Friday, February 14, 2014

මනමාලි......

කුස්සියේ වැඩ ඉවර කරනවාත් සමඟින් කිරි තේ කොප්පයක් සදාගෙන මම කාමරය වෙත ඇඳුනෙමි

නදිර තවමත් නින්දෙය... ඇහැරවන්නට ලෝබ කමක් හට ගත්තද තවත් ඔහු නින්දෙහි පසුවුවොත් ප්‍රමාද වෙන නිසාවෙන්ම මම ඔහු කුද්දන්නට සැරසුනෙමි

‘‘ නැගිටින්න මේ තේ එකත් ඇල් වෙනවා... තවත් නිදාගත්තොත් පරක්කු වෙයි‘‘

 වේලාව කියද?? 

හයයි කාලයි දැන් නිදාගත්තා ඇති නැගිටින්න

ඔහු කිසිත් නොකියාම ඇඳෙන් බැස ගියේය

පෙර දා රාත්‍රිෙය් මවිසින් ස්ත්‍රික්ක කර පිලියෙල කර තිබු සුදුවට හුරු කමිසය හා කළු කලිසමත් ඊට ගැලපෙන ටයි පටියත් ඇඳ උඩට තබා මම නැවතත් කුස්සිය දෙසට ඇදුනේ නදිරගේ කෑම පෙට්ටිය සැකසිම සදහායි

  ‘‘කෑම එක මේසය උඩින් තිබ්බා .....අදත් එන්න පරක්කු වෙනවාද‘‘

‘‘කියන්න බැ‘‘

පුළුවන් නම් කලින් එන්න බලන්න අද සවසට සුදු අම්මලා එනවා කියුවා


‘‘බලමු එත් ෂුවර් කරන්න එපා ඔෆිස් එකේ වැඩ හෝගාලා‘‘


මම කිසිත් නොකියුවෙමි... ඒ ඔහුගේ සියළු වුවමනාවන් වලට වඩා ප්‍රමුඛ ස්ථානය ඔහුගේ රජාකාරි කටයුතු වලට ඔහු ලබා දෙන බව මා දන්නා නිසාවෙනි

තවමත් ඔහු ඇත්තේ පෙරදා රාත්‍රිෙය් අපර අතර ඇති වු බහින් බස් විම නිසා හට ගත් කෝපයෙන් විය යුතුය.. කිසිදු වෙනසක් නොපෙන්වා මම

හම්ම්ම් එන්න බලන්නකො .....



කාරය පණ නන්වන හඩ ඇසෙනවාත් සමඟන් හදවත පතුලෙන් විදුලියක් කොටන්නාක් මෙන් දැනුනේ වෙනදා නලලත සරසන ඔහුගේ උණුහුම් හාදුව පවා අද ඔහු අමතක කල නිසාවෙනි
හිත තුල ච්ංචල සිතුවිලි සමුදායක් පැන නැගුනට මටත් හොරෙන් මගේ දෙනුවන් සිතල වුයේ මේ වරක් දෙවරක් නොව කිහිප වතාවකටත් වැඩි වාරයක් සිදුවු නිසාවෙයි

මෙවැනි සිදුවිමක් වු පළමු අවස්ථාව නොවුනද මේ මෙවැනිම සිදුවිම් වෙන අසවන් ආවස්ථාවද නොවනු ඇත....මිට පෙර කිහිප වරක්ම ඔහු හා මා අතර මෙවැනිම සිදුවිම් රාෂියක් සිදුවුද මෙය තවත් එකක් පමණක් යැයි සිතා මම හැම විටම හිතා හදා ගන්නට උත්සහා කලෙමි...

ඔහු වෙනස්වි අවසන්ය... මම එය පිලිගනිමි සියල්ල ඉවසා සිටිනා ස්වාමි දියිණයක් විමට මට තවත් නොහැකිය.. යම් ගැහැණියකු අසිමිතව ඉවසයි ද ඒ ඇයගේ ඇති හුදෙක් පති භක්තිය මිස ඇය ජිවිතය හමුවේ තම ස්වාමියා හමුවේ පහත් වුවෙකු නොවනු බව ඔහු පිලිගතයුතුමය

නමුත් දිනෙන් දින සිදුවන අඩදඹර හමුවේ මාගේ ඉවසිමේ වුවද යම්තාක් සිමාවක් ඇති බව මම මසිතටම දැන් දැන් තෙරුම් කරදෙන්නෙමි....


මංගල තැලි රන් පේරු අස්ව කරත්ත බරට ම මඟුල් ගෙන ගමට ආරාධනා කර හරි උජාරුවට පති කුලයට පිවිසුනත් ජිවිතේ යම් යම් අවස්ථා හමුවෙ සැලෙන සිත නොසැලෙන අයුරින් මා මසිතටම යම් යම් තහන්චි දමා සිටින්නේ මගේ ජිවිතයට එක ඉරිතැලිමක් හො පැමිණෙනවාට ඇති අකමැත්ත නිසාමය...

සල්ලි යාන වහාන අතට පයඩ වැඩකාරයො යස ඉසුරු තිබුනත් සිනහාව වියැකි ජිය ජිවිතය මිලක් නියම කිරිමට කාසි කොලවට නොහැකි බව මම තෙරුම් ගත්තත් එය නදිරට තෙරුම් ගැනිමට නම් තවත් බෝහො කාලයක් ගත වනු ඇති....වරක් දෙවරක් නොව කිහිප වරක්ම අතර ඇති වු අඩ දඹර වලට මුලික හේතුව ඒය වුනිසාම කොතෙක් ඔහුට එය වටහා දිමට මා උත්සහා කලත් එය ඵලක් නොවන්නක් මට මට පසක් වු නිසාම දැන් දැන් කුමක් සිදුවුද ‘පෙරලෙන අත සැපයි‘ යැයි සිතා මා ඉවසා සිටින්නේ කිසිවක් කිරිමට නොහැකි නිසාම නොව මවිසින් උඩ බලාගෙන කෙළගසා ගත්හොය ම‘ මුවම තෙත කරන බව මා දන්නා නිසාවෙනි.....





5 comments:

  1. ලස්සන කතාවක් හොද අර්ථයක් තියෙනවා.

    අපිත් එක්කත් එකතු වෙන්න http://sinhalahelp.com

    ReplyDelete
  2. උඩ බලන් කෙල ගහ ගන්නෝනි නැහැ කියල හැම දේම ඉවසන්න පුලුවන්ද

    කතා කරල විසද ගන්න බැරිද

    ReplyDelete
  3. බොහොම රසවත් අයුරින් ලියා තිබෙනවා.ජය පතමි!

    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
  4. බැද ගත්ත බෙරේ ගහන්නත් එපෑ යි !!!

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?