Thursday, May 1, 2014

හදක පාපොච්චාරණය....



ඈතින් හමාගෙන එන සීතල සුලන් රොද ඇඟ පසාරුකරගෙන වැඳි ආවත් මට හැර දාමා තිබු ජනෙල් පියන්පත් වසා දැමිමට තරම් සිතක් නොවිය... මම තවත් වකුටු වුවෙමි.. එහා මෙහා දිව යනා දෙඇත් විහිඳුවමින් මම තව තවත් ස්විටය තුලට රින්ගා විත් ගුලිවුවෙමි...නින්දට ඇති පේරේත කම නිසාම ඇඳෙන් බැස ගැනිමට මැලි වු මා තවතවත් වකුටු වි ගුලි වුවෙමි... දින 6ක නොකඩවා රාජකාරියෙ නියැලි ලැබෙන එකම විවේකයේ උපරිම ඵල ලබා ගැනිමට මා පුරුදු වුවේ නින්දත් සමඟ මිතුරු විමෙනි..හුඳෙක් මා දැන් එයට ඇබ්බැහි වි ඇත..... ඉර මැදියම් වන තෙක් නින්දට පුරුදු මා දහවල් වන තෙක් නිදා ගන්නේ ඉතා කෑදර කමකිනි......

වෙනදා මෙන් නොව ඇද ඇත්තේ ඉතාමත් මලානික බවක්ය..කිසිදු හැඟමකින් තොරවු ව්‍යාකුල හැඟම් සමුදායකින් මුසු වා මා උදැසන තේකෝපය සදා විත් නැවතත් ඇඳමතට ආවෙමි....සුළු මොහොතක පසු අන්තර්ජාලය ඔස්සේ අම්මාගෙන් ඇමතුමක් ගලා ආවත් එය සඳහාද ප්‍රතිචාර දැක්විම සඳහා මා මැලි වුයේ හිතේ ඇති වු ව්‍යාකුල බාවය නිසාමය... මටත් වඩා මා හොඳින් හඳුන්නන අම්මාට හට මගේ එකම එක වචන යක හො වෙනසක් ඇතිවුවහොත් දුරු රටක සිට මා තනිවි ගෙවන ජිවිතය පිළිබඳ ඇය කළකිරිමට පත්වනු ඇතයි මා තුල හටගත් බිය නිසාම ඇයගෙන් ලැබෙන ඇමතුම් සියල්ලම සදහා මා ප්‍රතිචාර නොදැක්වුවෙමි...



හිත වෙනාටත් වඩා සැලෙන්නේ අවටින් හමා එන සිතල සුළං රැලි නිසාම නොව... හදවතේ කොනකටම වි රිදුම් දිදි කෑගසනා සිතුවිල්ලකට සිරවි මා මගේ හැඟිම් ගනන් කිරිමට පටත් ගත්නිසාවෙනි... දින සති මාස අවුරුදු ගනනක් තනිවම ජිවත් වුවත් තමන් වෙනුවෙන් ජිවත් වෙන තවත් එක්කෙනෙකු හෝ හදවතට දැනෙන නිසාමත් මේ සුපුදුරු කාර්යයබහුල ජිවන රටාවට හුරුවි හිතේ අකමැත්තට නොවුවද මා දින ගෙවමින් ජිවත් වන්නේ තවමන් වෙනුවෙන් ජිවත් වෙන තමන් එවුන්ගේ හිත රිද්දිමට මා තුල ඇති අකමැත්ත නිසාමය....ඇත්තටම හිත තුල ඇත්තේ ආදරණිය හිඩැසකි... තමන්ගේ වෙනුවෙන් ජිවත්වෙන... තමන් වෙනුවෙන් ජිවතය බෙදාගැනිම සැරසෙන ආදරණියයන් හිඩැස දැන් තව තවත් වැටියෙන් දැනෙන නිසාවෙන්ම වෙනදා පෑනට ඩයරියට වෙන්වු මගේ විවෙක කාලය අද ගෙවි යන්නේ නින්දත් සමඟ මිතුරු විමෙනි

මෙකෙත් යැයි මැනිය නොහැකි සගර ගැඹුරු සිසාරා දිවයන සිතුවිලි තවත් තවත් මා පෙළඹවන්නේ මලානික සිතුවිලි එකතු කිරිමටයි... පන්හිදට පත්ඉරුවෙන් මටත් නොදැනි ඈත් වු මට මාවද අමතකර කරවන තරමට ජිවිතය තුල කාරයයබහුල වු මා නැවතත් පණ ලද්දියක සේ අකිකරු අකුරු ගැලපිම යෙමු කරනු වස් මේ මලානික සිතුවිලි සියල්ල ලියා දැමිමට මා තුල චකිතයක් හට ගත්තේ මටත් නොදැනිම මගේ අකුරුතුලින් මා එලියට ඒ දෝ බිය හිතේ හටගත් නිසාවෙනි.. එහෙත් ඒ සිතුවිලට එරෙහි වුමා අකිකරු අකුරු ඇහිදා මේ සටහන ලියා තබන්නේ අද මවිසින් මගේ සිතටම පරාද වු එකියක සේය...



එදා මෙන් නොව කාලය බොහොසේ වෙනසවි අවසන්ය.... රූවින් පමණකන්ම නොව සිතන සිතුවිල්ලෙන්ම පවා මා වෙනස්වි ඇති මට පසක් වුයේ අද ඊයේ නොව.... එයට හේතුව මා ජිවිතය තුල බොහො කාරයයබහුල විම වියහැක නැතහොත් සියල්ල අතහැර දමා දුරු රටක වි තනියෙන් ජිවිතය ගෙවන නිසාවෙන්ද විය හැක... කෙසෙවෙතත් අවට හමනා සීත සුළන් රෑල්ලට පවා කිලිපොළා නොගියපු මගේ සිත මෙතරම් ව්‍යාකුල වුයේ ඇයි දැයි කියන්නට මමත් නොදන්න තරම්ය.



ඇතැම් වෙහෙසකර දිනයන්හිදි කිසිදු හැඟිමකින් තොරවම දෙනෙත් තෙමමින් උණු කඳුළු ධාරාවන් දෙඇස් අගින් ගලා යන්නේ සොඳුරු අතිතයේ මටම උරුම වු සිනහව සොඳුරු වදන් හා දඟකාර අතිතය අද මා සමඟ නැති බව මටම පසක්වෙන නිසාය...බොහො වෙහෙසෙකර ඇතම් දිනයන් නිදියහන මත කදුලින්ම ගෙවෙන්නේ විටෙක රිදුම් දෙන මස්පිඩු වලට වඩා මේ රිදුම් දෙන තනිකඩ ජිවිතය බොහො දරුණු නිසාවෙනි...





එදවස් මෙන් නොව.. නිසවසේ මා තිනව වෙනසෙන සැම දිනයක් පසාම කණ කීරිගසන සද්දෙන් සංගිතය ඇසිමය පුරුදු වු මා දැන් ඉඳ හිටකදිවත් ගීතයක් ඇසු කාලයක් මතකයේ කොනකවත් නැත....ඉඩක් ලැබෙන සැම මොහොතක හො අලුත් පොතක් පතක් කියවම විනොදාංශය කරගත් මා දැන් ඉඳහිටකදිවත් පුවත් පතක් වත් නොකියවන්නේ ඇයි දැයි කියන්නට නොදනිමි... කොදිනකවත් මවිසින් මාවම වෙනස් නොකර ගන්නා ලෙස මසිතටම තහන්චි දමා තිබු මා මෙතක් වෙනස්වුයේ ඇයි දැයි කියන්නට නොදනිමි.. සමහර වි මට නොදැනිම මා ජිවිතය තුල අතරමන් වි ඇත.. යලිත් කිසිදු දිනයක නුපදින ලෙස මා මාගේ ජිවිය මාරා දාමා ඇතිදො කියා බියක් සිතේ නැතුවාම නොවෙයි...




මවිසින් මසිතම මරා දැමුවත් මම මේ වෙහෙසර දිවියට ඇළුම් කරමි ඒ මන්ද යත් මා මාතුලම දැන් ජිවත් වන නිසාවෙනි
කළුවර හීනය

12 comments:

  1. හයියෝ!!! මොකෝ මේ! ජීවිතය විදින්න.. විදවන්න එපා

    ReplyDelete
    Replies
    1. විඳින්න තිබ්බත් මම දැන් නොදැනුවත්වම ජිවිතය විදවනවද කොහෙද :/

      Delete
  2. නින්ද..මොනතරම් සුන්දරද.. කවුරු මොනා කීවත් නින්ද විඳින්න මට තියෙන පෙරේතකමනම් කවදාවත් නැතිවෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මමත් දැන් නින්දට හුඟක් පේරෙතයි :)

      Delete
  3. උඹට බොක්ක කූල් වෙන්නම වැදිල වගේ.. ගනං ගන්න එපා.. ඕනවට වැඩිය හිතන්න එපා බොල

    ReplyDelete
    Replies
    1. හිතන්නැතිව ඉන්න බැනේ හිතන්නේ නැතිව ඉන්නකොට ඉබෙටම හිතෙනවා ;)

      Delete
  4. හුදකලාව යනු නිර්මාණකරනයට තොෝතැන්නකි. නියැලෙන්න නිර්මාණාත්මක දේ දෙසට. අවසන හොදම නිර්මාණ එකතුවක් ලැබේවි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත නලියෝ

      Delete
  5. තනිකම මිනිස්සුන්ව ගොඩක් වෙනස් කරනව..

    ReplyDelete
  6. හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ කිව්වට, තනියෙන් යන දුරක් අර්ථවත්!! :) විශ්වාසයෙන් කියන්නෙ අක්කේ!

    ReplyDelete
  7. මුදකලාව නිර්මාණකරණයට මහ අපූරු තැනක්. ඒ හුදලාව ඔස්සේ ගලන සිතුවිලි කදිමයි

    ReplyDelete
  8. ලෝකයේ තියන ලස්සනම කලාව හුදකලාව කියනවනේ නේද??මමත් ඔබ වගේම හුදකලාව විඳින කෙනෙක්.ඒක හරිම රසවත්.විඳවන්නෙ නැතිව විඳින්න පුළුවන්නම් හුදකලාව නිර්මාණකරණයට තොතැන්නක්.....

    කාංචනා

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?