Friday, April 28, 2017




මන්දාරම් අඳුර මැදින්
මම සක්මන් කර හෙමිහින්
කවි අහුරක් යාළු කරන් සිත සනසන්නම්
ආදරබර කවිය තුලින් නුඹව දකින්නම්

පොද වැටෙනා හැන්දැවක
මල් වැස්සට තුරුළුවෙමින්
ආදර හිත තුරුළු කරන් තෙමි තෙමි යන්නම්

වැහි බිඳුවක සිසිල තුලුන් නුඹ විඳගන්නම්

Wednesday, April 19, 2017

අරන් යන්නට දෙන්න අවසර අපි එකතු කෙරු අපේ මතකය


අදුරු වළාවන් පාවෙලා‘විත් - සිත හොරා ගෙන රහසෙම
නිහඩ මඟ තොට මතක කඳවුරු - වැලලිලා මට නොකියම
පාවෙලා ආ සිතුම් වැල් වල - වියො දුක ඇත හොඳටම
ඉතින් අවසර පතමි මම අද - නුඹෙන් වෙන්වි යන්නම

කදුළු ඇවිදින් හිර කරයි නෙතු - වාව ගනු බැරි හින්දම
පෑයු ඉර මල මලානිකවි - දුක දරා ගනු බැරි හින්දම
මතක මැදුරත් ඔහේ පාවෙයි - පෙමට පිදු හිත නමටම
ඉතින් වෙන්වෙමි තවත් නොහඩා - නුඹෙන් වෙන්වි දුරටම

කන්ද පිරිමැද පායලා ආ - සඳත් අද නොකියම
කඳුළු දොවමින් දෙඇස් තෙත්කර - ගිහින් අද දුරටම
වාන් දමනා දුක් සුසුම්වැල්- තබා උගසට රහසෙම
අරන් යන්නට දෙන්න අවසර - පෙමක් ලඟ මැව් සිහිනේම