Monday, March 17, 2014

මේ තනිකම මඟහරිනු කෙලෙස



නින්ද නොයන පාළු රැයක
නුඹ ඇවිදින් මගේ සිතවෙත
ඉතින් කියන් පාළු කඳුල
දුක අතහැර යන්නේ කොහොම

වැටෙන වැටෙන හැම කඳුලම
දුක පමණක් උහුලනකොට
මට කියපන් පුංචි කඳුල
තනිකම මඟ හරිනු කෙලෙස

රෑ හිනෙට පායන සඳ
පාට පාට හීන අතර
නුඹ ඇවිදින් සැරිසැරුවත්
හෙටක් නොවයි හෙට ම‘හදට


-කළුවර හීනය-

3 comments:

  1. ලස්සන කවි සංකල්පනාවක්..............

    ReplyDelete
  2. සරලයි අනර්ගයි..

    ReplyDelete
  3. පුංචිම පුංචි අදහසක් ගැමුරු අරුතක් දක්වා විහිදුවීම ඔබේ කවි වල මා දකින විශේෂයක්.

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?