Friday, October 16, 2015

එන්න හනිකට දුක නොදි

මතක මල්වැල් පිපි හිනැහෙන
කඳුළු හිරවුනු හිත්කොනේ
නුඹේ සුවඳක් සොයා හනිකට
දුර ඇදෙයි රෑ පාළුවේ

කඳුළු ඇවිදින් හෙමින් රඟදෙ‍ගෙන
නුඹේ සුව රැඳි පපුතුරේ
දීවා රෑ තව පහන් දැල්වෙයි
නුමේ නමින් හද මන්දිරේ

පින්න හිනැහෙන සීත රෑයම
දෙනෙත් හිනැහෙයි කඳුලැලි දිදි
නින්ද නොමැතිව කඳුළු කවි වෙයි

එන්න හනිකට දුක නොදි