Friday, August 1, 2014

තවම දළුලයි නුඹේ සෙනෙ


ලියා තබනට කිසිත් නැත අද
මතක පිටු අද ගිලිහිලා
ඇසු පෙම්බර වදන් අද නැත
සවන් යුග මගේ සිර වෙලා


කවි කතාවල පිටු ගනන් මම
ගලපලා ලියු අපේ ආදරේ
කොහෙ කොතැනද සැගවුනේ අද
මටත් නොකියම සිත්ඉමේ..


ඇවිද ආ ගිය මතක මංතුල
සුසුම් අඳිනා නුඹේ සෙනෙ
තවම දළුලයි ඉඳ හිටක වුව
කඳුළු ඇවිදින් නෙත් ඉමේ...


5 comments:

  1. කදිම කවි පද ටිකක්..

    ReplyDelete
  2. අපූරුයි නෙ...

    ReplyDelete
  3. ඇවිද ආ ගිය මතක මංතුල
    සුසුම් අඳිනා නුඹේ සෙනෙ
    තවම දළුලයි ඉඳ හිටක වුව
    කඳුළු ඇවිදින් නෙත් ඉමේ...
    සුපිරියි .......

    ReplyDelete
  4. හරිම ලස්සන සිතිවිල්ලක්........

    ReplyDelete
  5. කාලෙකින් මේ පැත්තට ආවේ...

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?