Friday, April 25, 2014

ආදරේ විඳවන තරම්




සෙනෙහෙ හද තුල හිර කරන්
කඳුළු දෑ‘සඟ ගුලි කරන්
මැවෙන නුඹේ රුව හෙමින් කොඳුරයි
කඳුලේ රැඳි දුක කොයි තරම්

ගැහෙන පපුවට කන තියන්
නැගෙන සුසුමන් අහුලමින්
ඇසෙන නුඹේ හඩ සෙමින් මුමුණයි
හිතක රැඳි දුක මොන තරම්

පාට හීනෙක දැවටෙමින්
රැඳුණු මතකය ගලපමින්
දකින නුඹේ සිත තවත් පවසයි
බිදුණු හිත හැඩවුණු තරම්

වෙන්ව ගිය හීත ඇතට මගෙන්
කඳුළු තුල හිත නහවමින්
මැරුණු නුඹේ පෙම අදත් කොඳුරයි
ආදරේ විඳවපු තරම්....



-කළුවර හීනය-

Friday, April 11, 2014

කඳුළු හිනැහෙයි සරදමට අද




නෙතු සිඹින මුතු කඳුළු පිණිකැට 
හිනැහෙවි මට සරදමට
මතක ඇවිදින් හෙමිහිටම
දෙනෙත් තෙමමින් හඩනකොට

සිත සිඹින පෙම් සිල් සුවඳ 
රිදෙන සිත තව දවන කොට
නෙතු සිඹින පුරසඳත් රාහසෙම
හිනැහෙයිද අද සරදමට මට

රෑයම නිදිවරා වෙහෙසෙන
පාරනා දෙනුවන් යටම හිඳ
කඳුළු ඇවිදින් ඉකිබඳින විට
නවාතැන විය බිඳුනු ම‘හදවත

මතකයන් ගෙන දෝතටම
කඳුළු අතරින් නුඹ සොයන විට
හිතින් සැලෙනා එකඳු සුසමෙත්
නුඹෙ පෙම ඇත සැඟව රහසෙම

අඳුරු අහසේ කළු වළාවක
පාව ආ සඳ එළි එකරන්නට
දෙනෙත් විවරව බලමි ගගනත
එකඳු තරුවක් ඇතිද තනියට


කළුවර හීනය