Friday, June 20, 2014

නුඹත්.. මමත්...

මම මොකද ගන්න ඔනේ තිරණය කියලා දැන්මම මට කියන්න තරිඳු... අපි දෙන්න මේ විදියට දෙපැත්තට වැනි වැනි ඉන්න එකේ තෙරුමක් නැ.. නිකන් කාලය නාස්ති වෙන එක විතරයි වෙන්නේ.


‘‘ මට තෙරෙනවා සෂිනි එත් මම හැම පැත්තෙන්ම තැලෙනවා..මට ඔයාවත් ඔනේ එත් ඔයා ගැන හිතලා මට මගේ අම්මාගේ හිත රිදවන්නත් බැ‘‘

‘‘ මගේ ප්‍රෂ්නය මම එයාගේ ආගමේ නොවුන එකද තරිදු.. අපි ආදරය කලේ ආගමටද..‘‘
කවදාවත් විසදුමක් නැති මේ ප්‍රස්නය විසදෙන්න ඔනේ අපි දෙපැත්තකට වෙලාද?

අපි කාලයට ඉඩ දෙමු ප්ලිස් ඔය කතාව නතර කරලා හොද ලමයා වගේ හිනා වෙන්න...

කාලය ප්‍රෂ්න වලට විසදුම් දෙනවා ඇත්ත.. එත් අපිට කාලය දෙන විසදුම වෙන්විම නම් තව අවුරුදු ගානක් ගියත් ඒ විසදුම වෙනස් වෙන්නේ නැතිනම් අපි තවත්එකට ඉන්න එකේ තෙරුමක් තියනවාද තරිදු. නැ නේද 
හොදම දේ අපි දැන්ම තිරණයක් අරන් වෙන් වෙන එක.

‘‘ මට කියන්න කිසිම දෙයක් නැ හැමදේම ඔයා කියලා ඉවරයි.. එත් ඔයාගේ තිරණය වෙනස් වෙන්නෙත් නැතිනම් මට ඔයාව බලනේ වෙනස් කරන්න ඔනේ නැ සෂිනි.. හොද විදියට හැමදේම ඉවර කරමු..


හැමදෙටම සැලෙන හිත... නුඹේ එකඳු වදනකට හො මගෙ දෙනෙත් තෙත් කර හැකි තරමටම උණු වෙන හිතක් තිබුනු මට මේ තරම් රළු තිරණයක් ගැනිමට හැකිවුයේ කෙලෙසකදැයි කියා තවමත් මම නොදන්නා තරම්ය..
එහෙත් බුද්දියට කන් දිය යුතු අවස්ථාවකදි තවතවත් හැගිම් වල වහලියක නොහැකි වු නිසාවෙන් මම තිරණයක් ගතිමි.

ඒ අප වෙන්විම සටහන් කල යුතු බවයි

අපි තිරණයක් ගමු. කවදා හෝ දවසක ඔයාගේ අම්මා මට කැමති වුනොත් අපි එදාට දෙමව්පියන්ගේ ආෂිර්වාදයත් එක්කම එක වහලක් යටට එමු. එත් අසරණ දෙමාපියන්ගේ හිත රිදවලා මට සතුටු වෙන්නේ ඔනේ නැ තරිඳු.....
ඔයාගේ තිරණ ඔයාගෙම අදහස් මට ඔයාව නතර කරන්න හයියක් නැ මොකද මම දෙපැත්තෙන්ම තැලෙනවා..හැමදේම හොද විදියට වෙයි..
සතුටින් ඉන්න.....

තොරතොන්චියක් නැතිව එකදිට කෑගහන ජංගමය දෑතට ගත්තේ නින්දත් එක්ක මා තැබු සැබැදියාවට බාධාවු නිසාවෙන් හටගත් කෙන්තියද හිතේ රඳවා ගිනිමිනි...
ඒ නොදන්නා නොම්බරයකිනි....
වරක් දෙවරක් ඇමතුමට ප්‍රතිචාර දැක්මිටමන් වැලිකි වුන් මා ඒ නොදන්නා නොම්බරයක් වුනිසාවෙනි. එහෙත් එක දිගට නොනැවති ජංගමය කෑ මොරසන් දෙන නිසාවෙන්මය...
හොලෝ...

සෂිනි.....
කවුද මේ...
සෂිනි මම තරිඳු..

ටික වෙලාවක් එක එල්ලේ හුස්ම අල්ලා ගෙන වුන් මා වදන් පිට කරගැනිමට නොහැකි වුයේ තවමත් මා සිටින්නේ හිනයක හිර විදැයි කියලා හිතා ගැනිමට නොහැකි වු නිසාවෙනි

ත...ත.. රි..ඳු... ඔයා මේ වෙලාවේ

ඔව් මට මිට කලින් ඔයා එක්ක කතා කරන්න වුවමනාවක් තිබ්බාත් එත් එකට කාලය ඉඩ දුන්නේ නැ සෂිනි..එත් මට ටිකක් ඔයා එක්ක කතා කරන්න ඔනේ.. කොටින්ම කියතොත් මට ඔයාව හම්බවෙන්න ඔනේ.. මේ හිත ඇතුලේ කියන්න හුගක් දෙවල් තියනවා සෂිනි
කියන්න හුගත් දෙවල් තියනවා.. ඒ මොනාද තරිඳු තවත් අපි කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ

ම්ම්ම්ම්.... එවා මෙහෙම කියන්න බැ සෂිනි..... වෙලාවක මම ඇවිදින් හමබවෙන්නද ඔයාව..කොටින්ම කියුවොත් මට  ආයෙත් අපි හිටය ඒ ලස්සන අතිතයට ගිහින් නවතින්න ආසයි සෂිනි...



මොහොතකට මට ආවෙ තරහක්. අතීතය එක ක්ෂ්ණීකයෙන් විදුලියක් වගේ හිත පුරා ඇඳිලා ගියා. අහස ඉරි තලාගෙන ඇඳිලා යන අකුණක් වගේ, මගේ හිත පුරාවට ඇදූනු අතීත මතකය හිත රිදෙව්වා. මට ආයෙමත් වතාවක් මම ගැනම දුක හිතුණා.කියාගන්න බැරි ආත්මානුකම්පාවකින් හිත පිරුණා. ..

අපි මොනවා කතා කරන්නද ආයෙත් තරිඳු.. හැමදේම කතා කරලා අපි විසඳුමක් අරගත්තානේ.. ඇරත් හැමදේම ඉවර වෙලා අවුරුදු 2කකට පස්සේ අපිට තවත් මොනවාද කතා කරන්න තියෙන්නේ...
ආදරෙයි වෛරයයි අතරේ තියෙන්නෙ කෙස් ගහක පරතරයක් වුනත්, මම ඒ පරතරය හැමදාම රැකගත්තා..මහ ගොඩාක් ආදරේ කරපු හිතින් වෛරයක් ගැන හිතාගන්නවත් බැරි නිසා ,හැමදේම වෙනස් වුනාටත් පස්සෙත් මම ආදරේම කළා. අවසානෙදි හති වැටිලා වැටිලා මොහොතකට නැවතුණා. මෙච්චර කාලයක් දිව්වෙ මිරිඟුවක් පස්සෙ කියලා තේරුම්ගත්තාට පස්සෙ, මට වැරදුණා කියලා තේරුම්ගත්තාට පස්සෙ, මම හිත හදාගත්තා.අන්තිමේදි ජීවිතේට මූණ දෙන්න ධෛර්‍ය ගත්තා. එහෙම හදාගත්තු හිත ආයෙමත් දෙදරවලා ගියපු මේ කෝල් එක ගැන මට ඇතිවුනේ නොරිස්සුමක්.

නැ මට ඔයාව හම්බවනේන එනේ නැ අපි හැමදේටම තිත තියලා ඉවරයි... තවත් කාලය නාස්ති කරලා ඔයා ඔයාගේ හිත පාරගන්න එපා


බුදු සරණයි...



අමාරුවෙන් වුනත් හිත ගලක් කරගෙන මම ඒ වදන් පිට කරගේ තවත් මසිත රිඳුම් වුවමනා නොවු නිසාවෙනි... තව තවත් නුඹ වෙනුවෙන් බාපොරොත්තුවක අංශුමාත්‍රයක් හො හිත තුල හටතතහොත් මම තවත් තවත් නුඹට ලෝබ කම් පා තව තවත් නුඹව යැදිමට නොහැකිය... නමුත් ධෛවයේ සරදමි නුඹ මා එකම මනුසත් කුලයේ උපදුනත් දෙආගමක සරණ ලබනා අපි දෙදනාට ‍එක සෙවණක විමට තරම් පිං නොකල නිසාවෙන්ම සියළුම බැඳිම් වලට තිත තබා මම මගේ හිත ගලක් කරගත්තේ හුදෙක් නුඹෙත් මගෙත් නොව අප දෙදෙනාගෙම දෙමාපිය හිත් රිදවිමට තිබු අකමැත්ත නිසාවෙනි..


මොහොතින් මොහොත පැයෙන් පැය දවිසන් දවස වෙනස් වුන මගේ ජිවිතේ තවත් වෙනස් වෙන්න වත් තවත් නොලැබෙන්නවත් දෙයක් නැ.. කාලයත් එක්ක සටන් කරලා මම මටම ආවේනික වුන සතුට හොයාගන්න හති දමමින් ජිවිතය පස්සේ දිව ගිය කාලය මෙතෙක් කියලා මැනලා පෙන්නන් බැරි වුනත් ඒ දිගු කාලයේ මම සතුටින් හිටි විරාමටට වඩා තනිකමත් එක්ක ඇති කරගත්ත බැඳිම දැන් විනාස කරලා දාලා ආයෙත් නුඹත් එක්ක ඒ යටගිය සබැඳියාවට අලුතෙන් ජිවත් දෙන්නට මටවත් මගේ හිතටත් දැන් වුවමනාවක් නොහැකි තරම්ය...


පන්සලක් වගේ පිරිසිදු සිතින් ඔය හිත වෙත ආදරය මම ජුජා කලේ අමාවක දාටවත් ඔය හිත අතරමග දාලා යන්න නෙමෙයි. ඒත් අපි අපිටම අයිති නැති තරමටම ධෛවය අපිට සරදම් කරද්දි පන්සලක් තරම් පිවිතුරු වුනත් මගේ පෙම නුඹ වෙනුවෙන්.. අපේ දෙමාපියන් වෙනුවන් හිත ගලක් කරගත්තේ නුපුරුදු බැඳිමට වඩා සුපුරුදු තනිකම මට අයිති වු නිසාවෙනි ඒ තනිකමට මම ආදරය කල නිසාවෙනි..


ගැහි ගැහි පණ අදින ජිවිතේට ආයෙත් අමාරුවන් හරි උස්ම පොදක් වටෙන්න ගත්තේ ඔය සුමුදු කට හඩ මගේ දෙසවන් සරසපු මොහොතෙයි. එත් හැඟිම් වල වහලියක් වෙලා තවත් මට නුඹෙත් මගෙත් ජිවිතේ සොඳුරු දවස් විනාස කරන්නට වුවමනාවක් නැ... නමුත් ජිවිතේ කෙදිනකවත් හමු නොවෙන ඉසව්වක නතර වුන නුඹත් මමත්... වෙනුවෙන් මම මගේ හිත ගලක් කරගත්තත් අද මටත් නොදැනිම මම තවත් පසකින් දුරුවල වි අවසානයි...










                *********** කළුවර හීනය*************