Friday, August 15, 2014

නුඹේ හද සංසාරයෙම පතන්නම්..

සෙනෙහස කලතා දියකර පාකර
ප්‍රේම ගුගුල ලඟ සිත දෝවන්නම්
ආදර මල් පිපි සුපෙම් සුවඳ ගෙන
කඳුළු ගඟුල ලඟ හිත සතපන්නම්


සුපෙම් සුවඳ රැඳි හීන සයුර ලඟ
නුඹේ හද සෙනෙහෙන් සනලාන්නම්
කඳුළු පිරිගිය මතක අහුරුගෙන
සාගර ගැඹුරෙ සඟවාලන්නම්


සිනහා සුවය රැඳි දෙනෙතේ අද්දර
නුඹේ හසරැල්ලෙන් ලොවක් තනන්නම්
පෙම් සිතුවිලි පිරි සුපෙම් ලොවක් ලඟ
නුඹේ හද සංසාරයෙම පතන්නම්...


-කළුවර හීනය-

Friday, August 8, 2014

කරුමක්කාරියකගේ දිනසටහන්...





හිතේ පුංචි හරි බයක් තියෙන කොට පොඩි දෙටත් ගැස්සෙනවා... එතකොට හදවත ගැහෙන්නේ හරියට විදුලි වේගයෙන්...

බ් ඩබ්බ් බ්...

මං ඒ සද්දේ අහගෙන ඉන්න හරිම ආසයි....
කාටවත් නොකියුවට කොහෙවත් ලියලා තිබ්බේ නැතිවුනාට මගේ හිතේ තියෙන තිගැස්ම දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩුවක් නැ... බලාපොරොත්තු මිනිස්සුන්ව ජිවත් කරවනවා ඇත්ත.. මම එක පිලිගන්නවා... එත් උහුලගන්නටත් බැරි තරමට පුංචි පුංචි බලාපොරොත්තු රාශියක් මේ පුංචි හිත ඇතුලේ හිරකරගෙන ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඔන්න මෙන්න තියෙද්දි හරියට විදුරුවක් කැඩයෙනවා වගේ සී සීකඩ පුංචි පුංචි කෑලි වලට කැඩිලා බිදිලා යනකොට හිතේ ඇතිවෙන වේදනවා මෙහෙමයි කියලා ලියලා තියන්න තරම් මගේ වචන පොසත් නැ...

‘‘මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි‘‘

විඳින්න දුන්න ජිවිතේ මම විදවනවා.ඇත්ත හීනයක් පස්සේ පිස්සියෙක් වගේ දුවලා දුවලා හතිවැටෙනකම් දුවලත් එක හීනයක් විතරයි කියලා තේරුනාම... එත් දුවන එක නවත්තන්න මට හිතෙන්නේ නැ. කවදා හරි ඒ හීනේ ඉෂ්ට වෙයි කියලා හිතන් මම දුවනවා... එත් අන්තිමෙදි මම නැතිවෙන්නේ මගේ කාලයයි මහන්සියයි විතරයි හැමදේම ගඟට කැපුව ඉනි වගේ පාවෙලා යනවා... ආමාරුවෙන් මම ගොඩ නඟා ගත්ත මගේ ජිවිතේ ... මගේ හින මාළිඟා ඔක්කම මම ඉස්සරහාම දියවෙලා යනකොට දෙයියනේ හිතක් පපුවක් නැති එකියක් වගේ කිසි දෙයක් දැනේනේ නැති එකියක් වගේ මම ඉන්නේ කොමද... කිසිදෙයක් කමකට නැති එකියක් වගේ ගල් ගැහිච්ච එකියක් වගේ කොටේටේ බදාගෙන මම නිදාගන්න බැ...

‘‘විඳින්න දුන් ජිවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා‘‘‘‘


සීල සුළං හිරිකඩ ඇඟ පසාරු කරගෙන හමා ආවත් මම එ කිසිදෙයක් නොදැනෙනවා වගේ ඉන්නේ හිත හිර කරගෙන... වෙලාවකට ඔළුව පැලෙන්න තරම් රිදෙනවා..... පැනඩොල් පෙත්තකින් වත් සහනයක් නැති තැන නිදිපෙති දහයක් විතර එක හුස්මට බිලා කවදාවත් නොනැගිටින නින්දකට යන්න මට හිතිච්ච වාර අනන්තයි අප්‍රමාණයි...

ට මස් ලේ නහර
සිසිරා දිවයන නුඹෙත් මගෙත්
ආදරේ වියරුව...
ඒ වියරුවෙන් උන්මාදව
සුසුම්ලන පණ ගැහෙන හදවත...
කඳුලත් හුස්මත් එකට එක්වෙන තැන
ඒ ගැස්සමට රිදෙන මගේ හදවත
නුඹ නොදන‍නවා...
නැ නුඹ දන්නවා එත් නොදන්නවා වගෙයි ඉනනවා...
මැරුණු හදක්
ගල් ගැහුන හිතක්
රිදෙන විසකුරු අතිතයක මංමුලාවුන
පරම පිවිතුරු ආදරේ
සරල පිවිතුරු මතක අහුරක
ඔහේ පාවෙන නුඹේ හදවත
ඔව්..
තවමත් මම හොයනවා

ජිවිතේ ලඳ සමහර අත්දැකිම් හමුවේ වැටුනේ නැති මම... ලැබි ඇති ජිවිතය තුල සතුටින් ජිවත් වෙන්න උත්සහා කරන්නේ ජිවිතේ පිටුපස හඹා ගොස් දැන් හොඳටොම හති වැටි ඇති නිසයි...ඔව් දැන් මම ජිවත් වෙන්නේ මගේම රිද්මයක...මගේ රිද්මටය නුඹේ රිද්මය නොගැලපුනාට මගේ රිද්මයට ගැලපෙන ඔනැ තරම් හීන මේ ලොකේ තියනවා....මම හේ හීන එකින් එක හොයන් පාට කරනවා... පාට පාටින් පිරිනු හීන ලෝකයක තනිවෙලා මගේ රිදමයට එකින් එක ගැලෙන ඔය හිත හොයන්නේ හරිම කෑදරකිමින්...
කිසි දෙයක් නොතෙරන කාලයේ හරි මඟක් නොවැටහුන කාලයේ ඔහේ මඟසොයන්නියක සේ අනවබෝධයෙන් දුව ගිය කාලයට දැන් තිත තියලා ජිවිතේ ජිවිතේ විදියට විදින සුන්ද සමනල් දිනයක් එනකම් මම මගේ පාට පාට හීන ලෝකේ පාට කරන්නේ හරිම ආසාවෙන්....
මේ ජිවත් වෙච්ච පුංචි ටික කාලයේ මම ඇති කරගත්ත බැඳිම් හරිම ගොඩයි.. ඒ සමහර බැඳිම් ඇත්වෙන්නත් කලින් බිඳිලා පොඩිවෙලා ගියේ හරියට උදේට ඉර පායනකොට තුෂාර බින්දු වියලිලා යනවා වගේ..

‘‘...සාදාකාලික නොවු ලොකේ සදාකාලික ප්‍රේමයක්...

සොයා නෙක් ගම් දනවු පිරා ගෙවු කාලය සිහිනයක්.....‘‘


මේ ලොකේ ගැලපෙන බැඳිම් නැ.... හරියට ඔයාගෙයි මගෙයි බැඳිම වගේ..
ඔයා වගෙම මමත් දන්නවා අපි දෙන්නවා නෙගැලපෙනවා කියලා... එත් ගැලපෙන දෙන්නෙක් එකතුවෙනවාට වඩා නොගැලපෙන දෙන්නෙක් එකතු වෙලා නොගැලපිම් ගලපන්නවානම්.... අන්න එකයි නේද වටිනේ... එත් මට තෙරෙන දේ ඔයාට තෙරෙන්නේ නැනේ..
ඹබත් මමත් නුඹත් මම වන විට අපේ ලෝකය පාට පාටින් පිරි ඉතිරෙනු ඇත..

‘‘සඳ ස වගේයි.-රු තරු වගෙයි.

මල් මල් වගෙයි-අපි අපි වගෙයි...



ඔබ මා නොවන තුරු -  මම ඔබ නොවන තුරු

ඔබ ඔබම වෙයි- ඔබ ඔබම වෙයි - මම මමම වෙයි

ඳ ස වගේයි.-රු තරු වගෙයි.

මල් මල් වගෙයි -  අපි අපි වගෙයි‘‘








ජිවිතේ පිදු පෙමක් අභියස
ආදරේ මල් සුවඳ සොයලා
හති වැටි මම ඉකි ගසන විට
පිනි සිසිල දුන් ප්‍රේම හීනය...
ජිවිතේ දුරු කතර ගෙවමින්
ආදරේ මුදු සුවඳ සොයමින්
ඇවිද යන්නම් දස දහස් ගව් දුර
නුඹේ සිත මම හඳුනනා
තෙක්




-කළුවර හීනය-








Wednesday, August 6, 2014

ආදරේ සිල් සුවඳ දැනිලා

මේ තරම් 'දුක්'බරම වුන

සුසිනිදු නුඹෙ සිත සුසුම් රැල්
උහුල ගන්නට නොහැකි තරමට
වළකුළු මත හෙමින් තවරා
අරන් යන්නට නොහැකි දිනයක
හදේ ලියැවුන දුක්'බරම' කවියක්
තවම සුසුමන් හෙලයි නොදැනිම
ආදරේ සිල් සුවඳ සොයලා.

- කළුවර හීනය-

Friday, August 1, 2014

තවම දළුලයි නුඹේ සෙනෙ


ලියා තබනට කිසිත් නැත අද
මතක පිටු අද ගිලිහිලා
ඇසු පෙම්බර වදන් අද නැත
සවන් යුග මගේ සිර වෙලා


කවි කතාවල පිටු ගනන් මම
ගලපලා ලියු අපේ ආදරේ
කොහෙ කොතැනද සැගවුනේ අද
මටත් නොකියම සිත්ඉමේ..


ඇවිද ආ ගිය මතක මංතුල
සුසුම් අඳිනා නුඹේ සෙනෙ
තවම දළුලයි ඉඳ හිටක වුව
කඳුළු ඇවිදින් නෙත් ඉමේ...