Friday, March 7, 2014

අරන් යන්නට දෙන්න අවසර - පෙමක් ලඟ මැව් සිහිනේම


අදුරු වළාවන් පාවෙලා‘විත් - සිත හොරා ගෙන රහසෙම
නිහඩ මඟ තොට මතක කඳවුරු - වැලලිලා මට නොකියම 
පාවෙලා ආ සිතුම් වැල් වල - වියො දුක ඇත හොඳටම 
ඉතින් අවසර පතමි මම අද - නුඹෙන් වෙන්වි යන්නම 



කදුළු ඇවිදින් හිර කරයි නෙතු - වාව ගනු බැරි හින්දම 
පෑයු ඉර මල මලානිකවි - දුක දරා ගනු බැරි හින්දම 
මතක මැදුරත් ඔහේ පාවෙයි - පෙමට පිදු හිත නමටම 
ඉතින් වෙන්වෙමි තවත් නොහඩා - නුඹෙන් වෙන්වි දුරටම 



කන්ද පිරිමැද පායලා ආ - සඳත් අද නොකියම 
කඳුළු දොවමින් දෙඇස් තෙත්කර - ගිහින් අද දුරටම 
වාන් දමනා දුක් සුසුම්වැල්- තබා උගසට රහසෙම 
අරන් යන්නට දෙන්න අවසර - පෙමක් ලඟ මැව් සිහිනේම

2 comments:

  1. " වාන් දමනා දුක් සුසුම්වැල්- තබා උගසට රහසෙම
    අරන් යන්නට දෙන්න අවසර - පෙමක් ලඟ මැව් සිහිනේම "

    ReplyDelete
  2. දුරට යන්නට සිතමි ඔබමෙන්
    දිනෙන් දින තව ළංව එයි
    කරමි අමතක සිතමි හැමවිට
    සිහිනෙනුත් ඔබ මගෙ ළඟ.............ලස්සන පද ටික

    කාංචනා

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?