Friday, October 10, 2014

නුඹ නොමැති දින සතිත් ගෙවි යයි

සිහින මල් එකි‘නෙකින් පරවෙයි
නුඹ සුවඳ හද ඈත් කරලා
කඳුළු මල් නෙත් අතර හිනැහෙයි
සොඳුරු හිනෙක රටා මකලා


පිපුණු පියුමක පැහැය මැලවෙයි
රිඳුනු නෙත් නුඹ නමට හඩලා
සුවඳ රොන් නෙතු මලත් හඩවයි
රිදෙන බව තව තවත් දැනිලා


කඳුළු හිත වෙත හෙමින් පියඹයි
ඉන්න නොහැකිව නුඹෙන් මිදිලා
නුඹ නොමැති දින සතිත් ගෙවි යයි
මතක ඇවිදින් දෙනෙත් තෙමලා