඳුනුතාලෙට
නුඹේ සෙනෙහස සිහිවුණි

හුදකලා තනි මංසලේ
ඇවිද ගිය ම‘ජිවිතේ
ආයාගේ ගිය සුළං පොදසේ
නුඹ‘න තුරු මම පාළුවේ

සිත කඳුලැලි ඇද වැටි
තෙමයි සුසුමන් සලිතවි
හදේ ගැඹුරුම තැනට රහසේන්
රිදුම් දෙයි ම‘සිතම සැලි

කඳුළු වරුසා නිම නොවි
හඩන මගේ හිත රිදි රිදි
ඉන්න නුඹ දුර තවත් නොපෙනි

ප්‍රේමයේ දොර‘ගුල් වැසි

Friday, August 15, 2014

නුඹේ හද සංසාරයෙම පතන්නම්..

සෙනෙහස කලතා දියකර පාකර
ප්‍රේම ගුගුල ලඟ සිත දෝවන්නම්
ආදර මල් පිපි සුපෙම් සුවඳ ගෙන
කඳුළු ගඟුල ලඟ හිත සතපන්නම්


සුපෙම් සුවඳ රැඳි හීන සයුර ලඟ
නුඹේ හද සෙනෙහෙන් සනලාන්නම්
කඳුළු පිරිගිය මතක අහුරුගෙන
සාගර ගැඹුරෙ සඟවාලන්නම්


සිනහා සුවය රැඳි දෙනෙතේ අද්දර
නුඹේ හසරැල්ලෙන් ලොවක් තනන්නම්
පෙම් සිතුවිලි පිරි සුපෙම් ලොවක් ලඟ
නුඹේ හද සංසාරයෙම පතන්නම්...


-කළුවර හීනය-

Wednesday, August 6, 2014

ආදරේ සිල් සුවඳ දැනිලා

මේ තරම් 'දුක්'බරම වුන

සුසිනිදු නුඹෙ සිත සුසුම් රැල්
උහුල ගන්නට නොහැකි තරමට
වළකුළු මත හෙමින් තවරා
අරන් යන්නට නොහැකි දිනයක
හදේ ලියැවුන දුක්'බරම' කවියක්
තවම සුසුමන් හෙලයි නොදැනිම
ආදරේ සිල් සුවඳ සොයලා.

- කළුවර හීනය-

Friday, May 9, 2014

මගේ හදවත පැයු සඳ නුඹ

කඳුළු සක්මන් කරපු හද වෙත 
සෙනෙහසේ මුදු සිසිල තවරා
මගේ හදවත පැයු සඳ නුඹ
ආදරේ සඳ එළිය විහිදා

තබා මගේ හිස නුඹේ උරයේ
සුසුම් උණුසුම් සයුරේ නහවා
මහා මෙරක් සේ නුඹ පුදපු සෙනෙහස
කෙසෙ ලියමිද අකුරු ගලපා

පැයු ගඟනත සුපුන් සඳ නුඹ
මගේ දිවියේ අඳුර පරදා..
මියෙන තුරු හැර නොයමි නුඹේ පෙම
හදපියන් යට සෙනෙහෙ රඳවා....

-කළුවර හීනය-

Friday, December 27, 2013

තවම පතනෙමි නුඹව මන්

රිදුම් දුන් හදවතක් පතුලේ 
තවම පෙම් සුව තියෙයි නම් 
කොතෙක් කඳුලැලි සැලි වැටුනත්
පෙම් කරමි තව නුඹට මන්


රැඳුණු උණුහුම පපුව ගැඹුරේ
නුඹේ සෙනෙහස කියයි නම් 
කෙතෙක් හැඟුමන් සුසුම් සැලුවත්
තවම පතනෙමි නුඹව මන්


දෙඇස් පැරි කඳුළු සලමින් 
හඩන ඇස් ඉකිගසයිනම්
දෙඇස් දියවි මිලින වුවත්
කඳුළු අමුණමි නුඹට මන්


සැ:යු -  පුරුද්දට වගේ ලියවුනාට හැමදාම දුකින් නෙමෙයි :)

Sunday, December 1, 2013

නිදන පෙම් හිත ඇහැරවා යලි

ආදරේ තාලයෙන්
නලවලා හිත හෙමි හෙමින්
ගලප ගලපාලා ලිව කවියක
දකිමි හැමදා නුඹේ නුවන්


කලතලා පෙම් හිත හෙමින්
සනසලා හදවත තවත්
කොඳුර කොඳුරා කීව ගීයක්
අසමි හැමදා නුඹේ නදින්

ඇහැරවා පෙම් හිත යලිත්
පිදෙනා හැඟුමන් අරන්
දකින දකිනා  හීප්‍රේමනෙක
අඳිමි නුඹේ රුව සසරේ මන්

-කළුවර හීනය-

Wednesday, November 13, 2013

සමනල් වසන්තය

දඟ පාන සුළං රැළි පහන් දැල්ලට අවතනත නොවි කිහිප වරක්ම නිවි යන විට මලානික වතින් මම නුඹ දෙස බැලුවේ පැතුම් පොදි දහසක් හිතේ හිරකරගෙන බුදු සමිඳු ඉදිරි පිට පහනක් දල්වා ඉල්ලන්නට කොතරම් දෙවල් හිත තුල තිබුණත් දඟපාන සුළං රැලි පහන් දැල්ලට කිකිරු නොවි ක්ෂණිකයෙන් නිවියයි... කිප වරක්ම වෙර දැරුවත් නිවි නිවි දැල්විමට නොහැකිව සඟපාන පහන් දැල්ලට හිස් බැල්මක් හෙලා බිඳුණු සිතින් මම නුඹ දෙස බැලුවෙමි
‘පහන් පත්තු කරන්න උදව් කරනවාද අයියේ‘
ආයාචනාත්මක බැල්මෙන් මන් නුඹ දෙස බැලුවාත් ඒ වදන් ගොළුවු නිසාවෙන්ම හිතේ ඇති වු සියළු සිතුවිලි හිත‘තුලම සිර කරගෙන නැවතත් තනිවමම පහන් දැල්විමට වෙර දැරුවෙමි..
නුඹ මගේ සිත කියෙව්වාද
අදහාගන්නත් බැරි සිතුවිලි සමුදායක් සමඟින් පුදුමයෙන් මෙන් මා නුඹ දෙසට හැරුනේ දල්වන්නට වෙර දරන තිරය අසලින් මා ගිණිකුර තබනවාත් සමඟම නුඹේ දෙඅත් මගේ දෙඅත මත ස්පර්ෂ වනු දැනිම නිසාමය....කොතරම් රළ හිතක් නුඹ දැරුවන් නුඹේ එකඳු දායාබර කැල්මකින් මගේ මුළු ආත්මයම එක මොහොතකින් සුවපත් වනු බවනම් නොරහසකි...
පහන් දල්වා අවාසානයේ නුඹඟින් සමඟින් බෝ මළුව වෙත පිය මැන්නේ දහසක් බලාපොරොත්තු හිතතුල ගොනු කරන් පිරිසිදු සිතින් මවෙතින් සැකසු පඩුර බෝ සමිඳුන්ට බාර කිරිමටයි...

අයියේ මගේම විතරයි නේද
ඔව් චුටි ඔයාගෙම විතරයි
අපමණ සෙනෙහසක් හිත දරාගෙන නුඹේ දෙනුවන් දෙස මම මොහොතක් බලා සිටියෙමි..භාවනාවක් දැහැන් ගත වුණ සිත ඉවතට ඇඳුනේ
දැන් ඉතින් පඩුර ගෙටගහමු
නුඹේ වදන දොන්කාරයක් මගේ මගේ සවනත රැඳුණු නිසාවෙනි

හදිසියෙවත් මට ඔයාගේ වෙන්න බැරිවුනොත් අපේ අම්මා ඔයාට මාව නොදුන්නොත්
එහෙමනම් මම ඔයාව උස්සගෙන හරි යනවා
පඩුරු ගෙට ගසනවාත් සමඟින් මගේ හිත තුල නැලියු හැඟිම් මම ඔහේ ඇසුවෙමි......
සිත තුල බුර බුරා නැගෙන සතුටු හැඟුම් සියල්ලම මම සිත තුලම සිර කරගෙන මම සිනහා වුනෙමි...

එදා බොසමිඳු ඉදිරිපිට වැලි මළුවේ වාඩිවි නුඹත් මමත් එකම හිතින් දහසක් බලාපොරොත්තු හද පොඳි බැඳන් දොහොත් මුදුනින් වැඳ නමස්කාර කර ජිවිතය යැද්දත් අද දෙනුවන් තෙත් කරමින් නුඹෙත් මගෙත් සොඳුරු සැමරුම් එකිනෙකට පෙලගස්වන්නේ ඒ ගෙවුනු සොදුරු සමනල් වසන්තය තවමත් මවෙතින් පලා ගොස් නැති බව පසක් කරමිනි..

වැටි වැටි ඇවිදිමින් දෙපා තුවාලව වි තවත් ඇවිදිමට වාරු නොමැතිව උන් තැන සිට කිසිත් කර කියා ගත නොහැකි කල ජිවිතය දෙස තනිවම බලා සිටි මට අහම්බෙන් මෙන් කොහෙදො සිට මගේ ජිවිතයට පැමණි සිහින කුමරුන්....
අපිලිවෙල රජයපු මගේ ජිවිතය එකින් එක සිරුවට ගලපා හරි ලස්සනට ජිවිතේ ජිවිතය ලෙස විඳිමට මට උදව් කල නුඹ....
කිසිත් නොකියා කිසිත් නොදොඩා අතරමඟ මා දමා කොහොදො සිට ඇවිත් මගේ හිතේ රඳවා ගිය මතක සැමරුම් අපි ගත කරපු සොඳුරු දවස් යලිත් කිසිදා නොඑන්නම තිත තබා නුඹ දුරක ඇඳුනත් නුඹ යන විට ඉතිරි කර ගිය ඒ සමනල් වසන්තයේ සොඳුරු මතකයන්ට මම තවමත් ආදරෙයි... ඒ සමනල් වසන්තය මවෙතට ගෙන ආ නුඹට මම ඊටත් වඩා ආදරෙයි

කඳුළු සක්මන් කරපු හිත ලඟ 
අකුරු ඇහිදන් හෙමින් සවසක 
නිදන්නෙමි මම වරු ගනන් අද 
මතක සුවඳක් හද තවර ගෙන 

පාට සමනල් රැළ වටින් වට 
තටු සලා අද දුර ඇදෙන විට 
ඇවිද ගිය මන් මතක මාවතේ 
ඇවිද යමි මම අදත් තනිවම 

පාළු සසර පුරුදු සුවඳක් 
හද අතින් ගෙන පුරුදු විලසින් 
ඇවිත් සක්මන් කරපු හිත නුඹ 
ආදරෙන් හද නහවලා අද 

අකුරු සතකර රැඳුනු ප්‍රේමය 
ගලපලා පද අහුරු කවියක 
අදත් ගැයු මුත් සොඳුරු තාලේට 
අකුරු ගිලිහි රිඳුම් දෙයි තව

Sunday, October 20, 2013

වඩිනු මැන යලිත් නුඹ


සඳ හොරෙන් සිනාවෙන අඳුරු වු මහා රැයක
නෙතුසලා සිනාවෙමි නුඹේ රුව ගෙන හදට 
සිත් පහන්කර හැඟුම් පිදෙනා හැම පැයෙම 
මැවි මැවි දිලිසුනා නුඹේ රුව නෙතු අතර 

සලා නුඹේ නිල් නුවන් බලනු මැන මගේ හද 
පිදෙනා කඳුළු මල් නුඹට පවසයි රැදුනු දුක 
පිබිදෙනා පැතුම් මල් හද අතින් ගෙන තුටින 
වැඩිනු මැන හද තුටින් රැගෙන මල්සමය හෙට 


කළුවර හීනය 


Tuesday, October 1, 2013

ඉතින් ආයෙත් හිනාවෙමි මම


  • ජිවිතේ දිගු වන්දනාවක 
     ඇවිද යන මඟ පුරුදු සසරක 
    අහම්ඹෙන් නෙත ගැටුනු හදවත 
    ආදරෙන් සිප සනසවයි අද


    කඳුල් වැල් පිස හෙමින් තාලෙට
     සිනහ මල්දම් සරසවා අද
     හදේ රැව්දුන් තාලේ සිහිකර 
    පෙමින් නහවයි රිදුනු මගේ හිත


    දෛවයේ එක තැනක හිර වුන 
    නුඹේ හදවත පෙම් කවක් තරමට
     ආදරෙන් කිතිකවා තාලෙට
     ගැයු හැටි සිහිනයකි තව මට


    නිදිනොමැති නෙත් කෙවෙනි අද්දර 
    නුඹ ඇවිත් රඟපාන ලස්සන
     ඉතින් ආයෙත් හිනාවෙමි මම 
    නුඹේ හදවත අරන් තුරුලට

    _ කළුවර හීනය_


Friday, August 30, 2013

සිනාසෙමි මම උන්නු තැන හිද කඳුළු පෙම් හිත රවටලා

සිහින් වැහිපොඳ වැටි සියොළඟ
ආදරෙන් හද කිතිකවා
පහන් සිතුවිලි මලානික වි
කඳුළු දෙනුවන් තෙත්කලා
වහන් කල සිත පෙමින් බොඳවි
සුදු වලාවක සැඟවිලා
සහන් හැඟුමන් පලායයි අද
කිසිත් නොකියම හිනැහිලා.

ඈත අහසේ පිපුන සඳවත
කඳුළු වැලකින් ගිලිහිලා
මෑත සිහිනේ දිලෙන තරු ලඟ
මලානික හිත හිරවෙලා
සීත ගගුලක තෙමි පැටලි
හඩන කවි සිත මියැදිලා
ගීත ගයනා විහඟ රෑනේ
නුඹත් කවියක සිරවෙලා

කඳුළු හීනෙක සැමරුමක් ලඟ
රිදුනු හදවත සැඟවිලා
මතක පැන්දිය වැටි දෙනුවන්
සීත කඳුලින් නහවලා
සුසුම් උණුසුම් මිරිඟුවක් ලඟ
මැරුණු හදවත නවතලා
සිනාසෙමි මම උන්නු තැන හිද
කඳුළු පෙම් හිත රවටලා


__ කළුවර හීනය__

 

Saturday, August 24, 2013

ඉතින් යන්නට දෙන්න අවසර




  අකුරු ගලපා සිතැගි නලවා ලියු පෙම් කවි අහුලලා
සොඳුරු සිහිනෙක රටා මවනා නීල දෙනුවන් දෙස බලා
හදේ රැව්දෙන ගැස්ම හෙමිහිට නුඹේ නමටම ගලපලා
හැඟුම් ඇහිදා ලිව කවියේ තාලේ කොහෙදො හැන්ගිලා

අහස සරසන තරු මලක් ලඟ සඳ ඇවිත් අද නැවතිලා
මතක මළුවේ පෙම් හිතක් ලඟ නුඹත් කොහෙදො  හැන්ගිලා
කතා නොකියන පෙම් කතාවක පෙම්වතුන් ලෙස හිනැහිලා
ආදරෙන් හිත ආල වැඩු හැටි කඳුළු දෙනුවන් තෙත්කලා
  
දෙඇස් අද්දර හීන මැවෙනා සුපෙම් හදවත දකිනෙමයි
හදේ ගැස්සෙන තාලේ සිහි කර තවත් කවි පද ගලපමි
මගේ නොවුනත් සොඳුරු හිනෙට තවත් සිතුවම් අමුණමි
ලඟක නොරැඳි දුරක ඇදුනත් නුඹට පෙම් හිත පවරමි

_ කළුවර හීනය__

-------------------------------------------------------------------------

 ඔන්න කළුවර හීනය බලන්න එන හැමොන්ටම කියන්න අලුත් පනිවිඩයක් තියනවා... එ තමයි ටික දවසට මම හැමදේකින්ම ඇත් වෙනවා..
ඇත්වෙනවා කියන්නේ හැමදාටම නෙමෙයි ඉක්මනින් එන්න බලාපොරොත්තුවක් හද කොනක තියාගෙන.....යන්නේ නම් හිතේ කැමැත්තකින් නෙමෙයි එත් යන්න ඔනේම නිසා.. වැඩි ඇතකට නොවුනත් ඒත් ටික කාලෙකට විතර හැමොන්ගෙන්ම  දුරකට.. මගේ රැකියාවේ පුංචි වෙනසක් වුනා..එක නිසාම මට ලංකාවෙන් ටිකක් ඇතට යන්න වෙන්නවා.. අවුරුදු 4කට වගේ මේ පුංචි කාලයක්
 හම්ම්ම් පුංචිමත් නැ...
 හැමදේම වෙනස් වෙන්නත් පුළුවන් නැත්තනම් මේ තියන විදියට තියෙන්නත් පුළුවන්... මොනා වුනත් සයිබර් බක් මහා උළේලයි ගෙට්ටුවයි නම් මට මඟහැරෙයි එගැන පුංචි දුකකුත් තියනවා... කියන්න හුඟක් දෙවල් තිබ්බත් න් එ හැමදෙයක්ම හදවතේ කොනකම රඳවලා මම යන්නේ පරිස්සමට..
එහෙමනම් ඉතින් මන් යනවා කියන්නේ නැ එත් ලඟදිම එන්න බලාපොරොතුවෙන් ගිහින් එන්නම්
:)
 එහෙමනම්


Sunday, August 4, 2013

එන්න සවසක ගී ගයන්නට




සුවඳ තැවරු මතක අහුරක
එති පැටලි සෙමින් දවසක 
පාට හිනෙක පිපි හිනැහෙන 
නුඹයි කුමරුන් හදේ නැවතුන 


අහස් කුස සිබ සිත සවසක 
ඉගිල යන නිල් කුරුලු රැනට 
සිත සුළඟක එති හෙමිහිට 
රංචු ගැහුනා නුඹත් හිනෙට 


විහඟ ගී හඩ කෑ ගසා අද 
මගේ සියොලඟ දවන තාලෙට 
එන්න සවසක ගී ගයන්නට 
හිතේ නලියන පෙම් හැඟුම් ගෙන



Monday, June 10, 2013

හද සොයන නුඹේ රුව

පබළු වැහි බිඳු ඇද වැටි
මගේ සියොලඟ රැඳි රැඳි
නුඹේ සෙනෙහස පතන විට මම
සිනහා හසරැල් මුව‘ගෙහි රැඳි

සුවඳ මල් කැකුලක් සැලි
මගේ හිත ලඟ පිපි පිපි
නුඹේ සුවඳක් සොයන විට හද
හැඟුම් සිහිනෙක සැරසෙති
 

ලියු කවි සිත කලතමි
මතක හැඟුමන් මැවි මැවි
නුඹේ සෙනෙහස් ගඟුල ලඟ මම
ඇවිත් පෙම් සිත සොයනෙමි

Tuesday, May 28, 2013

ආදරේ හද දුක් ගිනි නිවාලයි....

සුළඟ තාලෙට සැලෙනා
මොනාවදො හෙමිහිට
ලඟට විත් පවසා
හෙමි හෙමින් නුඹ ඇවිත්
මගේ සවසනත
  ආදරෙන් සරසා

ආදරේ හද දුක් නිවාලයි
ආදරේ දුක් නිවාලයි.....

ප්‍රේම ගගුලේ කිමිඳි
හෙමි හෙමින් නුඹ‘විත්
මගේ හද ගැබ
ආදරෙන් නහවා
ජිවිතේ මා සනසවාලයි

ආදරේ හද දුක් නිවාලයි
ආදරේ දුක් නිවාලයි....

කඳුළු මල් පරවි
සිනහ කැන් පිරි
මගේ නෙතු අග
නුඹ ඇවිත් හිනැහි
සිහින ගඟුලක
සෙනෙහසින් මා සරසවයි

ආදරේ හද දුක්නිවාලයි
ආදරේ දුක් නිවාලයි




_______________________________________________________

බ්ලොග් එක ටිකක් වෙනස් කලා හොඳද බලන්නකො :)