Friday, October 16, 2015

එන්න හනිකට දුක නොදි

මතක මල්වැල් පිපි හිනැහෙන
කඳුළු හිරවුනු හිත්කොනේ
නුඹේ සුවඳක් සොයා හනිකට
දුර ඇදෙයි රෑ පාළුවේ

කඳුළු ඇවිදින් හෙමින් රඟදෙ‍ගෙන
නුඹේ සුව රැඳි පපුතුරේ
දීවා රෑ තව පහන් දැල්වෙයි
නුමේ නමින් හද මන්දිරේ

පින්න හිනැහෙන සීත රෑයම
දෙනෙත් හිනැහෙයි කඳුලැලි දිදි
නින්ද නොමැතිව කඳුළු කවි වෙයි

එන්න හනිකට දුක නොදි

Friday, March 6, 2015

නුඹෙන් වෙන්වි අදට සය වසරයි






මා නොවින්ද
මා නොදැකපු
හිත හිරිවට්ටන ඒ නොදැනුන ආදරය
ඔව්... තාමත් මම ඒ ආදරයට ආදරය කරනවා

වෙනසක් නැ තවමත්... නොලැබුන ඒ නුඹේ පෙමට ආදරෙයි මම තවත්

Friday, February 13, 2015

නුඹ‘න තුරු මම පාළුවේ

නුවන් කඳුලෙන් තෙමි තෙමි
ගලන වරුසා කඳුලැලි
නඟන සුසුමක රුඳුනුතාලෙට
නුඹේ සෙනෙහස සිහිවුණි

හුදකලා තනි මංසලේ
ඇවිද ගිය ම‘ජිවිතේ
ආයාගේ ගිය සුළං පොදසේ
නුඹ‘න තුරු මම පාළුවේ

සිත කඳුලැලි ඇද වැටි
තෙමයි සුසුමන් සලිතවි
හදේ ගැඹුරුම තැනට රහසේන්
රිදුම් දෙයි ම‘සිතම සැලි

කඳුළු වරුසා නිම නොවි
හඩන මගේ හිත රිදි රිදි
ඉන්න නුඹ දුර තවත් නොපෙනි

ප්‍රේමයේ දොර‘ගුල් වැසි

Friday, January 16, 2015

සුුබ අලුත් අවුරුද්දක්

දෙනෙත් අද්දර හිනානගනා
සීත කඳුළුක රැඳුනු උණුසුම
නුඹට දැනුනොත් යලිත් දවසක
කතා කරපන් පුරුදු විලසට


ගියපු මඟතොට පුරුදු පාරක
නුඹත් යනවිට යලිත් දවසක
මතක් වුවොත් අපේ මතකය
හැරිබලපන් ඒදෙස දෙස තව


රිදුනු හදවද විලේ සෝකෙන්
කෑගසද්දි නුඹව සොය සොය
අහම්බෙන් හෝ ඇසුනොතින් හඩ
හොයාබලපන් සිටිදෝ මම ලඟ




________________________________________________________________________

ඔන්න ඉතින් අළුත් අවුරුද්දේ ඉස්ඉස්සෙලාම ලියන පොස්ට් එක.... කාර්‍ය්‍ය බහුලත්වය නිසාම දැන් මට මේ පැත්තේ නිතරම එන්න බැරිවුනත් මම මගේ කළුවර හීනය පාළුවෙන්න දෙන්නේ නැ..

ඉතින් මාව කියවන හැමොන්ටම ලැබුවාවු අලුත් අවුරුද්ද පැතුම් ඉටුවෙන සුබ නව වසරක්!!!



කළුවර හීනය