Friday, January 16, 2015

සුුබ අලුත් අවුරුද්දක්

දෙනෙත් අද්දර හිනානගනා
සීත කඳුළුක රැඳුනු උණුසුම
නුඹට දැනුනොත් යලිත් දවසක
කතා කරපන් පුරුදු විලසට


ගියපු මඟතොට පුරුදු පාරක
නුඹත් යනවිට යලිත් දවසක
මතක් වුවොත් අපේ මතකය
හැරිබලපන් ඒදෙස දෙස තව


රිදුනු හදවද විලේ සෝකෙන්
කෑගසද්දි නුඹව සොය සොය
අහම්බෙන් හෝ ඇසුනොතින් හඩ
හොයාබලපන් සිටිදෝ මම ලඟ




________________________________________________________________________

ඔන්න ඉතින් අළුත් අවුරුද්දේ ඉස්ඉස්සෙලාම ලියන පොස්ට් එක.... කාර්‍ය්‍ය බහුලත්වය නිසාම දැන් මට මේ පැත්තේ නිතරම එන්න බැරිවුනත් මම මගේ කළුවර හීනය පාළුවෙන්න දෙන්නේ නැ..

ඉතින් මාව කියවන හැමොන්ටම ලැබුවාවු අලුත් අවුරුද්ද පැතුම් ඉටුවෙන සුබ නව වසරක්!!!



කළුවර හීනය

3 comments:

  1. ඉස්සර ඉදන්ම ආසාවෙන් බලපු කවි බ්ලොග් එක දැන් ඒ තරම් නොලියවෙන එක ගැන නම් අප්සට්..

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් වෙලාවාක් නැ දිනේෂ්ල ලියන්න තියා කියවන්නවත්

      Delete
  2. කදුළු නෙතු කෙවෙනි වල තෙමද්දී
    දහස් නෙතුවල නුබ සොයද්දී
    ඉගිලගියේ නුඹ කිමද
    මා දමා රළු වැලි කතර මැද

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?