Thursday, March 20, 2014

ඉතින් යන්නද දුරට වෙන්වි නුඹෙන් ඇතට වෙන්වෙලා



අළුත් කඳුලක් ඇවිත් හෙමිහිට මතකයන් ලඟටම වෙලා
කිසිත් නොකියා හඩන මගේ හිත ලඟම හෙමිහිට නැවතිලා
පරණ කවියක් අළුත් කරමින් අකුරු එකිනෙක ගලපලා
මතක මන්දිර හෙමින් අහුලන් කඳුළු කවිකම් ලියැවිලා

පාවේලා ආ පිහාටුව යට නුඹේ සුසුමන් තවරලා
ගෑවිලා ආ සුසුම් පිණි කැට අළුත් වැස්සේ සැඟවිලා
කාලෙකින් හමනා සුළං රොද කොහෙදො අද සැඟවිලා
යයිද දුර යයි කිසිත් නොකියම මතකයන් ගෙන වෙන්විලා

ඈත මතකයේ රැඳුනු සෙනෙහස යලිත් හදවත සරසලා
මතක කඳවරු අතර හෙමිහිට මගේ හද අද නැවතිලා
නුඹේ දෙතොලට දෙතොල යා කල සුවඳ හදතුල රඳවලා
ඉතින් යන්නද දුරට වෙන්වි නුඹෙන් ඇතට වෙන්වෙලා

 කළුවර හීන

1 comment:

  1. පද ටික ලස්සනට ගලපලා........///ඉතින් යන්නද දුරට වෙන් වී නුඹෙන් ඈතට වෙන් වෙලා///.......ටිකක් දුකින් කීව දෙයක් ‍වගේ.මොකද කැමැත්තෙන් යන අය යන්න අවසර පතන්නෙ නැහැනෙ........

    කාංචනා

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?