Friday, April 25, 2014

ආදරේ විඳවන තරම්




සෙනෙහෙ හද තුල හිර කරන්
කඳුළු දෑ‘සඟ ගුලි කරන්
මැවෙන නුඹේ රුව හෙමින් කොඳුරයි
කඳුලේ රැඳි දුක කොයි තරම්

ගැහෙන පපුවට කන තියන්
නැගෙන සුසුමන් අහුලමින්
ඇසෙන නුඹේ හඩ සෙමින් මුමුණයි
හිතක රැඳි දුක මොන තරම්

පාට හීනෙක දැවටෙමින්
රැඳුණු මතකය ගලපමින්
දකින නුඹේ සිත තවත් පවසයි
බිදුණු හිත හැඩවුණු තරම්

වෙන්ව ගිය හීත ඇතට මගෙන්
කඳුළු තුල හිත නහවමින්
මැරුණු නුඹේ පෙම අදත් කොඳුරයි
ආදරේ විඳවපු තරම්....



-කළුවර හීනය-

7 comments:

  1. ලස්සන මෙලඩියක් තියෙනවා. එකම බීට් එකට යනවා..හරි ලස්සනයි.

    ReplyDelete
  2. ලස්සනයි බං..ගැහෙන පපුවට කණ තියන්

    ReplyDelete
  3. හරිම ලස්සනයි. අදයි ආවෙ.

    ජය පතමි!

    ReplyDelete
  4. හරිම ලස්සන පද පෙළක්.....

    ReplyDelete
  5. හරිම ලස්සන පද පෙළක්.....

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?