Wednesday, April 19, 2017

අරන් යන්නට දෙන්න අවසර අපි එකතු කෙරු අපේ මතකය


අදුරු වළාවන් පාවෙලා‘විත් - සිත හොරා ගෙන රහසෙම
නිහඩ මඟ තොට මතක කඳවුරු - වැලලිලා මට නොකියම
පාවෙලා ආ සිතුම් වැල් වල - වියො දුක ඇත හොඳටම
ඉතින් අවසර පතමි මම අද - නුඹෙන් වෙන්වි යන්නම

කදුළු ඇවිදින් හිර කරයි නෙතු - වාව ගනු බැරි හින්දම
පෑයු ඉර මල මලානිකවි - දුක දරා ගනු බැරි හින්දම
මතක මැදුරත් ඔහේ පාවෙයි - පෙමට පිදු හිත නමටම
ඉතින් වෙන්වෙමි තවත් නොහඩා - නුඹෙන් වෙන්වි දුරටම

කන්ද පිරිමැද පායලා ආ - සඳත් අද නොකියම
කඳුළු දොවමින් දෙඇස් තෙත්කර - ගිහින් අද දුරටම
වාන් දමනා දුක් සුසුම්වැල්- තබා උගසට රහසෙම
අරන් යන්නට දෙන්න අවසර - පෙමක් ලඟ මැව් සිහිනේම

1 comment:

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?