Thursday, May 24, 2018

නාදුනන හැඟුම් අහුරක්

නාදුනන හැඟුම් අහුරක් වෙති
හිතේ මුල්ලක හෙමින් සැඟනුව
කිසිත් නොදොඩා තනිව සැනහෙයි
රිදෙන බව දැන දැනම හද වෙත

සෙමින් කොඳුරන සුසුම් ගොන්නකි
හිතේ දුක් අදේනාවකට කන්දෙන
⁣කිසිත් නොසිතා තනිව හිනැහෙයි
පෙනෙන බව දැන ලොවට කඳුලම

ඉතිරි වි ගිය මතක අහුරකි
හදේ මුල්ලක සිරව ඉකිලන
කිසිත් නොපතා තනිව මොරදෙයි
දුකම උහුලනු බැරිව හැමදින

කළුවර හීනය
2018-05-23

No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?