Thursday, October 13, 2016

මතක වැල් පද බඳියි කවියට..

ජිවිතේ මහා දුකක්
යැයි හැඟුනු හැම විටම
කඳුළ නුඹ ඇවිත්
නතර වුවා මා නෙත‘ඟ

බොහෝ දුර සැරිසරා මම
සිතේ දුක නිමා කර
කඳුළු අතරින් හිනා වුනි
අකිකරු අකුරක සිරව

කඳුල නුඹ හෙමින් විත්
රිදෙන සිත සිසිල් කර
යන්න යන්නට එපා දැන්
මතක වැල් පද බඳියි කවියට..



- කළුවර හීනය -

3 comments:

  1. හැඬුවත් දුකින්
    සිටියත් තුටින්
    නුඹේ නීල නෙතගින්
    යන්නෙ නැහැ මා ඉතින්........

    ජයවේවා!!!

    ReplyDelete
  2. කඳුල ගියාවේ.. නුඹ පද බඳින්න තවත් කවි.. හිනාව ලඟ ඉන්න විටදි..නිසැකව තවත් දවසක කඳුල එවී නුඹ හොයාගෙන.. එදාට ලියූ කවි නුඹට හිනාවක් ගෙන එවී..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?