Friday, May 9, 2014

මගේ හදවත පැයු සඳ නුඹ

කඳුළු සක්මන් කරපු හද වෙත 
සෙනෙහසේ මුදු සිසිල තවරා
මගේ හදවත පැයු සඳ නුඹ
ආදරේ සඳ එළිය විහිදා

තබා මගේ හිස නුඹේ උරයේ
සුසුම් උණුසුම් සයුරේ නහවා
මහා මෙරක් සේ නුඹ පුදපු සෙනෙහස
කෙසෙ ලියමිද අකුරු ගලපා

පැයු ගඟනත සුපුන් සඳ නුඹ
මගේ දිවියේ අඳුර පරදා..
මියෙන තුරු හැර නොයමි නුඹේ පෙම
හදපියන් යට සෙනෙහෙ රඳවා....

-කළුවර හීනය-

6 comments:

  1. හඳ වුනත් හරි ලස්සනයි සමහර දාට.. සමහර දාට මෙලෝ රහක් නැත.

    ReplyDelete
  2. උදෙන්ම කියවා හොඳ රසවින්දනයක් ලැබුවා.

    ReplyDelete
  3. ආදරේ හරියට රිදෙනවා නේද?? ඒක හරිම ආස හිතෙන වේදනවාක්..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?