Thursday, March 27, 2014

යලිත් නොඑන්නම නුඹ දුර ගියා මතකයිද




මල් පිපිණු හිමිදිරියේ හමුවුණා මතකයිද
සීතලම ගං ඉවුරේ හිනැහුනා මතකයිද
දුක රැදුණු හැන්දැවේ වෙන්වුනා මතකයිද
යලිත් නොඑන්නම නුඹ දුර ගියා මතකයිද


නිල් අහස් වියන යට නද දිදි හිනැහිලා
ගී ගැයු සියොතුන්ගේ ගී නදට මත්වෙලා
නුඹේ පෙම දොතින්ම රැගෙන මම සැනසිලා
හිටිය හැටි මතකයිද ඔය හිතට ලං වෙලා


දුක්බරම හැන්දැවේ ඔය සුවඳ සිහිවෙලා
තෙමුනු හැටි මගේ නුවන් කඳුළු බිඳු ඉඟිකලා
සමුඅරන් නික්ම ගිය නුඹෙ මතක අහුලලා
මම ලියු කවි අහුරු පිටු අතර සැඟවිලා


සොඳුරු මඟ හිර වෙච්ච නුඹේ මතක අහුලලා
ගී සැයකට ලියමි මගෙ සෙනෙහෙ ගලපලා
යලිත් නුඹ නොඑන්නම වෙන්ව ගිය මඟ බලා
දකින්නට වෙර දරමි සොඳුරු සිත සැඟවිලා




කළුවර හීනය

1 comment:

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?