Thursday, December 4, 2014

නුඹ මවපු පෙම් හීන කොහෙදෝ අද හැන්ගිලා








උදුවප් හීතලේ
සිත ගාව නැලවෙනා
පෙම් කවක් ලියමි මම
නුඹ නමින් අද ගලපලා


රතු පාට හැන්දැවේ
නිදි වෙරලේ තනිවෙලා
මතක කඳවුරු මවමි මම
නුඹ නමට අද හිනැහිලා

සීත හාදුව නුහුරු සේ
කොපුල් තෙමමින් වෑහිලා
නුඹ මවපු පෙම් හීන
කොහෙදේ්ා අද හැන්ගිලා