Friday, June 22, 2018

මතකයන් කවි පද වුණාදෙන්...




කිසිත් නොපතා සෙමින් බැසයන
සඳත් අහසට පෙම් කලා නම්
කිසිත් නොදොඩා වෙන්ව ගිය නුඹේ
මතකයන් කවි පද වුණාදෙන්....

තිගැස්සෙන මගේ හද කොනක හිද
නුඹේ පෙම් සුව කෑගසයි නම්
නික්ම ගිය නුඹේ නමට ගිලිහෙන
කඳුළු පොකුරක් ලඟ හිටියදෙන්....

දෙනෙත් අද්දර සැගව ඇති දුක්
කඳුළු මල් බිම වැටුනනම්
යලිත් එන්නෙ'පා මසිත් අරණට
තනිය ලඟ හිඳ තනි මකයි දැන්.....

|කළුවර හීනය |
2018-05-27

1 comment:

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?