Monday, August 6, 2018

මං උඹේ ආදරයට හරි පෙරේතයි






මං ආසයි උඹේ ඔය
කැරලි මයිල් පිච්චිච
පපුවට මගේ ඔළුව තියාගෙන දවසම නිදාගන්න
ඒ අස්සෙන් හෙමිහිට ඇහෙන 
උඹෙ පපුව
ගැහෙන සද්දෙට ආදරය කරන්න
ඒ සද්දේ ඇතුලෙන්
දෝංකාර දෙන මගේ නම අහන්න

මේ ඔක්කටම වඩා ආසයි 
මුළු ලෝකෙටම ඇහෙන්න

' මං උඹේ ආදරයට හරි පෙරේතයි'

කියලා කෑගහලා කියන්න

කළුවර හීනය

Friday, August 3, 2018

අකිකරු සඳ

අකිකරු සඳකට
රහස් කොඳුරනු නොහැකිව
කවි පෙලක් ලියවෙයි
නුඹෙ සෙනෙහෙ සිහිකර

නාදුනන හැඟුම් අහුරක
හැංගිලා ඇති සෙනෙහස
තව තවත් දළුලයි
ආදරේ ඉතිරෙන්නම

සංසාර පොත පුරාවට
නුඹ නමට කැප කර
ආදරේ පතමි මම
සෙනෙහසින් හැම දිනම....

කළුවර හීනය