Friday, February 28, 2014

ඇවිත් යනවාද මගේ හිනෙට හාදුවැස්සේ නහවලා




පිපි හිනැහෙන කඳුළු මල් වල නුඹේ රුව ඇත සැඟවිලා
නිවි දැල්වෙන පහන් සිල ලෙස හදේ කොනකම රැඳවිලා
දැවි නොදැවෙන ගිණි පුපුරු ලෙස නුඹේ මතකය ඇවිලිලා
සැලි නොසැලෙයි මගේ තුන් හිත මතක මන්දිර කළඹලා

හදේ කොනකම සැඟව හිනැහෙුන නුඹේ මතක අහුලලා
තවත් ලියනෙමි පද අහුරු ගෙන අපේ සෙනෙහස ගලපලා
එබි හිනැහෙන ඒ පුරුදු සුව තවත් වරුවක් හඩවලා
යයිද නුඹ අද මතක මාවතේ මගේ හදවත රිදවලා

සිහින සිතුවිලි පිපි හිනැහෙන ආදරේ පැතුමක් වෙලා
නීල දෙනුවන් හීනි කරමින්  මගේ හීනයේ හීනැහිලා
තවත් කඳුලක් දෙඇස් තෙමමින් ඇස් දාර මත නැවතිලා
මටත් නොකියම ගිලිහුනේ අද නුඹේ මතකය දියවෙලා

කොපුල් මත මුදු සෙනෙහෙ පහසින් දකින හිනෙට වෙලා
ඉතින් ඉන්නට නොමැත අවසර නුඹේ අසසේ හිනැහිලා
පාන ඉඟි බිඟි නුරා බැල්මන් තවත් මතකය පාරලා
ඇවිත් යනවාද මගේ හිනෙට හාදුවැස්සේ නහවලා




කළුවර හීනය





6 comments:

  1. lassanayi ban... me jivithe harima amuthu thanaka api kawada hari nawathivi... thakan jivthe shakthimath karaganna puluwan nan api dinum.. lassanai ...digatama liyapan

    ReplyDelete
  2. ලස්සන කවියක්.. ටික දවසකින් කතාවක් එහෙම ලිවුවේ නෑ නේද?

    ReplyDelete
  3. හරිම ලස්සන නිර්මාණයක්......

    ජය වේවා......

    ReplyDelete
  4. dukin pirunama kandulu awath deneth asse nehevila...
    yalith sinaha negenu niyathaya wasath samayak lan wela..

    jaya!!!! sathutin inna amaruwen wunath!

    ReplyDelete
  5. ගොඩක් ලස්සනයි...

    ReplyDelete
  6. විරහ දැනෙන කවියක්. ගීතවත් බව වැඩියි.

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?