Sunday, November 6, 2016

ආදරේ සිල් සුවඳ

ඉර බසින ගොම්මමෙ සඳ සිසිල විඳගන්න
තරැ ඇවිත් හිනැහුනා රතු අහස සරසන්න
මතකයන් ලඟ හිදන් නුඹ'ව්ත් දොඩමළුව
සිනහමල් කවි වුණා ආදරේ සරසන්න

අමාවක රෑ අහසේ ගණඅඳුර දුරලන්න
තරැ‍ වැලක් හිනැහුනා හිත් අහස පුරාවට
නුඹ පිදු පෙම් සිතට ආදරෙන් ලංවෙන්න
පිං පිරුවා සංසාරේ නුඹේ හදේ රැදෙන්නට

කළුවර හීනය

Thursday, October 13, 2016

මතක වැල් පද බඳියි කවියට..

ජිවිතේ මහා දුකක්
යැයි හැඟුනු හැම විටම
කඳුළ නුඹ ඇවිත්
නතර වුවා මා නෙත‘ඟ

බොහෝ දුර සැරිසරා මම
සිතේ දුක නිමා කර
කඳුළු අතරින් හිනා වුනි
අකිකරු අකුරක සිරව

කඳුල නුඹ හෙමින් විත්
රිදෙන සිත සිසිල් කර
යන්න යන්නට එපා දැන්
මතක වැල් පද බඳියි කවියට..



- කළුවර හීනය -

Monday, September 26, 2016

ආදරයේ සාම ගිවිසුම



ඔයයි මායි ආදරේ කරන්න පටන් අරන්..අපේ ආදරයට අදට අවුරුදු තුනක්... දවස්ම 1096ක් . ආපස්සට හැරිලා බලද්දි හිතට දැනේන සතුට කියලා නිම කරන්න බැ.. මේ වචන ටික හරි මම ගලපන්නේ පුදුම සතුටින්... හුඟක් සතුටින්..
ජිවිතේ බිංදුවටම වැටිලා ආදරය නිසා හීත හුඟක් රිදවගෙන... කවමදාකවත් ආයෙමත් කාගේවත් හිතට ලංවෙන්න තියා කවමදාකවත් කාගේවත් බලාපොරොත්තුවක් වෙන්නවත්ග..කවුරුන්වත් වෙනුවෙන් බලාපොරොත්තු වෙන්නේවත් නැතුව හිටිය කාලෙක....කොටින්ම කියතොත් ජිවිතේ හැම ප්‍රෂනේකටම විසදුම පලා යැම නොවුනත් මම හැම ප්‍රෂ්ණයකින්ම පලා ගියපු කාලෙක..ඔයා මගේ හිතට ඇවිත් කවමදාක වත් අමතක කරන්න බැරි විදියට නතර වුනා.. ඒ ආදරේ මහා ගොඩක් දිලා.. බලාපොරොත්තු හරි හුඟක් දිලා...ඇත්තම කියතොත් ජිවිතේට ජිවත්වෙන්න අරමුණක් දිලා කියුවොත් මම 100% නිවැරිදියි.
දින සති මාස අවුරුදුම ගෙවිලා අද අපේ ආදරේට අවුරුදු 3ක් වෙලා.. සතුටු සිනා වගේම සිත් රිඳුම් එක්ක මේ ගෙවපු අදුරුදු තුන මට මහමෙරක් වගේයි... ඒ අවුරුදු 3 ඇතුලත මම ජිවිතේ වින්ඳා.. කොටින්ම කියතොත් හුස්ම ගන්න ජිවිතයක් ගෙව්වාට අරමුණක් නැතුව ඔහේ ජිවිතේ ඇවිඳ ගියපු මම ජිවිතේ විඳින්න ඉගෙනගත්තා.. මම ජිවිතේ වින්ඳා.... සිනාව හිතේ කොනකටවත් දැනිලා නොතිබ්බ මට හිනාවෙන්න ඉගෙනගත්තා... මම ආදරේ නාමෙන් හිනාවුනා...
කාලය ඔහේ ගෙවිලා යද්දි.. හැමෝම වගේම අපිත් ජිවිතේ ගැන හීන මවන්න ගත්තා.. ඒ තිනවම නෙමෙයි අපි දෙන්නාම.. එත් කාලායාගේ ඇවැමෙන් අපි අපිගැනම හිතනකොට එක වහලක් යටට කැඳලි වෙන්න හිතනකොට අපි නොදැනුවත්වම අපි අතට විඳුලියක් කොටනාවක් සේ සිත් රිදුම් ගලා ආවේ කවමදාකවත් හිතන්නේ නැති විදියට..
හැම ආදරවන්තයෙක් වගේම අපේ බලාපොරොත්තුව වුනෙත් මේ ආදරයට වටිනාකමක් දෙන්න.. මමමත් ඔයාත් එක වහලක් යටට එන්න.. එත් අපි නොහිතුව විදියට අපේ ආදරයට කණකොකා හඩලන්න ගත්තේ ඔයත් මගෙත් ආදරේට අපේ ආගම ප්‍රෂණයක් වෙන්න ගත්තාම.. කවමදාකවත් නොහිතුව විදියට අපිට අපෙන් සමුගන්න වෙනවා.. ඒ මොනම හේතුවක් වත් නිසාම නෙමෙයි දෙමාපිය අශිර්වාදය නැතුව අපිට එකතුවෙන්න බැරි නිසා..
ඉතින් අපි අපේ ආදරය සමරමු.. මේ ලොකේ කිසිම ප්‍රේමවන්තයෙක් ආදරය සමරන විදියට නෙමෙයි.. වෙනස් විදියකට.. හුඟක් වෙනස් විදියකට... වෙන කොහොමවත් නෙමෙයි අපේ ආදරය වෙනුවෙන් ගිවිසුමක් ලියලා.....ඉතින් අපි වෙන්වෙලා යමු.. ආදරෙන් බැඳුනු දවසේම අපි වෙන්වලා යමු...ඒ තරහක් හිතේ තියාගෙන නෙමෙයි.. මහාගොඩක් ආදරයක් හිතේ රඳවගෙන..කවමදාකවත් අපි අපි් නොවෙන බව දැනගෙනත් අපි ආදරය කලා.. හීන මැව්වා.. ජිවිතේ වින්දා.. මේ අපේ ආදරය කතාවට තිතක් නෙමෙයි... තවත් එක කතාවක ඇරඹුමක්......
ඉතින් අවරයි වෙන්ව යන්නට.. නුඹට මට.. අපි ආදරය කල අපේ ලොකයෙන්...




                                    කළුවර හීනය


Friday, August 12, 2016

හඩන හිත තව පාරවන හැටි.....

රිදෙන තරටම හිත හඩන්නට බැරි

එත් නොහඩා ඉන්න මට බැරි

මතක් අහුරක් ඇවිත් හෙමිහිට

නෙතට කඳුලක් ගෙනත් දෙන හැටි


දැනෙන තරමට නුඹහිනාවෙනු බැරි

එත් නුඹ‘විත් හිනාවෙන හැටි

මතක පැන් පොඳ වැටි සියොලඟ

හඩන හිත තව පාරවන හැටි.....